~

බල්ලාට අයිති වැඩේටත් එහා ගොස් වැඩ කළ බූරුවෙක් අමාරුවේ වැටිලා..! දොස්තර බෙල්ලනට එරෙහි විනය පරීක්ෂනයක්..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.27, ප.ව‍.8.30) එකල බල්ලාගේ වැඩේ කරන්න ගිය බූරුවාට අත් වූ ඉරණම අපේ ජනකතා වල එයි. මෙකල බල්ලාට අයිති වැඩේටත් එහා ගොස් වැඩ කරන්නට ගිය බූරුවෙක් අමාරුවක වැටුණු සිද්ධියක් ගැන කොළඹ මහ රෝහලෙන් වාර්තා වෙයි. ඒ නම් කොළඹ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පිළිබඳව ය. 

පසුගිය වසරේ ජූලි මාසයේ දී එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායක ධූරය එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ අතින් ලබා ගත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙදා බෙල්ල දුන්නේ රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත වී පසුව අසනීප තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ය. 

මාක් ට්වේන්ගේ ප්‍රකට කියමනක් වන "As is the master, so is his dog" - "ස්වාමියා වගේමයි එයාගේ බල්ලත්" නම් කියමන සනාථ කරමින්, අනුන් සතු මුදල් තමන්ගේ සේ වියදම් කිරීම නිසා හිරේ වැටුනු රනිල් ගැන අනුන් සතු වගකීම් තමන්ගේ සේ ගෙන ක්‍රියා කළ රුක්ෂාන් බෙල්ලන රනිල් රෝහල්ගතව සිටින කාලය තුල ක්‍රිකට් මැච් විස්තර ප්‍රචාරකයෙකු සේ පැයෙන් පැයට රනිල්ගේ රෝගී තත්ත්වය ගැන මාධ්‍යයට විස්තර ප්‍රචාරය කිරීම නිසා අමාරුවේ වැටී තිබේ. 

කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ වන අතර රුක්ෂාන් බෙල්ලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකි. අඩුම ගණනේ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවා නොකළ කාරියක් බෙල්ලන සිදුකෙළේ ය.

රනිල් නොව අන් කිසිදු රෝගියෙකුගේ රෝගී තත්ත්වයන් පිටතට හෙළිකිරීම වෛද්‍ය ආචාර ධර්ම වලට සේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නීති වලට ද පටහැනිය. ඒ අනුව රනිල් අරභයා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජනමාධ්‍යයට දුන් ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් පියවර ගනිමින් සිටී.

මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවක දී වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විදෙස් සංචාරයක නිරත වන නිසා වැඩ බලන්නේ නියෝජ්‍ය අමාත්‍ය වරයා ය) වෛද්‍ය හංසක විජේමුණි මෙසේ පැවසීය.

"රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශ නිකුත් කරලා තිබ්බා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට එහෙම නිවේදන නිකුත් කිරීමට කිසිම අයිතියක් නෑ. 

එයාගෙ සෙක්ෂන් එකේත් නෙවෙයි අර මහත්තයා ඇඩ්මිට් වෙලා හිටියේ. අපිට රෝගියෙක් ආවම ඒ හැම රෝගියෙක්ම රෝගියෙක්. ඒ වගේම අපි කරන්න පුලුවන් උපරිම දේ කරනවා සෞඛ්‍ය අමාත්‍යංශය විදියට. 

නමුත් ජාතික රෝහලේ ඔය කියන පුද්ගලයා කරන්නේ එයාට අයිති නැති ජොබ් එකක්. ඒකට අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕන. මොකද රෝගියෙක්ගේ තොරතුරු ඔහු කුමන තරාතිරමක වුනත් ජනමාධ්‍යකට ලබාදීමට කිසිදු අයිතියක් නෑ. ඔහුගේ සමහර ක්‍රියා කලාප නීත්‍යාකූල නෑ. 

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔහුට එළියට නිවේදන නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නෑ" යැයි වෛද්‍ය හසංක විජේමුනි පැවසීය.

(රුක්ෂාන් බෙල්ලන එජාප ආසන සංවිධායක ධූරය ලබා ගත් අවස්ථාවේ සේයාරුවක් මෙහි දැක්වේ)

---------------------------
by     (2025-08-27 15:08:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links