-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.19, ප.ව.11.00) හිටපු ජනාධිපති රනිල්ගේ හිටපු මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් තුසිත හල්ඔලුව නීතියේ ඇසට වැලි ගසමින් ඔහුට අයත් කළු දේපොලක සැඟව සිටිය දී අද(18) පාන්දර පොලිස් අත් අඩංගුවට පත් විය.
හල්ඔලුවට අයත් නමුත් වෙන අයෙකුගේ නමින් කොළඹ කොල්ලුපිටියේ එම්පරර් ගොඩනැගිල්ලේ පිහිටා තිබූ සුඛෝපභෝගී මහල් නිවාසයට ඔහු රහසේම පැමිණ තිබුනේ අද පාන්දර 1 ට පමණ ය. ඔහු එහි පැමිණි බවට ලැබුනු නිසැක ඔත්තුවක් අනුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ (සීසීඩී) නිලධාරීන් එය වටලා තුසිත හල්ඔලුව පාන්දර 2 ට පමණ අත් අඩංගුවට ගත්තේ ය.
ඉන්පසු ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කෙළේ ය. එහිදී සීසීඩීය මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය මැයි මස 17 දා නාරාහේන්පිට දී කිසියම් පිරිසක් විසින් තම වාහනයට වෙඩි තබා තමා සතුව තිබූ වැදගත් ලිපි ගොනුවක් පැහැරගෙන ගිය බව තුසිත හල්ඔලුව පැමිණිල්ලක් කරමින් කියා සිටි බවයි. නමුත් එය සම්පූර්ණයෙන්ම ඔහුගේ අනුදැනුම මත සිදුකරන ලද රංගනයක් බව සීසීඩී ය අධිකරණයට කරුණු කියා සිටියේ ය.
සීසීඩීය සිද්ධිය පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුකර පුද්ගලයන් 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. එහි දි වරින් වර තුසිත හල්ඔලුව ලබා දී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පර බව ද සීසීඩීය කියා සිටියේ ය. පැහැරගත් ලිපි ගොනුව තුල වත්මන් ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ නැව් සමාගමක රුපියල් ලක්ෂ හතලිස් දහසක් ආයෝජනය කර තිබීම ගැන වැදගත් කරුණු තිබූ බව තුසිත හල්ඔලුව සීසීඩියට කියා තිබූ නමුත් මෙතෙක් කළ කිසිදු විමර්ශනයකින් එවැනි ලිපි ගොනුවක් පැහැරගත් බවට කිසිදු සාක්ෂියක් හමුවී නැතැයි සීසීඩීය අධිකරණයට පවසා සිටියේ ය. වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරුවන් ගිය දිශාවටම කිසිදු බියක් සැකක් නැතිව හල්ඔලුව ගමන් ගත් මෝටර් රිය ද ගමන් කර තිබෙන බව සීසීටීවී කැමරා වලින් සොයාගත් බවත් ඒ අනුව පැමිණි අපරාධකරුවන් සමග එකට එක් වී මේ අපරාධය කර ඇති බවට සැක මතුවූ බවද සීසීඩීය අධිකරණයට වැඩි දුරටත් කරුණු වාර්තා කළේ ය.
සිද්ධිය වූ දිනයේ හල්ඔලුව භාවිතා කරන ලද ජංගම දුරකථනය විමර්ශන සඳහා සීසීඩීයට බාර දෙන්නැයි කියා තිබිය දී ඔහු විමර්ශන නොමග යැවීමේ අභිලාෂයෙන් එමි අංක වෙනස් කළ වෙනත් ජංගම දුරකථනයක් සීසීඩීයට බාර දී ඇති බවද අනාවරණය වී තිබේ. සිද්ධිය වූ අවස්ථාවේ දී තම ජංගම දුරකථනය විනාශ වු බවට තුසිත හල්ඔලුව සීසීඩීයට කියා සිටිය ද අදාල දුරකථනයේ විශ්ලේෂන වාර්තා අනුව නාටකයෙන් පසුව හල්ඔලුව රෝහල් ගතව සිටිය දී ද එම දුරකථන භාවිතා කර ඇති බවට සාක්කි හෙළි වී ඇතැයි සීසීඩීය අධිකරණයට කියා සිටියේ ය.
"මොහු සිතා මතාම ජංගම දුරකථනය විනාශ වූ බවට අසත්‍ය ප්‍රකාශ කරමින් එමි අංක වෙනස් කරන ලද නව දුරකථනයක් විමර්ශන නොමග යැවීමේ චේතනාවෙන් විමර්ශන නිලධාරීන්ට බාර දී තිබෙනවා" යි සීසීඩීය වැඩි දුරටත් කියා සිටියේ ය.
තුසිත හල්ඔලුව වෙනුවෙන් පෙනී සිටි අජිත් පතිරණ සහ අතුල රණගල නීතිඥවරු ඔහුට ඇප ඉල්ලා සිටිය ද විනිසුරුවරයා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කෙළේ ය.
