~

සුසිල් ප්‍රේමජයන්තත් නිකං ඉඳලා නෑ..! මහජන මුදල් රු. කෝටි 150 කට වැඩේ දීලා..! කැරම් බෝඩ් වගේද ස්මාට් බෝඩ්..? ජනාධිපතිවරණය කටේ, අනීතිකව ස්මාට් බෝඩ් 1000 ක් මිලට අරන්..! තවමත් ඒවා ගබඩා වල පුස්කනවා..!

-විශේෂ වාර්තාකරුවකු විසිනි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.17, ප.ව‍.6.45) බුද්ධ පූජාව මෙන් කතා කරන හිටපු අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ද පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ පට්ට ගැහිල්ලක් ගසා තිබේ. ඒ නම් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී කිසිදු හදිසි ප්‍රසම්පාදන තත්ත්වයක් නොතිබිය දී බොරුවට හදිසි තත්ත්වයක් මවා පා රුපියල් කෝටි 149 යි, ලක්ෂ 33 යි,  10,696 ක මුදලක් වැයකර සුහුරු පුවරු 1000ක් මිල දී ගෙන තිබේ. මේ බව සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක ය.

චීනය නිකම් දෙන්න ගිය 500 අරගෙන නෑ..

චීන රජයේ ආධාර යටතේ ඩොලර් මිලියන 20 ක ආධාරයක් මගින් සුහුරු පුවරු 500 ක් ලබාගෙන පාසල් පද්ධතිය තුල නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිය දී, සුසිල්ගේ අධ්‍යාපන අමාත්‍යාංශය එම ආධාර මුදල ලබාගැනීමට ක්‍රියා නොකර මේ දූෂනය සිදුකරමින් සුහුරු පුවරු 1000 මිල දී ගෙන ඇත. මිල දී ගැනීමේ දී ප්‍රසම්පාදන පියවරයන් සියල්ල උල්ලංඝනය කර තිබෙන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ගබඩා වල පුස් කනවා..

මෙලෙස හදිසියේ මිල දී ගත් සුහුරු පුවරු දහස 2025 වර්ෂයේ මැයි මස 31 දින වන විටත් ප්‍රයෝජනයට නොගෙන ගබඩා වල පුස් කමින් තිබේ. මේවායේ වගකීම් කාලය අවුරුද්දකින් හමාර වන අතර මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වගකීම් කාලය අවසන් වීමට කිට්ටු වී ඇත. 

මෙම සුහුරු පුවරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නම් තෝරාගත් පාසැල් 1000 ට  රැහැන් සහිත ෆයිබර් (fiber) අන්තර්ජාල පහසුකම් පැවතිය යුතු නමුත් යෝජිත පාසල් 121 කට ම එකී පහසුකම් තිබී නැත.

කිසිදු ප්‍රසම්පාදනයක් අනුගමනය කර නෑ..

නිකම් දෙන චීන ආධාර වලින් ලබා ගත හැකි සුහුරු පුවරු 500 ලබා නොගෙන හදිසි මිල දී ගැනීම් කියා ජනාධිපතිවරණය කටේ තියාගෙන කිසිදු ප්‍රසම්පාදන පිළිවෙතක් අනුගමන නොකර මහජන මුදල් රුපියල් කෝටි 150 කට ආසන්න මුදලක් කාබාසිනියා කිරීම ගැන විගණන වාර්තාවේ සඳහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරි, අතිරේක ලේකම්, (තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන) තාක්ෂණික ඇගයිම් කමිටු සාමාජිකයින් වගකිව යුතු යැයි ද, අදාල පාඩුව ඔවුන්ගෙන් අයකර ගත යුතු යැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.

නිලධාරීන් හිතු මතේ කරන්නේ නෑ, සුසිල් බල කළ යුතුයි..

නමුත් නිලධාරීන් තම හිතු මතයට මේවා කරන්නේ නැත. ජනාධිපතිවරණය කටේ තබාගෙන මේවා මිල දී ගෙන පාසැල් වලට බෙදා, රනිල්ගේ ඡන්ද ගොඩ වැඩි කිරීම පිණිස කටයුතු කිරීමට පැහැදිලිවම අමාත්‍යාංශය බාර ඇමැතිවරයා වූ සුසිල් ප්‍රේමජයන්ත නිලධාරීන්ට බල කළා ද.?

කැරම් බෝඩ් වගේද ස්මාට් බෝඩ්..?

ජනාධිපතිවරණයක දී එයට බලපෑම් කිරීමට කැරම් බෝඩ් මිල දී ගෙන බෙදීමේ දූෂනයට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද සහ හිටපු ‍වෙළඳ ඇමැති නලීන් ප්‍රනාන්දු පිළිවෙළින් වසර 20 සහ 25 බැගින් බරපතල වැඩ සහිත හිර දඬුවම් විඳිනවා නම් ජනාධිපතිවරණය කටේ තියා තම අමාත්‍යාංශය මගින් අනීතිකව ස්මාර්ට් බෝඩ් මිල දී ගැනීම ගැන ඇමැතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ද වගවිය යුතු ය.   

ජාතික විගණන කාර්යාලයේ වාර්තාව පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉහත කී බරපතල දූෂනය සම්බන්ධයෙන් විධිමත් සම්පූර්ණ විමර්ශනයක් කරණු ඇතැයි නීතිප්‍රේමී ජනතාව බලාපොරොත්තු වේ.

-විශේෂ වාර්තාකරුවකු විසිනි

---------------------------
by     (2025-08-17 13:39:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links