~

දුටු තැන අල්ලනු..! රාජිතට වරෙන්තු..! රාජිත - රතන - හල්ලොලුව හැංගිලා..! තිදෙන කොතැන හැංගීම ගැන අපූරු කතාවක්..!!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.12, ප.ව‍.8.20) දුටු තැන අල්ලන ලෙස රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසිනි.

නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් දෙකෝටි හැට දෙලක්ෂකයකට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම රාජිත සොයන්නේ දැන් මාසයකට අධික කාලයක් තිස්සේ ය. 

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බව දන්වමින් කොමිසම මීට පෙර අවස්ථාවකදී මෙම අධිකරණයෙන්ම වරෙන්තුවක් ඉල්ලා සිටි විට දී අධිකරණය ප්‍රකාශ කෙළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බැවින් රාජිත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අවස්ථාවේ දී අධිකරණය වරෙන්තු නිකුත් කෙළේ නැත.

ඉන්පසු රාජිත අධිකරණ කිහිපයකටම ගොස් අපේක්ෂිත ඇප අයැදුම් කළ ද ඒ අවස්ථාවන් සියල්ලේ දී අපේක්ෂිත ඇප ලබා දීම අධිකරණ ප්‍රතික්ෂේප කෙළේ ය.

අතුරලියේ රතනත් හැංගිලා..

තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතුරලියේ රතන ද අත් අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටී. ඔහු ද මේ වන විට ඉන්නේ නීතියෙන් සැඟවිලා ය. රතන සොයන්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයක දී 'අපේ ජන බල පක්ෂය' ට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය තමන්ට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ ලේකම්ව සිටි වේදිනිගම විමලතිස්ස නමැති හිමි නමක පැහැරගෙන ගොස් මරණ තර්ජන එල්ල කිරීමේ අපරාධයකට ය.

තුසිත හල්ලොලුවත් හැංගිලා..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි තුසිත හල්ලොලුව නමැත්තා ද මේ වන විට සියලු දුරකථන විසන්ධිකර ඉන්නා තැන්වලින් ද පලා ගොස් සැඟව සිටී. ඒ ඔහු ගමන් ගත් වාහනයකට නාරාහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තබා ඔහු සතු වටිනා ලිය කියවිලි පැහැර ගත්තා යැයි ඔහු විසින්ම රඟ දැක්වූ නාටකයට අවශ්‍යව ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් පොලිසියට දුන් ප්‍රකාශ අනුව එකී සිද්ධිය තුසිත හල්ලොලුවගේ අනුදැනුම මත සිදුවූවක් බව හෙළි වී තිබේ.

හල්ලොලුව විසින් ජනාධිපති අනුර සම්බන්ධයෙන් අවලාද රැසක් නැගූ අතර ඊට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට සීඅයිඩිය ක්‍රියා කරද්දී අනුර සම්බන්ධ සාක්ෂි සහිත ලිපි ගොනු වෙඩි තබා පැහැර ගත්තා යැයි  ඔහු අසාර්ථක නාටකයක් රඟ දැක්වූයේ ය. ඔහුට පාරාවළල්ලක් වී තිබෙන්නේ 'අහක තිබෙන ගූ තලියක් පස්සා පැත්තේ තබා ගැනීමේ' එම සිද්ධිය යි.

තිදෙන කොතැන හැංගීම ගැන  විචාරකයා කී අපූරු කතාව..

මේ තිදෙනාගේ සැඟව සිටීම සම්බන්ධයෙන් කොළඹ සිටින දේශපාලන විචාරකයෙක් ලංකා ඊ නිව්ස් කළ විමසීමක දී අපූරු කතාවක් කීවේ ය.

"රාජිත කියන්නේ වෙස්මූණූ දමාගත් අයත් එක්ක ඇවිල්ලා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් පවා පවත්වපු කෙනෙක්. ඒ පුරුද්ද අනුව රාජිත වෙස්මූණක් දමාගෙන හැංගිලා ඇති. 

රතන කියන්නේ කොහොමටත් රෑට රෑට ගිහියෙක් වගේ වෙස් වලාගෙන අවේලාවේ වීදි සංචාරයේ යෙදුනු කෙනෙක්. පුරුදු දේනේ, මිනිහත් දැන් ගිහියෙක් වගේ වෙස්වලාගෙන ඇති. කොණ්ඩෙ රැවුල වවපු, කලිසම් ෂර්ට් අඳින, ගෑණියෙක්ට තුරුළු වෙලා යන එන, 'රතනපාල' වගේ නමක් තියෙන කෙනෙක් වගේ කෙනෙක් ගැන හිතලා බලන්නකෝ. 

හල්ලොලුව කියන්නේ කාලයක් පන්සලක හිටපු ඇබිත්තයෙක් නේ. ඉතින් මිනිහා හාමුදුරුවරුන්ගේ ඇවතුම් පැවතුම් ගැන හොඳටම දන්නවානේ. ඒ නිසා මෑන් තට්ටේ ගාලා, සිවුරක් දාගෙන හාමුදුරු කෙනෙක් වගේ පෙනී ඉන්නවා ඇති. සමහරවිට රතන ගලවපු සිවුරද දන්නෙ නෑ මෑන් අඳින්නේ. හැබැයි මෑන්ට නම් සිවුරක් දාගෙන වුනත් හැංගිලා ඉන්න ටිකක් අමාරුයි. කට ඇරිය ගමන් අහු වෙනවා. මොකද මිනිහා ගොතයිනේ..! මට නම් ගොත ගහන හාමුදුරුවරු ජීවිතේට හම්බ වෙලා නෑ..!!!"

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-08-12 15:05:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links