"සැකකරු විමර්ශන වලට සහාය නොදක්වන බවට කරුණු පැහැදිලි වෙනවා. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය, තුවක්කු ආඥා පනත සහ පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට කරුණු අධිකරණය හමුවේ අනාවරණය වෙනවා. එබැවින් මෙම අවස්ථාවේ දී සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන අතර සැකකරු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනවා" යි ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන තුසිත හල්ඔලුව රිමාන්ඩ් භාරයට පත් කෙළේ ය.
මෙම වෙඩි තැබීමේ නාටකය සම්බන්ධයෙන් මේ දක්වා අත් අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 10 දෙනා මේ වට විට ඇප මත නිදහස් කර සිටින අතර තුසිත හල්ඔලුව අපරාධයේ වින්දිතයා නොව අපරාධයේ 11 වැනි සැකකරු ලෙස නම් කරමින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීම සැලකිය යුතු ය.
විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය නම් මේ නාටක සිද්ධිය ගැන පමණක් නොව විවිධ ආණ්ඩු වල විවිධ දේශපාලන තනතුරු දරමින් හල්ඔලුව නීති විරෝධීව උපයා ඇති ධනය සහ දේපොල ගැන ද විමර්ශනය කළ යුතු ය.
අධිකරණය ඉදිරියේ දිග හැරුණු නීතිමය කරුණු එසේ වුව ද පසුගිය මැයි 17 දා සිද්ධිය වූ දිනයේම ලංකා ඊ නිව්ස් මෙය තුසිත හල්ඔලුව විසින් තිර රචනය ලියා ඔහු විසින්ම රංග ගත කළ නාටකයක් බව කියා සිටියේ ය.
ඊට හේතු කාරණා වූයේ මෙයයි. හල්ඔලුව මුලින්ම අධිකරණයට ඉදිරිපත් කරන්නේ වෙනත් කාරණයකට ය. එනම් ඔහු ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකුව සිටිය දී භාවිතා කිරීමට ලබා දුන් මණ්ඩලය සතු ලැප්ටොප් පරිඝනකය සහ ඇපල් ජංගම දුරකථනය යළි මණ්ඩලයට බාර නොදී ගෙදර ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලොතරැයි මණ්ඩලය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ය. එකී පැමිණිල්ල කර තිබුනේ මාලිමා ආණ්ඩුව කාලයේ නොව රනිල් වික්‍රමසිංහගේ කාලයේ 2024 අප්‍රේල් මාසයේ දී ය. එවකට තුසිත හල්ඔලුව රනිල්ගේ මහජන සම්බන්ධතා අධක්ෂ ජෙනරාල් ය. නමුත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් හල්ඔලුව අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මාලිමා ආණ්ඩුව කාලයේ දී ය. එම ලොතරැයි මන්ඩලයේ සිද්ධියට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හල්ඔලුවට මුල් වටයේ දීම ඇප ලැබිණ. ඇප ලබා එළියට එද්දී මේ නඩුව වැටුනේ මාලිමා ආණ්ඩුවෙන් කියා සිතූ මේ ගල් මෝඩයා එළියට එන විටම කටට ඇල්ලූ මයික් එකකට බුරා පැන්නේ 'ජනාධිපති අනුරගේ රෙදි ගලවනවා' යැයි උඩඟු මානසිකත්වයකිනි. ජනාධිපති අනුර ග්‍රීසියේ නැව් සමාගමක රුපියල් ලක්ෂ හතලිස් දහසක් තැන්පත් කර ඇතැයි ද, අද සිටින ලොකුම ධනවතා අනුර යැයිද කියමින් තමා දැනට කියන්නේ එපමණකැයි ද, තමා සතුව සාක්කි ඇතැයි ද කට කම සෙයියාවක් නැතිව කියාගෙන කියාගෙන ගියේ ය.
වර්තමාන කෙළවිල්ල කෙළවා ගත්තේ එතැන් සිට ය. කිසිවෙකු හල්ඔලුවගේ ලක්ෂ හතලිස් දහසේ කතාව ගැන විමර්ශනයක් කරන ලෙස සීඅයිඩියට පැමිණිල්ලක් කෙළේ ය. ඒ අනුව සීඅයිඩියට කැඳවූ හල්ඔලුවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් අතර ඔහු සතුව ඇතැයි කී සාක්කි රැගෙන එන ලෙස දන්වා දිනයක් දුන්නේ ය. මේ ගොන් බිජ්ජා සතුව කිසිදු සාක්කියක් නැති බව ලංකා ඊ නිව්ස් හොඳින්ම දනී. ඒ ගැන මෙහි අවසානයේ සඳහන් කරන්නෙමු. තමන්ට සාක්කි රැගෙන එන්නැයි කී දින ලං වෙන විට මේ මෝඩයාට කරගන්නට දෙයක් නැති නිසා මේකා කළේ ඉහත මැයි 27 දා නාරාහේන්පිට නාටකය රඟ දැක්වීමයි. ඔහු ඉන් කියා සිටියේ තමන් සතුව තිබූ සාක්කි තමන්ට ද වෙඩි තබා කව්දෝ පැහැරගෙන ගියා යනුවෙනි. මේ තරම් අතේ පැලවෙන බොරුවක් පිළිගන්නට නම් ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍ය ආයතන වල සහ පොලිසි වල ඉන්නට ඕනෑ මේකා මෙන් පන්සල් ඇබිත්තයන් ය.
මැයි 17 දා සිද්ධිය වූ දිනයේම ලංකා ඊ නිව්ස් මෙය තුසිත හල්ඔලුව විසින් තිර රචනය ලියා ඔහු විසින්ම රංග ගත කළ නාටකයක් බව කියා සිටියේ ඒ අනුව ය.
අනුරගේ සල්ලි ග්‍රීසියේ නැව් සමාගමක තිබෙනවා යැයි හල්ඔලුව කියන කතාව සම්බන්ධයෙන් මේ මරි මෝඩයා සතුව කිසිදු සාක්කියක් නැති බව අප කියන්නේ නිකම් නොවේ. අතීත කතාවක් නිසා ය. ඒ මෙසේය.
ජවිපෙ නොවන අනුරගේම සල්ලි රුපියල් ලක්ෂ 40 ක් ග්‍රීසියේ නැව් සමාගමක ආයෝජනය කර තිබෙනවා යයි තුසිත හල්ඔලුව මුලින්ම කියා සිටියේ අප දන්නා මාධ්‍යවේදියෙකුට පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ දී ය. මතක තියා ගන්න, එවක දී ඔහු කීවේ රුපියල් ලක්ෂ 40 ක් කියා ය. එහි දී ද හල්ඔලුව කීවේ ඔහු සතුව සාක්කි තිබෙන බව ය. තොරතුරු ඉව අල්ලන අප දන්නා මාධ්‍යවේදියා ද හල්ඔලුව පස්සේ වැටෙමින් තිබෙන සාක්කියක් ඉල්ලා සිටියේ ය. වසර එක, දෙක, තුන ගත වූ නමුත් හල්ඔලුව දුන් හෝ අඩුම ගණනේ පෙන්වූ හෝ සාක්කියක් නැත. අවසානයේ දී මාධ්‍යවේදියාගෙන් ගැලවෙන්නට බැරිම තැන මේ හාදයා කීවේ අනුරගේ හිටපු රියැදුරෙකු ඔහු සමග කී සත්‍ය කතාවක් බවයි. එවිට මාධ්‍යවේදියා එකී රියැදුරා මුණගස්වන ලෙස ඉල්ලා සිටියේ ය. කෙතරම් ඉල්ලා සිටිය ද එවැනි රියැදුරෙක් කිසිදා මුණගැස්වූයේ නැත. අවසානයේ අප දන්නා මාධ්‍යවේදියා තේරුම් ගත්තේ තුසිත හල්ඔලුව යනු ගොත ගසමින් කටට එන බොරු කෙළින අමු මැටි මෝලෙක් බවයි.
අලුත් සිද්ධියේ ඇප ලබා එළියට එද්දී කෝපයෙන් හෝ ආච්චි වැහිලා හෝ සිටි හල්ඔලුව නිතරම කටට එන අමු කෙප්ප කෙළින බැවින් එදා අනුර සතුව තිබුනා යැයි කී ලක්ෂ 40 මෙදා ලක්ෂ හතලිස් දහසක් බවට පුම්බා ලුණු ඇඹුල් දමා කීවේ ය. කෙසේ වෙතත් ඒ ප්‍රකාශය වීඩියෝ කර ගත් යූටියුබ් මල්ලීට යෝධ බල යෝධ හයිය ලැබෙන්නට ඕනෑ ය. මන්ද යත් නැතිනම් මේකා තවමත් බොන තැන්වල ඔය පට්ට කෙබරය දෙසා බාමින් මං පොර ජාතකය ලියා ගන්නා නිසා ය. ඊට කෙළවුනේ යූ ටියුබ් මල්ලී නිසා ය.
ගොනාට කෙළවුනේ එතැන් සිට ය. මේ මරි මෝඩයා සතුව කිසිදු සාක්කියක් නැතැයි අප කියන්නේ අතීත කතාව අප දන්නා නිසා ය.
එක ඇබිත්තයෙකුගේ ගොන් පිස්සුවක් නිසා පොලිසි සඳහා, අධිකරණ සඳහා, බන්ධනාගාර සඳහා වටිනා කාලය සේම මහජන මුදල් කෙතරම් නාස්ති වනවා දැයි මඳකට සිතා බලන්න.
ඒ නිසාම අනෙකුත් ගොන් බිජ්ජන්ගේ ද පිස්සු හොඳ වෙන ආකාරයේ දඬුවම් මේ වැනි තකතීරුවන්ට ලබා දිය යුතුය.
මාර වැඩ්ඩා යයි කියන රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපති ලෙස දිව්රුම් දුන් සැනින් ජනාධිපති ලේකම් ලෙස සමන් ඒකනායක පත් කළ වහාම පත් කරන ලද ඊලඟ තනතුර වූයේ 'ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල්' (ධුරය පොඩි නැත) ලෙස තුසිත හල්ඔලුව පත් කිරීමයි. එයින්ම රනිල්ගේ තරම හිතා ගත හැකිය.
---------------------------
by (2025-08-19 21:35:28)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි