~

අන්ත්‍රාවයි..! බලුකිස්තාන ත්‍රස්තවාදීන්ට ඉන්දියානු ගමන් බලපත්‍ර ලබා දීලා..! ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට කාල බෝම්බයක් විය හැකියි..!

-LeN හි ඉංග්‍රීසි සංස්කරණයේ ආරක්ෂක වාර්තාකරු ලියූ විශේෂ වාර්තාවක් සිංහලට නැගුවේ චන්ද්‍රප්‍රදීප්

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.12, ප.ව‍.11.30) එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන ලද සටන්කාමී කණ්ඩායමක් වන බලුකිස්තාන විමුක්ති හමුදාවේ Balochistan Liberation Army (BLA) සාමාජිකයින්ට ඉන්දීය රජයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බව ලංකා ඊ නිව්ස් විසින් තහවුරු කරගෙන තිබේ. ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බැවින් ඉහත තහවුරු වීමත් සමග ශ්‍රී ලංකාවට බරපතල අනතුරු දායක තත්ත්වයක් ඇති කර තිබේ.

ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර මඟින් BLA ක්‍රියාකාරීන්ට දිවයිනට අසීමිතව ඇතුළු විය හැකි බැවින් රටේ අස්ථාවරත්වය සඳහා එමගින් නව 'සෙවනැලි බලවේගයක්' නිර්මාණය කළ හැකි යැයි ආරක්ෂක අංශ බිය වෙති. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වල දී ඉන්දියාවේ ඓතිහාසික වශයෙන් සංකීර්ණ භූමිකාව ද  සැළකිය යුතුය. පාකිස්ථානයේ චීන ජාතිකයන් සහ උපායමාර්ගික චීන ව්‍යාපෘති ඉලක්ක කරමින් සිදුකළ BLA හි කුප්‍රකට වාර්තාවන් ගැන කොළඹ බලධාරීන් වහාම සැලකිලිමත් විය යුතුය. මන්ද යත් කලාපීය භූ දේශපාලනයේ දී ඉන්දියානු - චීන එදිරිවාදිකම්වල දාම් පෙතේ ශ්‍රී ලංකාව ඉත්තෙකු වන නිසා ය.

වොෂින්ටනයෙන් රතු එළියක්

මෙම සතියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ ත්‍රස්ත සංවිධාන (FTO) ලැයිස්තුවට BLA සහ එහි මරාගෙන මැරෙන ප්‍රහාරක අංශය වන 'මජීඩ් බළකාය' (Majeed Brigade),  නැවත ඇතුලත් කරන ලද අතර, මජීඩ් බළකාය යනු දැන් නිල වශයෙන් BLA හි ම අන්වර්ථ නාමයක් ලෙස පිළිගෙන ඇත. මාරාන්තික ප්‍රහාර මාලාවකින් පසුව, විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදී -Specially Designated Global Terrorist (SDGT) ලැයිස්තුවේ 2019 සිට BLA නම සඳහන් ය.

එතැන් සිට, එහි ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග උත්සන්න වී ඇත. 2024 දී, කරච්චි ගුවන් තොටුපළ සහ ග්වාඩාර් වරාය අධිකාරී සංකීර්ණය Gwadar Port Authority Complex අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වය සඳහා 'මජීඩ් බලකාය' වගකීම භාර ගත්තේය. එම ස්ථාන දෙකම චීනයේ අනුග්‍රහය ලබන පකිස්ථානයේ ඇති සංවර්ධන කොරිඩෝවේ උපායමාර්ගික වැදගත්කමක් ඇති ස්ථාන දෙකකි.  ක්වෙටා Quetta සිට පෙෂාවර් Peshawar දක්වා ගමන් කරමින් තිබූ මගී දුම්රියක් වන 'ජැෆර් එක්ස්ප්‍රස්' Jaffar Express දුම්රිය 2025 මාර්තු මාසයේදී BLA ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් එහි ගමන් කරමින් සිටි මගී සිවිල් වැසියන් සහ ආරක්ෂක නිලධාරීන් 31 දෙනෙකු ඝාතනය කළ අතර, මගීන් 300 කට වැඩි පිරිසක් පැය ගණනක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්හ.

ශ්‍රී ලංකාවට ඇති අවදානම..

නීත්‍යානුකූල ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර මගින් BLA ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාව න්‍යායාත්මකව විය නොහැකි යයි සමහර විශ්ලේෂකයෝ කියති. නමුත් ශ්‍රී ලංකාව යනු කලාපයේ නීත්‍යානුකූල මෙන්ම සහ නීති විරෝධී විවිධ  ක්‍රියාකාරීන් සඳහා ප්‍රසිද්ධ සංක්‍රමණ ස්ථානයක් බව අමතක කළ යුතු නැත. සංචාරක ව්‍යාපාරය සහ වෙළඳාම නංවාලීමේ අරමුණින් ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා රහිතව රටට ඇතුළු වීමට ඉඩ දීමෙන් නොදැනුවත්වම හෝ ත්‍රස්තවාදීන් සඳහා ද මාර්ගයක් විවෘත විය හැකිය.

පාකිස්ථානයේ BLA ප්‍රහාරවලින් නැවත නැවතත් ඉලක්ක කර ඇති චීනය ශ්‍රී ලංකාවේ විශාලතම යටිතල පහසුකම් ආයෝජකයා වේ.  BLA ත්‍රස්ත ජාල ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වුවහොත්, ලංකාවේ චීන රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද, වරාය සහ විදුලි බලාගාර ව්‍යාපෘතිවල ස්ථානගත කර ඇති චීන ඉංජිනේරුවන් සහ චීන ඉදිකිරීම් කණ්ඩායම් වලට ද  Belt and Road මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති වලට ද  සෘජු තර්ජනයක් එල්ල විය හැකිය.

නම හෙළිකළ නොහැකි ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා බුද්ධි නිලධාරියෙක් මෙසේ පැවසීය:

“BLA සාමාජිකයින් සඳහා ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ මෙම වාර්තා නිවැරදි නම්, එයින් අදහස් වන්නේ ඉන්දියානු නිල ලියකියවිලි සමඟ ඔවුන්ගේ 'සෙවනැලි බලවේග' අපගේ පිටුපස මිදුලේ හොල්මන් කරනු ඇති බවයි. ඒක නපුරු හීනයක් ”

ඉන්දියාවේ ගණන් හැදීම..

බලුකිස්තානය කෙරෙහි ඉන්දියාවේ උනන්දුව කිසිසේත්ම අලුත් දෙයක් නොවේ. ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කරන කාශ්මීර කැරලිකරුවන්ට රැකවරණය සපයන බවට නව දිල්ලිය දිගු කලක් තිස්සේ පාකිස්තානයට චෝදනා කරන අතර, ඉන්දියාව බලුකිස්තානයේ බෙදුම්වාදීන්ට අරමුදල් සපයන බවත්, පුහුණු කරන බවත් පකිස්තානය චෝදනා කරයි.

අලුත් සහ භයානක දෙය නම්, ත්‍රස්තවාදීන්ට වක්‍රව සහාය දීමෙන් නොනැවතී  නීත්‍යානුකූලභාවයක් ලබා දෙන මෙවලමක් වන ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර භාවිතයට ඉඩ දීමයි. එවැනි ලියකියවිලි හේතුවෙන්, බහු අධිකරණ බල ප්‍රදේශවලින්, විශේෂයෙන් ඉන්දියාවට මනාප වීසා ගිවිසුම් භුක්ති විඳින තැන්වලින් සංක්‍රමණ පරීක්ෂාව මඟ හැරීමට ත්‍රස්තවාදීන්ට හැකියාව ලබා දෙනු ඇත.

මෙම වර්ධනය ශ්‍රී ලංකාවට 1980 ගණන්වල අප්‍රසන්න මතකයන් නැවත මතක් කරයි. ඉන්දියාව එල්ටීටීඊය ඇතුළු දෙමළ සටන්කාමී කණ්ඩායම්වලට සහාය ලබා දී හදා වඩා ගැනීමෙන් පසු  ඉන්දියානු පාලනයෙන් මිදුනු ඔවුන්ගේ 'සෙවනැලි බලවේග' වල පූර්වාදර්ශය ශ්‍රී ලංකාවට ඉතා හුරු පුරුදු ය. (පසු කලෙක ලේ වැකි කැරැල්ලකදී ඉන්දියාවටම තම 'සෙවනැලි බලවේග' වලටම එරෙහිව සටන් කිරීමට සිදුවීම වෙනම කතාවකි)

එක්සත් ජනපදය ගන්නා පියවර සමඟ එකට සිටීම හොඳයි..

ඇමරිකා එක්සත් ජනපදය විසින් BLA ත්‍රස්තවාදීන්, විදේශ ත්‍රස්ත සංවිධානයක් FTO ලෙස නම් කිරීම ශ්‍රී ලංකාවට ද BLA පිළිබඳ ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා පැහැදිලි නෛතික සහ රාජ්‍ය තාන්ත්‍රික රාමුවක් සපයයි. වොෂින්ටනයේ තීරණය අනුගමනය කිරීමෙන් BLA ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ඕනෑම වත්කමක් තහනම් කිරීමට, BLA ත්‍රස්තවාදීන් යැයි සැක සහිත අයගේ ගමන් බිමන් සීමා කිරීමට සහ BLA සංවිධානයේ ප්‍රොක්සි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව අවසර ලත් භූමියක් ලෙස ක්‍රියා කිරීමට ඉඩ නොදෙන බවට මිත්‍ර පාක්ෂිකයින්ට සේම විරුද්ධවාදීන්ට ද සංඥාවක් දිය හැකිය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය තවමත් මේ කාරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. නමුත් ආරක්ෂක ආරංචි මාර්ග පවසන්නේ අන්තර්-ආයතන සමාලෝචනයක් සිදුවෙමින් පවතින බවයි.

මෙය කලාපීය බුද්ධි කුමන්ත්‍රණයක් ලෙස පවතී ද නැතහොත් විවෘත රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය වේද යන්න ශ්‍රී ලංකාවේ ඊළඟ පියවර මත රඳා පවතිනු ඇත. 

විශ්‍රාමික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැවසූ පරිදි:

"බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසින තෙක් අනතුර නොසලකා හැරීම හෝ අසල්වැසියන් අප්‍රසාදයට පත් වුව ද දැන්ම ක්‍රියාමාර්ගයක් ගැනීම යන දෙකින් එකක් ශ්‍රී ලංකාව තෝරා ගත යුතුය."

-LeN හි ඉංග්‍රීසි සංස්කරණයේ ආරක්ෂක වාර්තාකරු ලියූ විශේෂ වාර්තාවක් සිංහලට නැගුවේ

චන්ද්‍රප්‍රදීප්

---------------------------
by     (2025-08-12 19:36:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links