~

රාජිත සොයන්න ගිය අල්ලස් නිලධාරීන් තලාහේනේ මුරුත්තෙට්ටුගොඩ පාර දෙවනත් කරයි.!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.21, ප.ව‍.9.10) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදීත් දිගින් දිගටම සැඟවී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ නොතීසි නිකුත් කළාය. ඒ එළඹෙන අගෝස්තු මස 29 වනදා උදේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි. 

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද(21) රාජිතගේ තලාහේනේ මුරුත්තෙට්ටුගොඩ පාරේ  පිහිටි නිවසට ගොස් අදාල නොතීසි දැන්වීම් වසා තිබූ නිවසේ ප්‍රධාන දොරේ සහ වසා තිබූ ගේට්ටුවේ අලවනු ලැබීය. 

නොතීසි අලවනවාට අමතරව ලවුඩ්ස්පීකර් භාවිතා කරමින් නොතීසිය මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් ඇසෙන්නට කියවනු ද ලැබුවේ ය.

අල්ලස් කොමිසම රාජිත සේනාරත්නව සොයන්නේ ඔහු ධීවර ඇමැතිව සිටිය දී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ‍කෝටි 2 යි ලක්ෂ 62 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ගැන විමර්ශන පැවැත්වීම ට ය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නිකුත් කළ අදාල නොතීසිය පහත දැක්වේ.

අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චූදිත තැනැත්තෙකුට සිදුකරනු ලබන විශේෂ නිවේදනයයි.

චූදිත තැනැත්තෙකුට පැමිණ පෙනී සිටින ලෙස නියම කරන ප්‍රකාශනය

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ය.

නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න, අංක 636/3, 11 වන පටුමග, මුත්තෙට්ටුගොඩ පාර, තලාහේන, මාලබේ. මේ අධිකරණයේ අධිකරණ බල ප්‍රදේශ සීමාව ඇතුලත වූ, වසර 2012 ක් වූ ජුනි මස 23 වන දින විදේශීය සමාගමක් මගින් ඉල්ලුම් නොකළ ව්‍යාපෘති යෝජනාවක් සඳහා අවිධිමත්ව අනුමැතිය ලබා දීම හා කැනීම් යාත්‍රාවක් අවිධිමත්ව බදු ලබා දී ඇති බවට වූ පැමිණිල්ලට උත්තර ලබා දීම සඳහා එකී නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න යන අය අල්ලා ගැනීම පිණිස වූ වරෙන්තුවක් එකී කොළඹ කොට්ඨාශයේ සහ ඒ කොට්ඨාශය සඳහා වූ මහේස්ත්‍රාත්වරයෙකු විසින් 2025 ක් වූ අගෝස්තු මස 12 වැනි දින නිකුත් කරන ලද හෙයින් ද 

තවද එකී නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න සොයාගත නොහැකි බවට එකී වරෙන්තුව සම්බන්ධයෙන් වාර්තා කර ඇති හෙයින් ද 

තවද එකී නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න සැඟවිල්ලේ සිටින බව (නැතහොත් වසන් වී සිටින බව) ද එනිසා වරෙන්තු ක්‍රියාවේ යෙදවීමට නොහැකි බවද මා සෑහීමකට පත්වන පරිදි පෙන්වා දෙනු ලැබ ඇති හෙයින් ද

එකී පැමිණිල්ලට උත්තර දීම සඳහා 2025 ක් වූ අගෝස්තු මස 29 වන දින පෙරවරු 9.00 ට කොළඹ ප්‍රධාන මහසේත්‍රාත් අධිකරණ ශාලාවෙහි එකී නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න පැමිණ පෙනී සිටින ලෙස මෙයින් නියම කරමින් මේ ප්‍රකාශනය කරනු ලැබේ.

2025 අගොස්තු මස 20 වන දින වූ මෙදින ඉහත කී එකී කොට්ඨාශය තුල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී මාගේ අත්සන සහිතව නිකුත් කරන ලදී

අත්සන් කෙළේ

බී.ජේ. තනුජා ලක්මාලි ජයසිංහ  

මහේස්ත්‍රාත්
ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය
කොළඹ

---------------------------
by     (2025-08-21 15:48:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links