~

සජිත් ජලනි බලවේගය කළොත් වැඩක් ගොම ම තමයි..! අලුත්ම වැඩේදිත් එහෙම වුනේ ඇයි..?

-චන්ද්‍රප්‍රදීප් ලියන දේශපාලන විග්‍රහයක්

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.16, ප.ව‍.9.00) සජබ යනු ඇත්තටම සමගි ජන බලවේගයක් නොව එය සජිත් ජලනි බලවේගයකි. එම පක්ෂයේ ඉහල නායකයන් සමග සාකච්ඡා කර එකඟතාවයට එන තීන්දු පසුව සජිත් ජලනි සමග සාකච්ඡාවෙන් පසු වෙනස් වන්නේ ය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, බාකීර් මාකර් පක්ෂයේ සභාපතිකම් ඉවත දමා, පක්ෂයේ වැඩ කෙරුවාවෙනුත් ඉවත් යන්නේ එනිසා ය. පක්ෂයට තිබූ දේශපාලන තරු චම්පික රණවක, රාජිත සේනාරත්න, තලතා අතුකෝරාල ආදීන් සජිත්ව අතහැර දමා යන්නේ ද එනිසා ම ය. තවත් තරුවක් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද සොයාගන්නට තැනක් නැත. මේ සියලු කාරණා වලට හේතුව සජබ යනු සමගි ජන බලවේගයක් නොව එය සාකල්‍යයෙන්ම සජිත් ජලනි බලවේගය නිසා බව සියල්ලෝම දන්නා ප්‍රසිද්ධ රහසකි.

ප්‍රථම උදාහරණය -"ආර්යාව"

මේ හේතුව නිසාම සජබ ගන්නා දේශපාලන පියවර සියල්ල අනාථ සාගරයට වැටී ගිලී යන්නේ මැරියානා අගාධයටත් එහා දක්වා ය. එහි ප්‍රථම උදාහරණය නම් සජිත් ප්‍රේමදාස එජාපයෙන් වෙන්වී සජබ හදා ප්‍රථම වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී පක්ෂයේ ප්‍රචාරක වැඩ නිසි ලෙස ආරම්භ කිරීමටත් පෙර ජලනි ප්‍රේමදාස කම්බි පස්පොට පැන සජිත්ගේ ප්‍රචාරක වැඩ අතට ගනිමින් කොහේදෝ රැස්වීමකට ගොස් "මං මෙහි පැමිණියේ සජිත් ප්‍රේමදාස ගේ ආර්යාව ලෙස" යයි කෙළලා දැම්මා ය. එය අහක යන ගොම තලියක් සජිත්ගේ කැම්පේන් එකේ මූණේ තැවරුවා වැනි විය. 'මේකා ජනාධිපති වෙන්නත් කලින් ගෑණි ආර්යාව වෙලා' යයි ජනතාව පිළිකුලින් බැහැර කළෝය. සජිත් ජනාධිපතිරණ ඡන්ද සටන ආරම්භ කිරීමටත් පෙර  තිබූ පාවෙන ඡන්ද වලින් ඡන්ද ලක්ෂ 10 ක් පමණ තමන්ට අහිමි කර ගත්තේ ය.

එදා සිට සජබ, සජිත් ජලනි බලවේගයක් බවට රූපාන්තරණය වීම නිසා සිදුකර ගත් හානි මෙතෙකැයි කියා කිව නොහැකිය. අපරාදේ නොකියන්නට ඊටම අපූරුවට අලගු තියන තවත් ආචාර්ය වරයෙක් ද සජිත් ට සිටී. හේ නමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ය. පසුගිය කාලයේ ඔහු සජබ ට කළ හානිය ජලනි ට නොදෙවැනිය.

දෙවන උදාහණරය - "ආචාරියා"  

ප්‍රථමයෙන්ම මාලිමා ආණ්ඩුව වාහන ගෙන්වීමට අවසර දෙන්න යද්දී, ඊට විරුද්ධ වෙමින්, ඉවරයි, ආර්ථිකය ඉවරයි, මේක කළොත් තියෙන ඩොලර් සංචිත ටික මෝදර මෝය කටින් මුහුදට යනවා සේ ගලා ගොස් ඉවර වෙනවා යයි කීවේ ය. නමුත් මේ දක්වා අවුලක් වූයේ නැත. වාහනත් ආනයනය කරනවා ය. ඩොලර් සංචිතත් වර්ධනය වෙනවා ය. ආචාරියා ගොම ගොඩේ ය.

ආචාරියා ගේ කටට මැහුම් දාන්න..

ඊලඟට ආචාරියා ගොම නා ගත් අවස්ථා ගණනාවකි. රාජ්‍ය බැංකුවක් මේ දැන් කඩා වැටෙනවා යයි කීවේ ය. තවම කිසිදු රාජ්‍ය බැංකුවක් කඩා වැටුනේ නම් නැත. නැට්ටේ සිට හොඳටම ගොම නා ගත් අවස්ථාව නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බදු ගැහිල්ලේ දී ය. සියයට 44 ක් බදු ගැසු අවස්ථාවේ දී ද ඔහු කී අනාවැකි සියල්ල නන්නා පෝල් විය.  ආචාරියාගේ කුහක ට්විටරය ද දැන් ආචාරියා දේශද්‍රෝහියෙකු ගානට ඇද දමා තිබේ. අප මේවා ගැන යලි යලි මෙහි ලියන්නට නොයන්නේ ඒ ගැන දැන් කවුරුත් දන්නා නිසා ය. නමුත් එක් දෙයක් සඳහන් කළ යුතුය. ජලනි කරණා හානියට නොදෙවැනි හානියක් ආචාරියා සජබයට කරමින් සිටින්නේ ය. ආචාරියාගේ කටට මැහුම් දමා මාස කිහිපයක් හෝ තැබුවහොත් සජිත්ගේ ඇඟට ගුණ ය. 

ඊලඟ වහන්තරාව මුජිබුර් සහ ඔහුගේ බැස්ටීල සටන..

දැන් කියන්නට යන්නේ සජිත් ජලනි බලවේගයේ තවත් වහන්තරාවක් වන මුජිබුර් රහ්මාන්ගේ කෙරුවා ව ය. කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීම, ඔහුගේ පරණ පක්ෂයේ අත්දැකීම් අනුව, බැස්ටීලය අල්ලා ගැනීමටත් වඩා සටනක් ලෙස සලකා, තනියම සටන් කර අවසානයේ අල්ලා ගත්තේ ආපසු හැරී තම වලිගය ම ය. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ දී කොමසාරිස් වරිය නීති විරෝධීව කටයුතු කළ බවත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නවා යැයි ඒ දිනවල සිය ගොර ගොර හඬින් දෙසෑ බෑව ද අද දක්වා ගත් නීතිමය පියවරක් නම් නැත. දැන් ඒ ගැන ඉන්නේ කන් කඩා පාත් කරගෙන ය. 

මුජිබුර්ගේ මොන්කාඩා ප්‍රහාරය..

සජිත් ජලනි බලවේගයේ මුජිබුර් ආරම්භ කළ ඊළඟ සටන බැස්ටීල සටනටත් එහා ගිය මොන්කාඩා ප්‍රහාරය වැනි එකකි. එනම් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමයි. ඊට හේතු භූත වන මුජිබුර්ගේ තර්කය නම් පාස්කු බෝම්බ පුපුරන අවස්ථාවේ දී අරුණ ජයසේකර යුද හමුදාවේ නැගෙනහිර ආඥාපතිව සිටි බවත්, ඔහු ඒ ගැන දැන සිටි බව හෝ දැන ගැනීමෙන් පසුව හෝ රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බවත්, දැන් මාලිමා ආණ්ඩුව පාස්කු බෝම්බ ප්‍රහාර ගැන කරන විමර්ශන වලට ඔහු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ලෙස හිඳීම බාධාවක් බවයි. ඊට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දීමට මාලිමාවේ මන්ත්‍රීලා 158 ක් ම සිටිනා බැවින් එම කාරණය ගැන හොඳ නරක අප මෙම ලිපියෙන් කතා කිරීමට අදහස් කරන්නේ නැත. 

මුජිබුර් ඇතුළු සජබය මෙපමණ මොංගල්ද?

මෙයින් කතා කරන්නේ වෙනකකි. මුජිබුර් ඇතුළු සජබය ගෙන ආ නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංග යෝජනාව පසුගිය දා කතානායක වරයාට බාර දුන්නේ ය. ඊලඟට කතානායකවරයා කළ යුත්තේ එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමයි. විවාදයට ගැනෙන්නේ ඉන්පසුවය. 

නමුත් යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට පෙර ම ඒ පිළිබඳ නීතිමය ගැටළුවක් පැන නැගී ඇත. එනම් නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ගැසට් නිවේදනයක් මගින් කිසිදු විෂය පැවරීමක් සිදුකරන්නේ නැත. නිල වශයෙන් වගකීමක් පැවරී නැති අවස්ථාවක දී එවැනි අයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නීතිමය හැකියාවක් නැත. මෙය ඉතා සරල ප්‍රශ්නයකි. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පමනක් නොව ශ්‍රී ලංකාව ආදර්ශයට ගත් බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ නි.ඇමැතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් නැත. විශ්වාස භංග යෝජනා ගෙන ආ හැක්කේ කැබිනට් ඇමැතිවරුන්ට පමණි. පෙර පාර්ලිමේන්තු වල සිටි රාජ්‍ය ඇමැතිධූර වලට එරෙහිව එසේ කළ හැකිව තිබිණි. මන්ද යත් රාජ්‍ය ඇමැතිධූර වලට අයත් වගකීම් ද ගැසට් මගින් නිවේදනය කර තිබීම ය. ගැසට් මගින් වගකීමක් පවරා නැති පාර්ලිමේන්තු නියෝජිතයෙකුට විශ්වාස භංග ගෙන ආ හැකි නම් මන්ත්‍රීවරුන්ට ද එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන ආ හැකි වනවා ඇත. එසේ කළහොත් වත්මන් මාලිමා ආණ්ඩුවට විපක්ෂයේ සිටින සියළුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විශ්වාස භංග ගෙනැවිත් ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හැකි වනවා ඇත. මන්ද යත් මාලිමාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම ඇති නිසා ය. මුජිබුර්ගේ විශ්වාස භංගය ප්‍රායෝගික නොවන්නේ මන්දැයි ඒ කාරණයෙන්ම තේරුම් යා යුතුය.

'දෝෂාරෝපන යෝජනාවක්' හැකිය..  

කෙසේ වෙතත් ලංකාවේ නීතිය අනුව පාර්ලිමේන්තුවේ දී කළ හැකි වන්නේ ජනාධිපතිවරයෙකුට එරෙහිව 'දෝෂාභියෝගයක්' ගෙන ඒමත්, කැබිනට් ඇමැතිවරයෙකු එරෙහිව 'විශ්වාස භංගයක්' ගෙන ඒමත්, නෛතික වගකීමක් ගැසට් මගින් පැවරී නැති නියෝජ්‍ය ඇමැතිවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට හෝ එරෙහිව 'දෝෂාරෝපන යෝජනාවක්' ගෙන ඒමත් පමණි. 

එබැවින් මුජිබුර් ගේ මොන්කාඩා ප්‍රහාරය වන් විශ්වාස භංගය ද ලත් තැන ලොප් වන ලකුණු තිබේ. කෙසේ වෙතත් කතානායක වරයා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ. එය ලැබුණු පසු ලබන 19 වැනිදා කතානායක වරයා ඒ පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

මුජිබුර්ගේ ඊලඟ තර්කය ද විහිළුවකි..

මේ තත්ත්වය ගැන මුජිබුර් කියා ඇත්තේ අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයෙකු වුව ද ජනාධිපති නැති අවස්ථාවලදී ආරක්ෂක ඇමැතිවරයා ලෙස වැඩ බලා ඇති බවයි. ඒ එසේ නම් ජනාධිපති දිවයිනෙන් බැහැර යන අවස්ථා වල දී තමා දරණ ආරක්ෂ ඇමැති ධූරයේ වැඩ බැලීමට නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාම පත් කළ යුතු යැයි කොහේවත් නියමයක් නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ විදෙස්ගත වෙද්දී විටෙක ආරක්ෂක ඇමැති ධූරයේ වැඩ බැලීමට එවක මහවැලි ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන පත් කර ගොස් තිබේ. එබැවින් මුජිබුර් ගේ ඒ තර්කය ද විහිළු තර්කයකි.

විශ්වාස භංගය ගෙන ඒමටත් පෙර 'ගොං කම' ජනගත වී..

මෙයින් තේරුම් යන්නේ එක කාරණාවකි. සජිත් ජලනි බලවේගයට තමන් ඉන්නා බව පෙන්වීමට ආණ්ඩුවට විරුද්ධව කුමක් හෝ සටනක් කළ යුතු ය. ඒ බව තහවුරු කරමින් විශ්වාස භංගය ගැන පැවැති මාධ්‍ය හමුවක දී සජබයේ කැස්බෑව පැත්තේ එක් ගොබිලෙක් කියා සිටියේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන පාර්ලිමේන්තුවක විපක්ෂය විශ්වාස භංග ගෙන එන්නේ දිනන්නට නොව ජනතාව තුල මතයක් ඇති කිරීමට බවයි. එය හොඳයි නමුත් දැන් සිදුව ඇත්තේ විශ්වාස භංගය ගෙන ඒමටත් පෙර ජනතාව තුල 'සජබයේ ගොං කම ගැන මතයක්' ඇති වීමයි.

සටන සහ සතුරා ගැන උපදේශයක්..

කරන හැම වැඩකින්ම නැට්ටේ සිට ගොම නා ගන්නා සජිත් ජලනි බලවේගයට උපදේශයක් දීමට කැමැත්තෙමු.

"ඔබ සතුරා හඳුනන්නේ නම් සහ ඔබ ගැන දන්නේ නම්, සටන් සියයක ප්‍රතිඵලයට බිය විය යුතු නැත. ඔබ සතුරා ගැන නොව ඔබ ගැන දන්නේ නම්, ඔබ ලබා ගන්නා සෑම ජයග්‍රහණයක් සඳහාම ඔබට පරාජයක් ද අත්විඳිය හැකිය. ඔබ සතුරා ගැන හෝ ඔබ ගැන හෝ නොදන්නේ නම්, ඔබ සෑම සටනකදීම පරාජය වනු නිසැක ය."

සජබය තමා ගැන දන්නේ නැත. ඊටත් වඩා මාලිමාවට අසීමිත බලයක් දුන් ජනතාව ගැන සහ ඒ දුන්නේ ඇයිද කියා කිසිසේත්ම දන්නේ නැත.

-චන්ද්‍රප්‍රදීප් 

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-08-16 15:59:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links