-මාණ්ඩලික වාර්තාකරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.20, ප.ව.10.55) රාජපක්ෂලාගේ සහ රනිල් රාජපක්ෂගේ පසුගිය වනචර පාලන කාලයන් තුල ඉතාමත් නරක සහ බරපතල දූෂන චෝදනා එල්ල වූ විශ්ව විද්‍යාල පරිපාලනයක් තිබුනා නම් ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පරිපාලනය යි. ඊට හොඳම සාක්කියක් වන්නේ නැසීගිය මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ විසින් ජපුර පරිපාලනයට එරෙහිව ප්‍රසිද්ධියේ සිදුකරන ලද කර්කශ විවේචනය සහිත වීඩියෝවයි. (නාමල් රාජපක්ෂ ආචාර්ය උපාධියක් සඳහා අනීතිකව ජපුරේ ලියාපදිංචි කිරීමට උත්සාහ කළ කතාව) ටෙරන්ස් පුරසිංහ නමැති කොන්දක් තිබූ ඒ මහඇදුරා එදා ඒ ප්‍රසිද්ධ ප්‍රකාශය නොකෙළේ නම් රාජපක්ෂලා විශ්ව විද්‍යාල පරිපාලනයන්ට එල්ල කළ බරපතල පීඩනය සහ පරිපාලනයන් තුල සිටි රාජපක්ෂ හෙංචයියලාගේ කෙරුවාවන් කොතෙක්දැයි සමහර විටෙක සාමාන්‍ය ජනතාවට දැන ගැනීමට හැකියාවක් නැතිවෙන්නට ද ඉඩ තිබුණි. දිවංගත ටෙරන්ස් පුරසිංහයාණෝ බුදු වේවා..! (එය එතුමාණන්ගේ පැතුම නොවුනා විය හැක්කේ ඔහු භෞතිකවාදියෙකු වූ නයින් වුව එය මහජනතාවගේ පොදු පැතුම ය)
ඉහත පූර්විකාව ලීවේ ජපුරේ මහාචාර්ය වරයෙකුගේ, සහාය මහාචාර්ය වරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුගේ බරපතල මූල්‍ය සහ විභාග වංචා පිලිබඳ හෙළිදරව්වක් ගෙන ඒමට ය. ඉන් එක් අයෙක් අප පූර්විකාවේ සඳහන් කළ ටෙරන්ස් පුරසිංහ හෙළි කළ නාමල් රාජපක්ෂ අනීතිකව ආචාර්ය උපාධියක් සඳහා ජපුරේ ලියා පදිංචි කිරීමට කුමන්ත්‍රණ කළ පුද්ගලයෙකි.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය පද්මලාල් මානගේ නම් උපකුලපති වරයා ඇතුළු ජපුරේ පරිපාලනයට පසුගිය ජනවාරි මාසයේ දී ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබූ නමුත් අද දක්වා ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එබැවින් ජපුරේ පරිපාලනයට ලැබුණු එම පැමිණිල්ල අපි මහජනතාවට හෙළිදරව් කරන්නෙමු. එයින් හෝ ජපුරේ පරිපාලනය අවදි වේ යැයි අපි සිතමු.
1. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය A.R.P.P. උදයකුමාර අමරසිංහ
2. මහාචාර්ය W.M.ධනපාල
3. සහාය මහාචාර්ය M.W.ජයසුන්දර යන අය පිළිබඳවයි.
උදයකුමාර අමරසිංහ
1. විශ්ව විද්‍යාලයේ විනයාධිකාරී තනතුර (Proctor) පූර්ණ කාලීන තනතුරකි. ඊට අදාළ සියලු ම වරප්‍රසාද, නිවසක් හා සියලු දීමනා ලබමින් පූර්ණ කාලීන ව විශ්ව විද්‍යාලය තුළ රැඳී සිටිය යුතු ය. ඔහු එම තනතුර වසර 9 කට වැඩි කාලයක් දරා ඇත.
එම කාලය තුළ ම වෙනත් රාජ්‍ය ආයතන කිහිපයක එවැනි ම වූ පූර්ණ කාලීන තනතුරු ගණනාවක් දරා ඇත.
1.1. ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ධුරය (ඇමුණුම : 1. Act No. 50 of 1998-8(4) )
1.2. වින්දිතයන් සුරැකීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධුරය (ඇමුණුම : 2 Act No 10 of 2023)
මීට අමතරව අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ද මීට සමාන තනතුරු දෙකක් වරින් වර දරා ඇත. (මේ පිළිබඳ ව තොරතුරු ද පෞද්ගලික ලිපි ගොනුවේ තිබිය යුතු ය.)
2. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අයට අපරාධ විද්‍යා විෂයෙන්, මූලික සුදුසුකම් කිසිවක් නොතිබියදී වංචනික ලෙස දර්ශනසූරී (Ph.D.) උපාධිය ලබා දීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇත. මෙහිදී මහාචාර්ය W.M. ධනපාල හා මහාචාර්ය M.W.ජයසුන්දර යන අය ද විභාග කටයුතු සම්බන්ධයෙන් බරපතළ විෂමාචාර ක්‍රියා සිදු කර ඇති බව, ඒ පිළිබඳ ව සොයා බැලීම සඳහා පත් කළ මූලික විමර්ශන වාර්තාවෙන් ද පැහැදිලි වේ. (ඇමුණුම 3)
3. සමාජ විද්‍යා අධ්‍යයනාංශය, සමාජීය විද්‍යා පීඨය, සනාතන සභාව, උප කුලපති, පාලක සභාව නොමග යවමින් හා කිසිවක් විධිමත් ආකාරයෙන් ඉදිරිපත් නො කිරීම සඳහා අයථා බලපෑම් කර ඇති බව හෙළි වේ. (ඉහත විමර්ශන වාර්තාවේ පිටු අංක 13 සිටි 20 දක්වා 05.02 සිටි 07 දක්වා -.ඇමුණුම 3)
4. ජපුරේ එක්තරා මහාචාර්යවරයෙකුගේ පෞද්ගලික ලිපි ගොනුවේ 1991 සිටි 2014 දක්වා තිබූ විශ්ව විද්‍යාලය හා සම්බන්ධ සියලු පත්වීම් ලිපි සහ ඔහු විසින් ලබා දී තිබූ ඔහුගේ සුදුසුකම් පිළිබඳ සියලු විභාගවලට අදාළ සහතික පත්‍ර සියල්ල ලිපි ගොනුවෙන් අස්ථානගත කිරීමට, උදය කුමාර අමරසිංහ, W.M.ධනපාල හා M.W.ජයසුන්දර යන අය කටයුතු කර ඇත. (එවකට හිටපු උප කුලපති N.L.A. කරුණාරත්න මහතා මීට වසරකට පමණ පෙර හමු වූ අවස්ථාවේ දී එකී මහාචාර්යවරයා සමඟ ප්‍රකාශ කර තිබිණ.)
5. සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයෙන් වෙන් කොට අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ අලුතින් පූර්ණ අධ්‍යයනාංශයක් පිහිටුවීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය දී තිබිය දී, N.L.A.කරුණාරත්න උපකුලපතිවරයාගේ දෙවැනි ධුර කාලයේ දී එය ස්ථාපිත කිරීම වැළැක්වීම සඳහා, උදයකුමාර අමරසිංහ, W.M.ධනපාල හා M.W.ජයසුන්දර යන ආචාර්යවරු උපකුලපතිවරයාට බලපෑම් කිරීම. මේ පිළිබඳ ව උපකුලපතිවරයාගේ නිර්දේශ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යැවීම නිසා නව අධ්‍යයනාංශයක් ආරම්භ කිරීම වැළැක්වීමට කටයුතු කිරීම. 2016 වර්ෂයේ දී නව අධ්‍යයනාංශයක් ආරම්භ කරන ලද්දේ ඊළඟ උපකුලපතිවරයා පත් වූ පසුවයි. මේ පිළිබඳ සියලු විස්තර අධ්‍යයනාංශය හා සම්බන්ධ ලිපි ගොනුවේ ඇත.
6. 2010 වර්ෂයෙන් පසුව පර්යේෂණ කොන්ත්‍රාත් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොර ව දේශපාලනය සබඳතා මත මහාචාර්ය W.M. ධනපාල හා මහාචාර්ය M.W.ජයසුන්දර යන අයගේ නමින් පර්යේෂණ කොන්ත්‍රාත් ගණනාවක් ලබාගෙන ඇත. ගෙවීම් කටයුතු වල දී උදයකුමාර අමරසිංහ යන අයට ද කොටස් වශයෙන් ගෙවීම් කර ඇත. එවක අධ්‍යයනාංශ ප්‍රධානියා වශයෙන් සිටි මහාචාර්ය වරයෙකුට ද රු. 250,000 ක් හෝ වැඩිපුර මුදලක් ගෙවා ඇත්තේ ඔවුන්ගේ ලිපි ලේඛන එකී මහජචාර්යවරයා විසින් සනාථ කළ යුතු වූ නිසා බව ඔහු දැන ගෙන ඇත්තේ පසුව ය. මේ පිළිබඳ සියලු විස්තර විශ්ව විද්‍යාලය විගණන අංශයෙන් ලබාගත හැකියි.
7. මහාචාර්ය W.M.ජයසුන්දර මහතා සම්බන්ධ අක්‍රමිකතා විමර්ශන වාර්තාවට අනුව විමර්ශන කටයුතු සම්පූර්ණ කර නොමැත. (ඇමුණුම 3)
8. එවකට මහාචාර්ය යසංජලී දේවිකා ජයතිලක මහත්මිය විසින්ම උපකුලපතිතුමා වෙත 2009-07-09 වන දින ලියන ලද මා.පා. වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණ කර නොමැත. . (ඇමුණුම 4)
1. මෙම චෝදනාවන්ට අදාල ව විධිමත් විමර්ශනයක් පැවැත්වීම.
2. උදයකුමාර අමරසිංහගේ අධ්‍යයනාංශ ප්‍රධාන තනතුර අත්හිටුවීම. (මේ විමර්ශනවල නිගමන / තීරණ ලැබෙන තෙක්)
3. විභාග වංචාවන් පිළිබඳව දක්වා ඇති විමර්ශන ආරම්භක කොට තීන්දුව අනුව කටයුතු කිරීම (ඇමුණුම 03 වගන්ති 06.07).
4. විශ්ව විද්‍යාලයේ කථිකාචාර් ධූරය හා විනයාධිකාරී තනතුරට අමතරව ගෙවීම් කරන ලද අනෙකුත් තනතුරු සඳහා දීමනා, වරප්‍රසාද ලබාගැනීම පිළිබඳව නීතිමය තත්ත්වය හා ඒවා කඩ කර ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කිරීම. (ඇමුණුම 01 හා 02)
5. මොවුන් සියලු දෙනාට ම සමායෝජක තනතුරු දැරීම තහනම් කිරීම.
6. අලුතින් පුවත්පත් දැන්වීම් පළ කර ඇති ආචාර්ය මණ්ඩලය සඳහා කථිකාචාරවරුන් බඳවා ගැනීම අත්හිටුවා, ඒ සඳහා මොවුන්ගේ මැදිහත් වීමට ඇති අවස්ථාව තහනම් කිරීම.
7. විමර්ශනවල තීරණ/ තීන්දු ලැබෙන තෙක් තිදෙනාගේම (උදයකුමාර අමරසිංහ,M.W.ධනපාල විජේසිංහ, W.M. ජයසුන්දර) විදේශගතවීම තහනම් කිරීම.
8. උදයකුමාර අමරසිංහ, M.W.ධනපාල, W.M. ජයසුන්දර (ඇමුණුම 03 හි සඳහන් 05.02 සිට 6 දක්වා වගන්ති) සම්බන්ධ සියලුම කරුණු පිළිබඳව වගකිව යුතු ය. එහි සඳහන් කරුණුවලට අදාල ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම.
9. ඇමුණුම 4 හි සඳහන් මා.පා. වාර්තාවෙහි සඳහන් නිගමන ක්‍රියාත්මක කිරීම.
මෙම ලිපිය සමඟ ඇමණුම් තිබෙන නමුත් ලිපිය සමග ඒවා පළ කිරීම අපහසු නිසා පල නොකරන්නෙමු.
---------------------------
by (2025-08-20 17:34:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි