~

පාපයක් කළොත් පළදීම නියත ය..! සීඅයිඩිය දේශබන්දුගේ නිවසටම ගොස් ඔහුව අත්අඩංගුවට ගනී..! (Video)

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.20, ප.ව‍.6.15) ධූරයෙන් පහකරන ලද ශ්‍රී ලංකාවේ එකම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද සවස අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 

ඒ ගාලුමුවදොර අරගල කරුවන්ට 2022 මැයි 9 වැනිදා රාජපක්ෂ මැරයෙන් විසින් පහර දීමේ දී දේශබන්දු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපතිවරයෙකුව සිටිමින් පොලිස්පති නියෝග පිලි නොගනිමින් ප්‍රහාරයට ඉඩ දීම සම්බන්ධයෙනි. 

සිද්ධියට එරෙහිව නඩුවක් පැවරිණ. එහිදී හිටපු නීතිපතිවරයා විසින් දේශබන්දු එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස උපදෙස් දුන්න ද එහිදී දේශබන්දු අභියාචනාධිකරණයට ගොස් ඊට එරෙහිව රිට් ආඥාවක් ලබා ගත්තේ ය. පසුව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ අතර පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දුට පක්ෂව දුන් අභියාචනාධිකරණ තීන්දුව අත් හිටුවන ලදී.

ඉන්පසුව තමන්ව අත් අඩංගුවට නොගන්නා ලෙස අපේක්ෂිත ඇප අයැදුම්පතක් දේශබන්දු විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර අද(20) එහි තීන්දුව ලබා දෙමින් දේශබන්දුගේ අපේක්ෂිත ඇප අයැදුම්පත මහේස්ත්‍රාත් අධිකරනය මගින් ප්‍රතික්ෂේප කෙළේ ය.

අපේක්ෂිත ඇපය අද දහවල් ප්‍රතික්ෂේප කිරීමත් සමගම (යලි ඔහුට සැඟවීමට ඉඩක් නොතබා) අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශබන්දුගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් අද සවසම ඔහුව අත් අඩංගුවට ගත්තේ ය.

එදින මැයි 9 වැනිදා නිරායුධ සාමකාමී අරගලකරුවන්ට රාජපක්ෂ මැරයන් පහර දීමෙන් පසුව රට ගිනි ගත් අතර සිදුවූ ජීවිත සහ දේපොල හානි විශාලය. දේශබන්දු තම නිල බලය භාවිතා කරමින් එම ප්‍රහාරය සිදුවීම වැළැක්වීමට හැකියාව තිබිය දී එසේ නොකර ඊට ආධාර අනුබලය දීම නිසා ඔහු ඊට වගකිව යුතු ය.

පාපයක් කළොත් පළදීම නියත ය. සෑම ආගම දහමකම ඇති ඒ නියමය අද ශ්‍රී ලංකාවේ මහ පොළොව මත ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අන්කිසිවක් නිසා නොව ශ්‍රී ලංකාවේ මහජනතාව දශක ගණනාවකට පසු තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම නිසා ය. 

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගෙන ආ වීඩියෝවක් පහතින්

---------------------------
by     (2025-08-20 17:41:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links