~

"පැලවත්තෙන් දුන් තීන්දුවක්" කී දයාසිරිට සොරි වේ..! නීතිඥවරයෙකුගෙන් පැමිණිල්ලක්..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.25, ප.ව‍.11.30) රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ලබා දුන් මහේස්ත්‍රාත් නියෝගය සම්බන්ධයෙන් විනිසුරුවරිය සහ අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ඇතුළු කිහිප දෙනෙකු සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශ ගැන කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් අද ගොනු කර තිබේ. 

එහිදී දයාසිරි ජයසේකර මෙම තීන්දුව පැලවත්තේ ජවිපෙ එන්පීපී කාර්යාලයෙන් දුන් තීන්දුවක් බව ප්‍රකාශ කෙළේ ය. 

රනිල් වික්‍රමසිංහට ඇප ලබා නොදීම දීර්ඝ විමර්ශනයක කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය ලබා තීන්දුවක් ලෙස තිබිය දී, එකී අධිකරණ තීන්දුව පැලවත්තෙන් මෙහෙයවා ඇති බව හැඟී යන ආකාරයේ ප්‍රකාශ, දයාසිරි ඇතුළු පිරිස සිදුකර ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් නීතීඥ නලින් සම්පත් කුමාර නමැති අය සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබෙන ආකාරයේ වරදක් සිදු කළ පළමු පුද්ගලයා ඔහු නොවන බව පවසන නලින් සම්පත් කුමාර නීතීඥවරයා, එවැනි වරදකට මීට පෙර ලබා දී තිබෙන තීන්දු අනුව මෙහිදී ද කටයුතු කර තිබෙන බැවින්, එය වැරැද්දක් වන්නේ කෙසේද කියා අදාළ ලිඛිත පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

වැඩි දුරටත් කරුණු දක්වන නලින් සම්පත් කුමාර නීතිඥවරයා කියන්නේ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් දේශපාලනීකරණය වී ඇති බවට හැඟී යන ආකාරයට දයාසිරි ඇතුළු පිරිස් ප්‍රකාශ කර ඇති බවත් ඉන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල හානියක් සිදුව ඇති බවයි.

දයාසිරි ප්‍රමුඛ පිරිස් සිතා මතා සිදුකර ඇති එකී ප්‍රකාශ වලින් ජනතාවගේ සිත තුළ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති විය හැකි අතර ඔවුන්ට ගැති සමාජ මාධ්‍ය හරහා ද තීන්දුව ලබා දුන් විනිසුරුවරියට චෝදනා එල්ල කර ඇති බවද නීතිඥ නලින් සම්පත් කුමාරගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

විනිසුරුවරුන්ට තමන් වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්විය නොහැකි තත්ත්වයක දී නීතිඥවරුන් වන දයාසිරි ලා, සාගර කාරියවසම් ලා පැල් බැඳගෙන මාධ්‍ය හමු පවත්වමින්, වොයිස් කට් දෙමින් අධිකරණ තීන්දුවක් පට්ටා ගැසීම සම්බන්ධයෙන් ඔවුන් නිසි දඬුවම් ලැබිය යුතු ය. 

---------------------------
by     (2025-08-25 20:30:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links