~

ජනමාධ්‍යවේදීන් 61 කට ජනමාධ්‍ය ශිෂ්‍යත්ව; ජනමාධ්‍යවේදීන්ට විධිමත් රක්ෂණ ක්‍රමයක්; වරලත් ආයතනයක්..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.23, ප.ව‍.11.00) ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් සංවිධානය  කරනු ලබන ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනේ 2025 ශිෂ්‍යත්ව ප්‍රදානය ඊයේ පස්වරුවේ (22) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහි දී ජනමාධ්‍යවේදීන් 61 දෙනෙකු සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර පුහුණු පාඨමාලා මඟින් තම ජනමාධ්‍ය වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට මාධ්‍යවේදීන් ට අවස්ථාව සලසාදීම මෙහි මූලික අරමුණ වේ.

රු.මිලියන 7 ක්..! යළි නොගෙවන ශිෂ්‍යත්ව..!

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පුර්ණ කාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය තාක්ෂණ ශිල්පීන්ට යළි නොගෙවන පදනම මත මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි.

උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද, කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, උසස් ඩිප්ලොමා පාඨමාලා සදහා රුපියල් ලක්ෂයක මුදලක් ද මෙම ශිෂ්‍යත්වලාභීන්ට ලබා දෙන අතර මේ සඳහා  රජය රුපියල් මිලියන හතක මුදලක් වෙන් කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් 2006 වර්ෂයේ දී මාධ්‍යවේදීන් 11 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙමින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් වර්තමානය වන විට මාධ්‍යවේදීන් 1133 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙන බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අවධාරණය කර සිටියේ ය.

දැන හැඳුනුම්කම් වලට නෑ..

අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තෝරාගත් කමිටුවක් මගින් මෙම මාධ්‍යවේදීන් තොරාගත් බව අවධාරණය කළ අමාත්‍යවරයා කිසිදු අයුරකින් දැන හැඳුනුම්කම් මත හෝ වෙනත් බලපෑම් මත අදාළ නිර්නායක මඟහරිමින් මෙම ශිෂ්‍යත්ව ලබා නොදුන් බව ද පැවසී ය.

මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක්..

මෙරට ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට රජය අවස්ථාවන් සලසන අතර ම නව මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම, ජනමාධ්‍යවේදීන්  සදහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම, මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් ආරම්භ කිරීම වැනි තවත් වැඩසටහන් ගණනාවක්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේවන විට ක්‍රියාත්මක කර තිබෙන බවත් පැවසී ය.

පෑනක් අතේ තිබුණූ පමණින් ම, කැමරාවක් අතේ තිබුන පමණින්ම..

සමාජයක් පවතින ප්‍රධාන කුළුණු හතරෙන් එකක් මාධ්‍ය ක්‍ෂේත්‍රය  බව පෙන්වා දුන් අමාත්‍යවරයා අනෙක් ත්‍රිත්වය අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය බව පෙන්වා දෙන ලදි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාතයවරයා දේශපාලනය ක්ෂේත්‍රයත් අධ්‍යනය කළ යුතු, පුහුණු වියයුතු අංශයක් බවත්, මහජනතාවගේ කැමැත්ත සහිතව දේශපාලන ක්ෂේත්‍රයට පිවිසුණු පසු විශේෂයෙන්ම රාජ්‍ය පාලනයේ දී, ආණ්ඩුකරනයේ දී  තමන්ගේ හැකියාව කුසලතාවය, විශේෂඥභාවය වර්ධනය කරගත යුතු බව ද පෙන්වා දෙන ලදී. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ද එය අදාළ වන බව ද පැවසී ය.

පෑනක් අතේ තිබුණූ පමණින් ම, කැමරාවක් අතේ තිබුන පමණින්ම,යමක් ලියන්න කියන්න පුළුවන් වුණු පමනින්ම ජනමාධ්‍ය වේදීයෙක්වනවා යන ප්‍රශ්ණය තමන් තුළ පවතින බවත්, ජනමාධ්‍යවේදියාගෙන් තමන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වන බව ද පැවසී ය.

ජනතාව මාධ්‍යවේදියාගෙන් බලාපොරොත්තු වන දේ..

රජය කරවන්නන් වුවත්, රාජ්‍ය නිලධාරීන් වුවත්, අනෙකුත් ක්ෂේත්‍ර මෙහෙයවන්නන් වුවත්, වගකීම් දරණ අය ජනතාවගේ පැත්තේ සිට නිවැරදිව කටයුතු කරනවා ද සහ ඒ මොහොතේ ගනු ලබන තීන්දු කොතරම් දුරට අනාගතය වෙනුවෙන් වැඩදායි ද, ඵලදායී ද සහ සුභදායී ද යන්න පිළිබදව මගපෙන්වීමක්, යෝජනා කිරීමක්, ප්‍රශ්ණ කිරීමක් මාධ්‍යවේදීයාගෙන් සමාජය බලාපොරොත්තුවන බව අවධාරණය කළ අමාත්‍යවරයා මාධ්‍යවේදියාගෙනුත් එම දායකත්වය ලැබුනහොත් රජය බලාපොරොත්තුවන ගමන යා හැකි බව ද පැවසී ය.

විදේශ  රටවල පිළිගත් පුහුණු පාඨමාලා, උපාධි සහ අත්දැකීම් හුවමාරු කරගන්නා වැඩසටහන් සදහා මෙරට ජනමාධ්‍යවේදීන් සහභාගිකරවීමට තමන් විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග සාකච්ජා සිදුකරන බවත්, ඒ සදහා අවස්ථාව නුදුරේම මෙරට මාධ්‍යවේදීන්ට ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.

ජනමාධ්‍යවේදීන් සඳහා රක්ෂණයක් ක්‍රමයක්..

එමෙන්ම ලබන වර්ෂයේ දී ජනමාධ්‍යවේදීන් සඳහා රක්ෂණයක් ක්‍රමයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන දීපා ලියනගේ, එන්.ඒ.කේ.එල්. විජේනායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් යන මහත්ම මහත්මීන් මෙන්ම ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්  ඇතුළු පිරිසක් පිරිසක් ද සහභාගී වුහ.

---------------------------
by     (2025-08-23 19:40:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links