-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.15, ප.ව.11.20) ලංකා ඊ නිව්ස් හි පසුගිය අගෝස්තු 01 දා " ලාල්කාන්ත ව චූං කළ නීති කඩන පොලිස් නාඩගම " යනුවෙන් මවිසින් ලිපියක් පළ කෙළෙමි.
ලාල්කාන්ත ඇමැතිවරයා මූලාසනය හෙබවූ නුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වී සිටි SSP එරික් පෙරේරා යන පොලිස් නිලධාරියා, එම රැස්වීමේදී කළ ප්‍රකාශය අනුව, ඔහු විසින් නීති අණපනත් උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව පෙන්වීම මගේ එම ලිපියේ අරමුණ විය.
පවතින නීති අණපනත් පොලිස් නිලධාරියකු සහ අධිකරණ විනිසුරුවරියක එකට එක් වී ඔවුන්ට අවශ්‍ය පරිදි වෙනස් කොට කිසිවකුට එරෙහිව නීතියෙන් දඬුවම් කිරීමට නොහැකි බවත්, ඒ අනීතික ක්‍රියා සිදු කළ නිලධාරියා එසේ ක්‍රියා කළ ආකාරය ගැන පම්පෝරි ගහන විට ඒක ගැන චූං වී බලා සිටීම හෝ ඒවා අනුමත කිරීම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයකුට තරම් දෙයක් නොවන බවත් මම එම ලිපියෙන් කියා සිටියෙමි.
එය පළ වූ විගසම ඇතැම් පුද්ගලයන්ට ගැරඬින්ට භූමිතෙල් ගැහුවා වගේ දැනෙන්නට විය. මට බැණ වැදී බොහෝ comment පලවන්නට විය. ඇතමුන්, මම කුඩුකාරයෙක් යැයි කීහ. ඇතැමුන් කුණුහරුපයෙන් පවා බැනවැදින. ඒ බොහෝ අය මගේ fb මිතුරු ලැයිස්තුවේ නොසිටි අය ය. බැණ වැදී Comments කළ අය කවුද යන්න දැන ගැනීමට මම ඔවුන්ගේ fb profile වලට ගොස් බැලුවෙමි. හුඟක් කුණුහරුප කියූ මහත්වරු සිටියේ පොලිස් ඇඳුම් ඇඟ ලා ගෙනය.
එදා සිට දිගටම SSP එරික් පෙරේරා යන නිලධාරියාව සමාජ මාධ්‍ය ඔස්සේ වඩා වැඩියෙන් වර්ණනා කරන්නට විය. එය එක්තරා විදිහේ සැලසුම් සහගතව සිදුවන්නක් බව බැලූ බැල්මට පෙනෙන්නට විය. හිතා මතා සැලසුම් සහගතව උඩ දාන විට, ඒ පිටුපස මොකක් හෝ වෙන අඩුවක් තියෙනවාය යන්න පිළිබඳව සාමාන්‍ය දැනීමක් බොහෝ දෙනෙකුට ඇත.
සමාජ මාධ්‍ය දැනට ටික කාලයක් සිට පුම්බමින් උඩ දමමින් සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ කෙරුවාව ගැන සහ ඔහු විසින් උපයාගෙන ඇතැයි කියන දේපල සම්බන්ධ තොරතුරු රැසක් සහිත ප්‍රබල හෙළිදරව්වක් පොලීසියේ ම සගයකු විසින් මේ වනවිට සිදු කර ඇත.
මෙම හෙළිදරව්ව සිදු කර ඇති පොලිස් නිලධාරියා ගේ නම විමල් ජයසේකර ය. ඔහු පවසන පරිදි ඔහු මේ වන විට ඉන්නේ වැඩ තහනමකට ලක්ව ය. වැඩ තහනමකට ලක්ව ඇත්තේ පොලිස් නිලධාරියකු ලෙස සිටිමින් මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමේ වරද නිසා බව ඔහු කියා සිටී.
විමල් ජයසේකර නමැති මෙම නිලධාරියා, මීට පෙර පොලිස්පති ලෙස සිටි දේශබන්දුටත්, පොලීසිය භාර ඇමති ලෙස සිටි ටිරාන් අලස්ටත් එරෙහිව තම YouTube නාලිකාව මඟින් නො බියව දැඩි විවේචන එල්ල කළ අයෙකි. SSP එරික් පෙරේරාගේ වත්කම් පිලිබඳ තමන් සඳහන් කරන තොරතුරු පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස විමල් ජයසේකර මහතා නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටියි. ඔහු සඳහන් කරන්නේ එරික් පෙරේරාගේ මීගමුවේ පිහිටි නාන තටාකයකින් ද යුත් තුන් මහල් නිවස රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමක් ඇති බවයි. එරික් භාවිතා කරන පුද්ගලික වාහනයද කෝටි ගාණක් වටින එකක් බවත්, කටුනායක ගුවන් තොටුපොලේ එරික් සතු වාහන 3 ක් කුලී ගමන් සඳහා යොදවා ඇති බවත් විමල් ජයසේකර හෙළිකරයි. එරික් පෙරේරා තම වැටුපෙන් ඒ සා මුදලක් ඉතිරි කෙළේ කෙසේදැයි විමල් ජයසේකර ප්‍රශ්න කරයි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
විමල් ජයසේකර විසින් මුදාහැර ඇති YouTube වීඩියෝව පහතින් දැක්වේ
---------------------------
by (2025-08-15 18:38:50)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි