(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.29, ප.ව.8.00) හිටපු රාජ්‍ය ඇමැතියෙකු වූ කුප්‍රකට ඇන්තනි නිමල් ලන්සා වර්ණකුලසූරිය හෙවත් නිමල් ලන්සා සහ ඔහුගේ ආධාරකරුවෙකු වන හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ බන්දුල නාඔටුන්න යන අය එජාප නගරාධිපතිවරයෙකුගේ නිවසට සහ වාහන වලට පහරදී රුපියල් ලක්ෂ 28 ක් වටිනා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ අද නියෝග කෙළේය.
නඩුවට පාදක වී ඇත්තේ 2006 සිදුවූ අපරාධයකි. 2006.03.09 දින මීගමුව මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපති වරයෙකු වන අංක 35, ජෝශප් මයිකල් පෙරේරා මාවත, දකුණු පල්ලන්සේන, කොච්චිකඩේ ලිපිනයේ පදංචි රුද්‍රිගු සුනිල් විල්ප්‍රඩ් සිල්වා යන අයගේ නිවසට සහ වාහන වලට පහරදී රුපියල් ලක්ෂ 28 ක් වටිනා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන්, කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව බී 1024/ 2006 දරණ නඩුව ඊයේ එනම් 2025.08.28 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදි එහි සැකකරුවන් ලෙස නම් කර සිටින නිමල් ලන්සා සහ බන්දුල නාඔටුන්න යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොච්චිකඩේ පොලිස් ස්ථානයනය වෙත නියෝග කෙළේ ය.
ඒ අනුව ඉහත නඩුවේ සැකකරුවන් වූ නිමල් ලංසා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අංක 58, මීගමුව පාර, කොච්චිකඩේ ලිපිනයේ පදිංචි, බන්දුල නාඔටුන්න දෙදෙනා අද (29) පෙරවරු 8.35 පමණ, කොච්චිකඩේ පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙළේ ය.
අනතුරුව දෙදෙනා ලබන සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කෙළේ ය. සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීම අනුව බන්ධනාගාරය තුල දී අවශ්‍ය ආරක්ෂාව සහ වෛද්‍ය පහසුකම් සපයන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා වැඩි දුරටත් නියෝග දුන්නේ ය.
මීට කලකට පෙර නිමල් ලන්සලා රඟදුන් රාජපක්ෂ යුගයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී නිමල් ලන්සාගේ නිවස වැටලූ අවස්ථාවේ දී එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ වහාම හෙළිකොප්ටරයක් රැගෙන මීගමු ගොස් නිමල් ලන්සාගේ නිවසට ගොස් නිමල් ලන්සා වැළඳ ගෙන පොලිසිය ඉන් ඉවත් කර අදාල වැටලීම ව්‍යර්ථ කෙළේ ය.
අද නිමල් ලන්සා වෙනුවෙන් හෙලිකොප්ටර් වලින් ගොස් ඔහු බේරා ගැනීමට කිසිවෙකු සිටියේ නැත.
(මූලාශ්‍ර සහ සේයාරුව -මීපුර නිව්ස්)
---------------------------
by (2025-08-29 16:53:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි