~

උතුර නැගෙනහිර දෙමළ හදවත් උරගලෙහි තව දුරටත් උරච්චි වෙන්නට ජාතිවාදයට ඉඩක් නෑ..! කලකට පස්සේ කැඳවූ හර්තාලය අනාථයි..!!

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.18, ප.ව‍.11.00) ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු සාම්ප්‍රදායික දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි තබමින් ක්‍රියා කරන දේශපාලන පක්ෂ වලට උතුර නැගෙනහිර සාමාන්‍ය දෙමළ හදවත් උරගලෙහි තව දුරටත්  උරච්චි වෙන්නට ඉඩක් නැති බව අද තහවුරු විය. ඒ දිගු කාලයකට පසුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාල කණ්ඩායම් කිහිපයක් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට අද කැඳවා තිබූ හර්තාලය මුළුමනින්ම පාහේ අසාර්ථක වීම නිසා ය.

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම හර්තාලය අද කැඳවා තිබිණ.

හර්තාලයට ආසන්න හේතුව ලෙස හර්තාලය කැඳවූවන් සඳහන් කෙළේ අපූරු කාරණයකි. පසුගිය දා ආණ්ඩුවේ ප්‍රකාශකයන් ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුලු තිදෙනා හෙළිකළ අන්දමට සිද්ධියේ පසුබිම මෙසේ ය. 

සිද්ධියේ පසුබිම මෙසේ ය...

උතුරු නැගෙනහිර පිහිටි හමුදා කඳවුරු නැවත ස්ථානගත කිරීමේ අඛණ්ඩ වැඩසටහනක කොටසක් ලෙස, ඔඩ්ඩුසුඩාන්, මුත්තයන්කට්ටු හි පිහිටි 12 වන සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරක් මෑතකදී ඉවත් කිරීමට කටයුතු යොදමින් සිටියේ ය. එහි සිටි 250 ක් වූ හමුදා ඛන්ඩය සහ අවි ආයුධ ඇතුළු බඩු භාණ්ඩ ක්‍රමයෙන් ඉවත් කරමින්, සිද්ධිය සිදුවන දා කඳවුරේ සිට ඇත්තේ 25 ක හමුදා ඛන්ඩයකි. එනම් එක ප්ලැටූන් එකක් පමණි. හමුදා කඳවුර ඉවත් කරද්දී ඉවත් කිරීමට නියමිතව තිබූ යකඩ තොගයක් සොරා ගෙන යෑම සඳහා ප්‍රදේශයේ දෙමළ තරුණයන් 5 දෙනෙකු අනවසරයෙන් එදින (අගෝ 07) දා රාත්‍රී හමුදා කඳවුරට ඇතුළු වී තිබේ. ඇතුලේ සිටි හමුදා පිරිස ඔවුන් පලවා හැර තිබේ. එසේ පලවා හරිද්දී හසු වූ එක් තරුණයෙක් අසල නිවසක අයෙක් බව හැඳින ඔහු ඔවුන්ගේ දෙමාපියන්ට බාර දී තිබේ. පසුව උදෑසන දැනගන්නට ලැබී ඇත්තේ එදින රාත්‍රියේ පලා ගිය ඉතිරි තරුණයන් සිව් දෙනාගෙන් අයෙකුගේ මළ සිරුර අසල වැවක පාවෙමින් තිබූ බවයි. හමුදා ප්‍රකාශක  කියන්නේ කඳවුරේ අය මළ සිරුරක කතාව දැනගත්තේ ද පසුදා බවයි. කෙසේ වෙතත් පසුදාම මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂන පැවැත්වූ බවත් බොහෝ අයගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ය. මළ සිරුර සම්බන්ධයෙන් පැවැති මූලික මරණ පරීක්ෂනයේ දී සිරුරේ කිසිදු තුවාල සලකුණක් නොතිබූ බවත් වැඩි දුර පරීක්ෂන සඳහා සිරුරේ අභ්‍යන්තර කොටස් අධිකරණ වෛද්‍යවරයා වෙත බාර දී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කීවේ ය.

සෙබලුන් 3 ක් රිමාන්ඩ්..

කෙසේ වෙතත් ලැබී ඇති සාක්ෂි අනුව මේ වන විට හමුදා කඳවුරේ සිටි සෙබලුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එක් අයෙක් සොරකමට පැමිණි පිරිස පළවා හැරීමට සම්බන්ධ වූ අයෙක් වන අතර අනෙක් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ සොරකමේ ආ තරුණයන්ට ඇතුලතින් උදව් උපකාර කළ බවට සැක සෙබලුන් දෙදෙනෙකි.

අපට පෙනී යන පරිදි හමුදා කඳවුරකට අනවසරයෙන් රාත්‍රී ඇතුළු වී හසු වූවා නම් වෙඩි කෑම අනිවාර්යයකි. එසේ වී නැත. එය හොරකමේ ආ උන්ගේ වාසනාවකි.  අනවසරයෙන් සොරකමේ ආ පිරිසෙන් අයෙක් හෝ කිහිප දෙනෙක් හෝ හසුවූවා නම් අල්ලා එළිවන තුරු හෝ හමුදා කඳවුරේ ප්‍රශ්න කිරීම් කර පසුදා උදයේ පොලිසියට බාර නොදී, රාත්‍රියේ ම ආපසු දෙමාපියන්ට බාර දුන්නේ ඇයි ද යන්නත් ප්‍රශ්නයකි. පෙර දා මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ඒ ප්‍රශ්නය යොමුකළ විට හමුදා මාධ්‍ය ප්‍රකාශක කීවේ ගම්මාන පදනම් කරගෙන තිබෙන හමුදා කඳවුරු වල සෙබලුන් අසල්වැසි පදිංචි කරුවන් සමග මිතුරු සබඳකම් පවත්වන බැවින් එලෙස සිදුකරන්නට ඇති බවයි.

ඇත්ත කතාව විකෘති කරන්න එපා..

කෙසේ වෙතත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයන් හර්තාලයට පෙර ම කීවේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පොලිස් පරීක්ෂන පැවැත්වෙන බවත් මේවා අතීතයේ හමුදාව සහ දෙමළ සිවිල් වැසියන් සම්බන්ධ ගැටුම් සේ සලකා සිද්ධිය විකෘති නොකරන ලෙසයි. ජාතිවාදී හැඟීම් අවුස්සා අවස්ථාවාදීව ක්‍රියා කරන දේශපාලන කණ්ඩායම් වලට අවනත නොවී ප්‍රදේශයේ සාමාන්‍ය ජීවිතය ගත කරන ලෙස ඔව්හු ජනතාවගෙන් ඉල්ලා සිටියහ. 

ඒ අනුව අද පැවැති හර්තාලයේ අසාර්ථක භාවය සැලකිල්ලට ගැනීමේ දී ප්‍රදේශයේ ජනතාව ආණ්ඩුවේ ඉල්ලීමට කන් දී තිබෙන බව පැහැදිලි ය. කවුරු කෙසේ කීවත් තමන්ගේ ප්‍රදේශයේ සිදුවන දෑ පිළිබඳ ඇත්ත නැත්ත ගැන ඔවුන්ට අවබෝධයක් තිබෙන බව ඊටත් වඩා පැහැදිලිය.

හර්තාලයට මුස්ලිම් සහායක් ලැබුනේ නෑ.. 

හර්තාලය කැඳවූව ද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු, ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවිය. මඩකලපුවේ, චෙඩ්ඩිපාලයම්, ආරියම්පති, වාලච්චේනයි සහ කොක්කට්ටිචෝලෙයි වැනි දෙමළ ආධිපත්‍යය සහිත ප්‍රදේශවල, වෙළඳසැල් සහ පෞද්ගලික ආයතන ගණනක් වසා දමා තිබුණු නමුත් ඊට වෙනස්ව, මුස්ලිම් බහුතරයක් සිටින නගර සුපුරුදු පරිදි ව්‍යාපාර විවෘතව තිබිණ.  අවසාන මොහොතේ දී මුස්ලිම් කොන්ග්‍රසය ද හර්තාලයට සහාය දක්වන ලෙස ඉල්ලා සිටිය ද මුස්ලිම්වරු හර්තාලයට සහාය නොදැක්වූහ.

මෙයින් රටට කියන දේශපාලන පණිවුඩය නම් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික ජාතිවාදයට උඩ ගෙඩි දෙන පක්ෂවල ජාතිවාදී දේශපාලන පදනම පෙරේතයා පොළොවේ ගැසුවා සේ විනාශ වී ඇති බවයි.

(අද උදෑසන උතුරේ තිබුනු සාමාන්‍ය තත්ත්වය සේයාරුවේ දැක්වේ)

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි 

---------------------------
by     (2025-08-18 19:58:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links