~

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි නායකයන් ඇවරියක් විදේශයකදී අත් අඩංගුවට..! සිදුකළ රහසිගත මෙහෙයුම ගැන විශේෂ මාධ්‍ය හමුවක්..! (Video)

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.28, ප.ව‍.4.30) සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ලෙස හඳුනාගෙන සිටින, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ නිලංග ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධ කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එරටට ගොස් එහි මෙට්‍රොපොලිටන් පොලිසියත්, ඉන්ටර්පොල් ජාත්‍යන්තර පොලිසියත් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවය.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ කුඩා දරුවෙකු ද සිටින බව, පොලීසිය ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ මැලේසියාවේ අබුඩාබි රාජ්‍යයේ ඉන්දුනීසියාවේ සැඟව සිටිමින් අපරාධ සිදුකළ 20 ක පමණ පිරිසක් (අද පිරිස නොමැතිව) මේ වන විටත් අත් අඩංගුවට ගෙන මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන බවත් ප්‍රංශය, රුසියාව බෙලෝරුසියාව ඇතුළු රටවලද සැඟව සිටිමින් අපරාධ සිදුකරණ පිරිස් අත් අඩංගුවට ගැනීමට ඉදිරියේදී මෙහෙයුම් දියත් කරන බවද අද මේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව නඩු කඩිනම් කිරීම වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි ද අමාත්‍ය ආනන්ද විජේපාල මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස කොටුකරගැනීම පිළිබඳ පැවැති විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

---------------------------
by     (2025-08-28 14:32:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links