-ලංකා ඊ නිව්ස් පසු සටහනකින් යුක්තයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.25, ප.ව.9.25) වරක් ඉතා බරපතල අන්දමේ අසත්‍ය පුවතක් පළ කිරීම නිසා තම විකාශන බලපත්‍රයද අහිමි කරගෙන මාධ්‍ය සමාජය තුල පළමුවරට කළු නමක් සනිටුහන් කර තිබෙන 'හිරු' මාධ්‍ය ජාලය යලිත් වරක් ඉතා නින්දිත අන්දමේ අසත්‍ය පුවතක් සිතා මතා තම මාධ්‍ය ජාලය තුල ප්‍රසිද්ධ කර තිබේ. ඒ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වන අතර ප්‍රවෘත්තියෙන් කියා ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරගතව දැනට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබන රනිල් වික්‍රමසිංහ බැලීමට රනිල්ගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහත් සමග හොර රහසේ රාත්‍රියේ ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය ලේකම් වරයා ක්ෂනික ප්‍රතිචාරයක් දක්වා ඇත. ඒ මෙසේ ය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් " යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බව දන්වා සිටින අතර එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා වෙත දන්වා ඇත. එකී ලිපිය පහත දැක්වේ.
PMO/SEC/01/Common
25-08-2025
රෙනෝ ද සිල්වා මහතා
සභාපති
හිරු මාධ්‍ය ජාලය
මහත්මයාණනි
හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, ප්‍රවෘත්ති නිල මුහුණු පොතෙහි සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි 2025-08-25 දින පළ වී ඇති "අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී සමග රනිල් බලන්න ඇවිත්..! " යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් සාවද්‍ය ප්‍රවෘත්තියක් බවද, මෙවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති මාධ්‍ය තුල පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර, මෙම ප්‍රවෘත්තිය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන මෙන් දන්වා සිටිමි.
මෙයට විශ්වාසී
ප්‍රදීප් සපුතන්ත්‍රී
පිටපත් - සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් -මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ඔබ මාධ්‍ය ජාල තුල පළ නොකිරීමට වග බලා ගැනීම පිණිස
ලංකා ඊ නිව්ස් පසු සටහන;
ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතියට එරෙහිව දිගින් දිගටම, සිතා මතා, සැලසුම් සහගතව, මෙවැනි සාහසික අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන 'හිරු' නමැති රෙනෝ ද සිල්වාගේ කළු සල්ලි වලින් දුවන ජඩමාධ්‍ය භාවිතා කරන්නේ මහජනතාව සතු විද්‍යුත් තරංග වේ. ඔවුන් ඒවා භාවිතා කරන්නේ රාජ්‍ය විසින් නියම කරනු ලබන විශාල කොන්දේසි ප්‍රමාණයකට යටත්ව බදු පදනමක් යටතේ ය. නැතහොත් ජනතාව සතු විද්‍යුත් තරංගවල සින්නක්කර අයිතියක් ඔවුන්ට නැත.
අග්‍රමාත්‍යවරිය යනු රටේ දෙවැනි පුරවැසියා ය. හිරු වැනි ජඩමාධ්‍ය ඇය ස්ත්‍රියක නිසා සමාජයේ අඩු සැලකිල්ලකට භාජනය කරන බව ජනතාවට පෙනී යයි. රටේ දෙවැනි පුරවැසියා පිළිබඳ පුවතක් පළ කිරීමේ දී ඒවා ජාතික මෙන්ම ජාත්‍යන්තරව ද නොමඳ සැලකිල්ලට භාජනය වන බව සැලකිය යුතු මනා ය. අගමැතිවරිය ගැන ඉහත ප්‍රවෘත්තිය අතපසු වීමකින් පළ කරන ලද්දක් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. මන්ද යත් අග්‍රමාත්‍ය වරයෙක් හෝ වරියක් සතුව මාධ්‍ය ඒකකයක්ම පවතී. එවැනි මාධ්‍ය ඒකකයක්ම පවතින්නේ රටේ දෙවැනි පුරවැසියා පිළිබඳ පුවතක් පළ කිරීමේ දී එහි සත්‍ය අසත්‍ය භාවය නිසි ලෙස ඒ විමසා දැන ගැනීමට ය. එය ලෝකයේ සම්මත ක්‍රම වේදයයි.
එබැවින් හිරු නමැති ජඩමාධ්‍ය කර ඇත්තේ ඉතා බරපතල ලෙස මහජන අයිතිය සාපරාධී ලෙස සිතා මතා අවභාවිතා කිරීමක් පමණක් නොව රටේ දෙවැනි පුරවැසියා පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් බරපතල කළු චිත්‍රයක් සනිටුහන් කිරීමකි.
එනිසා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා කළ යුත්තේ ඉහත අන්දමේ 'සෙවල' මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පමණක් නොවේ. ජනතාවගේ සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ද තහවුරු කරමින්, රටේ දෙවැනි පුරවැසියා ගේ ප්‍රතිරූපය ද රැක ගනිමින්, නිසි නීත්‍යානුකූල ක්‍රියා මාර්ගයකට අවතීර්න වීමය. මන්ද යත් අග්‍රමාත්‍ය තනතුර ද මහජනතාව විසින් තෝරා පත් කර ගත් තනතුරක් වන බැවින් හිරු ජඩමාධ්‍ය කර ඇත්තේ මහජනතාවගේ අනුල්ලංඝනීය පරමාධිපත්‍ය බලය ද හෑල්ලු කිරීමක් වන නිසා ය. මෙය හිරු විසින් කරන ලද ප්‍රථම අවස්ථාව නොවන බව ද නිසි බරින් යුතුව සැලකිල්ලට ගත යුතුය.
---------------------------
by (2025-08-25 16:06:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි