-ඒකාබද්ධ විපක්ෂය පුකට පිහියෙන් ඇනගෙන ලේ බඩ යනවා යයි කියයි?
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.28, ප.ව.10.20) 'කෙහෙල්බද්දර පද්මේ මහතා ඇතුලු පිරිසක් අත් අඩංගුවට ගැනීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්' මැයෙන් උපහාසාත්මක ලියැවිල්ලක් සමාජ ජාලා අතර සංසරනය වෙයි.
දින දෙකක් තුල රු. එක්කෝටි හැට හය ලක්ෂයකට අධික මහජන මුදල් කාබාසිනියා කරමින් නීති විරෝධී ව ක්‍රියා කිරීම නිසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ දී ඒකාබද්ධ විපක්ෂය යයි කියා ගත් පසුගිය මැතිවරණ වලින් කුජීත කර එළවා දැමූ උන් ජෝගි නැටුවේ එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව කියමිනි.
නීති විරෝධී ක්‍රියාවකට අත් අඩංගුවට ගත් රනිල් සේම කෙහෙල්බද්දර පද්මේලා ද අත් අඩංගුවට ගෙන තිබෙන්නේ නීති විරෝධී ක්‍රියා කිරීම හේතුවෙනි. ඒකාබද්ධ විපක්ෂය කියන ආකාරයට රනිල් අත් අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් නම් කෙහෙල්බද්දර පද්මේ ලා අත් අඩංගුවට ගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් විය යුතුය.
මේ දේශපාලන කියැවීම හරි අපූරුවට කෙටියෙන් උපහාසාත්මකව ලියන ලද සමාජ මාධ්‍ය ලියැවිල්ලේ මුල් අයිතිකරුවා කව්දැයි නොදන්නේ වී නමුත් ඔහුට හෝ ඇයට ද ස්තූතිය පළකරමින් එය අප පාඨකයන්ගේ ද සෝපාහාසය පිණිස පහත සටහන් කර තබමු.
සත්‍ය වශයෙන් නම් ඒකාබද්ධ විපක්ෂය යයි කියාගන්නා කුජීතයින් මෙම ලියැවිල්ල කියැවූයේ නම් කක්කුස්සියකට ගොස් පුකට පිහියෙන් ඇන ගෙන ලේ බඩ යනවා යයි කියා රුක්ෂාන් බෙල්ලනගේ වාට්ටුවට ඇතුලත් විය යුතු ය. ඉතිරි ටික බෙල්ලන බලාගන්නවා ඇත.
කෙහෙල්බද්දර පද්මේ මහතා ඇතුලු 5 දෙනෙකු එතෙරදී අත්අඩංගුවට ගැනීම රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ඒකාධිපති පක්ෂ පාලනයේ වියරුව මනාව ප්‍රකට කරන්නක් වන අතර,
අප විපක්ෂ සංධානයේ උද්යෝගීමත් සාමාජීකයෝ හා ආධාර කරුවෝ ද වන මෙම විශිෂ්ට ව්‍යවසායකින් හා දානපතියන්ද, ලාංකීය සමාජයේ වර්තමාන සංස්කෘතික කැඩපත් සමග ද සමාන වන මෙම ගෞරවනීය ලාංකීකයන් මෙසේ අත්අඩංගුවට ගැනීම මගින්,
මේ මොහොතේ, රජයට මාරාන්තික අභියෝගයක් එල්ල කරමින් සිටින විපක්ෂ කණ්ඩායම් අඩපන කිරීම එහි ප්‍රධානම අපේක්ෂාව වන බවද,
අප ඒකාබද්ධ විපක්ෂ සංධානය අවධාරණය කරමු.
එසේම ආණ්ඩුවේ මෙම දුෂ්ඨ ක්‍රියාවට විරෝධය පෑමක් ලෙස පද්මේ මහතා ඇතුලු පිරිස ලංකාවට රැගෙන එන මොහොතේදී ගුවන්තොටට පැමිණ ඒ පිලිබඳ විරෝධය දක්වා එතුමන්ලා නිදහස් කරගැනීම දක්වා වන වීරෝධාර ක්‍රියාවලිට දායකවන මෙන් සියලු ලාංකීය දේශප්‍රේමී, ජාතිප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
මෙයට,
ඒකාබද්ධ විපක්ෂ පාතාල (UW) සංධානයේ කැඳවුම්කරුවන් වන,
පතෝලගේ ජීජී ඇල්, ජුලංපිටියගේ නෑමල්, සිංදුවාගේ ගෝතසිරි, ගාල්ලේ චුට්ටං වජී, තුම්මුල්ලේ විමලේ හා නින්දගේ පෙට්ටි සිරිපාල.
---------------------------
by (2025-08-28 17:00:40)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි