~

හිටපු ජනාධිපතිලාගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පතට එරෙහි විභාගය අවසන්..! රහස්‍ය තීන්දුව කතානායකට..! අලි සබ්‍රිගේ 'වහු පැටි'කම අධිකරණයේ දිග හැරේ..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.25, ප.ව‍.11.00) රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ, විශ්‍රාමික ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (25) අවසන් කෙරුණි.

එහිදී දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් විනිසරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ, එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කෙරෙන බවය.

අලි සබ්‍රිගේ 'වහු පැටි' කම..

පෙත්සම් විභාගයේ දී පළමුව කරුණු දැක්වූයේ නඩුවේ එක් පෙත්සම්කාර පාර්ශ්වයක්වන නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ය. ඔහු කියා සිටියේ ජනාධිපති සතු වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බැඳුණු කරුණක් බැවින් ඊට අදාළ සංශෝධන සිදුකිරීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මතවීමට අමතරව ඒ සඳහා ජනමත විචාරණයකින් බහුතර කැමැත්ත ලබාගත යුතු බවයි. අලි සබ්‍රි උදාහරණයකට ගත්තේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන 19 වැනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය අඩු කිරීම සමග ඇතැම් විධායක බලතල අත්හැරීමට ගත් වෑයමයි. එහිදී එවන් සමහර බලතල ඉවත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකින් ද අනුමැතිය ලබා ගත යුතු බව එවක දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව අලි සබ්‍රි උදාහරණ ලෙස පෙන්වීය. 

අලි සබ්‍රි කවර වර්ගයේ තකතීරු ජනාධිපති නීතිඥයෙකු දැයි පෙනී යන්නේ ඔහුගේ එකී ගොබ්බ තර්කය අනුව ය. මෛත්‍රීපාලගේ සිදුවීමේ දී කියැවෙන්නේ ජනාධිපතිවරයෙකු සතු විධායක බලතල ගැන වුව ද මෙකී පණත් කෙටුම් පතින් කියැවෙන්නේ එවැනි විධායක බලතලයක් ගැන නොවේ. පසුව පණතකින් විශ්‍රාමික ජනාධිපතිලා ට ආරූඪ කර ගන්නා ලද වරප්‍රසාදයන් ය. තමා, ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාමික වරප්‍රසාද සහ ධූරය දරද්දී තිබෙන විධායක බලතල අතර මූලික වෙනස්කම් නොතේරෙන වහු පැටියෙක් බව අලි සබ්‍රි අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පෙන්වා දුන්නේ ය.

අනතුරුව පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් ගලප්පත්ති නමැත්තෙකු ද කරුණු දැක්වීය. ඔහුගේ ද ප්‍රධාන තර්කය වූයේ මෙම පණත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවයි.

සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න..

අනතුරුව රජය වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ ය.

"ස්වාමිනි, වත්මන් රජය බලයට පත්වීමට පෙර ඉකුත් මැතිවරණ සමයේ මහජනතාවට ප්‍රතිඥාවක් ලබාදුන්නා තමන් බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ඉවත්කරන බවට. ඒ අනුවයි මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ. යෝජිත පනත් කෙටුම්පත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම සඳහා ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් නොවේ. එහි අරමුණ 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීම පමණයි. මේ තුළින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන්නේ නෑ. එම නිසා අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමුකිරීම අවශ්‍ය වෙන්නේ නෑ." 

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 28 වැනි බ්‍රහස්පතින්දා දහවල් දොළහට පෙර ඉදිරිපත් කරන ලෙසයි. 

ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

---------------------------
by     (2025-08-25 19:54:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links