-LeN විශේෂ වාර්තාකරුවකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.31, ප.ව.5.00) කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම 'රොහාන් ඕළුගල' නම් එක් පොලිස් නිලධාරියකුගේ වීර ක්‍රියාවක් බවට ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. නමුත් සත්‍ය තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඒ කතාව මෙසේය.
මෙම අපරාධ සැකකරුවන්ගෙන් කෙහෙල්බද්දර පත්මේ සහ තවත් දෙදෙනෙක් සම්බන්ධ තොරතුර කෙළින්ම ලැබෙන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙතය. අදාල පිරිස ඉන්නා රට සහ අදාල ස්ථානය ඇතුළු සියලුම තොරතුරු අදාල තොරතුරු කරු පොලිස්පතිට ලබාදී තිබිණි. ඒ අනුව අදාස ස්ථානයට ගොස් සැකකරුවන් අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට වැටලීමක් කිරීමට හැකියාවක් නැත. ඊට හේතුව ඔවුන් සිටියේ වෙනත් රාජ්‍යයක හෙයිනි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ යුතුව තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සහයෝගයෙනි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටෝපෝල් ශාඛාව ඊට අදාලව ජාත්‍යන්තර පොලිසිය සහයෝගය ගනිද්දී මෙරට ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒම ගැන සාකච්ඡා ආරම්භ කෙළෝ ය. ඒ අනුව අදාල එකඟතාවය ඉන්දුනීසියා රාජ්‍යයෙන් ලැබිණි.
අදාල පුද්ගලයන්ගේ දුරකතන අංක ඇතුළු සියලු තොරතුරු ලබාගෙන එරට පොලිසිය සහ ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එහි ඉන්ටර්පෝල් ශාඛාව විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුර සනාථ කරගෙන ඔවුන් සිටිනා ස්ථානය ඇතුළු සියලු තොරතුරු එක්රැස් කරගනු ලැබිණි. එසේම ඉන්දුනීසියා පොලිසිය මෙම වැටලීම කිරීමට එකඟතාවයද ලබා දුන්නේය.
අනතුරුව ලංකාවේ නිලධාරීන් දෙදෙනකු අදාල සැකකරුවන්මද යන්න හදුනා ගැනීම සඳහා යැවීමට තීරණය විය. ඔවුන් යැව්වේ ඔත්තු බලා වැටලීමක් කිරීමට නොවේ. මන්ද, එම නිලධාරීන් දෙදෙනා එරටට යොමු කළේ කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සැකකරුවන් සිටින ස්ථානය ගැන ස්ථිරවම තහවුරු කර ගැනීමෙන් පසුවය.
ඔවුන් එරෙටට යාමෙන් පසු ජනාධිපතිවරයාගේ සහ විදේශ අමැතිවරයාගේ මට්ටමෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ගිය ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එහි ඉන්ටර්පෝල් අංශය මෙම වැටලීම ගැන නිතරන්තර අවධියෙන් සිටිමින් ඉන්දුනීසියාවට ගිය නිලධාරීන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ජයසුන්දර දැනුම්වත් කළේය.
ඉන් පසු අදාල වැටලීම කරන දිනය උදාවිය. එදින එරට පොලිසිය සමග ලංකාවේ නිලධාරීන් දෙදෙනා අදාල ස්ථානයට යද්දී කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සැකකරුවන් තිදෙනා පළා ගියහ. තමන් වැටලීමක් කරන බවට ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ඕළුගල නම් නිලධාරියා ලබා දුන් තොරතුරක් කෙහෙල්බද්දර පත්මේට යෑම නිසා මම පලායෑම සිදුවීදැයි යන්න ගැන පොලිසිය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇති විය. ඉන් පසු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ඉන්දුනීසියාවේ පොලිසිය එක්ව තාක්ෂණික පරීක්ෂාවකින් පසු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස පලායන ප්‍රදේශය හඳුනා ගත් අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වගකීම විශේෂ පොලිස් කණ්ඩායමකට පැවරිණි. ඒ අනුව අදාල විශේෂ පොලිස් කණ්ඩායම ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව තාක්ෂණික ගනුදෙනු කරමින් කෙහෙල්බද්දර පත්මේ පලා ගිය ස්ථානය හඳුනා ගෙන වැටලීම කළේය. ඉන් පසු ලංකාවෙන් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් වැටලීමෙන් අත්අඩංගුවට ගත් පිරිස හඳුනා ගත්හ.
කෙහෙල්බද්දර පත්මේ පලා නොගියා නම් අත්අඩංගුවට ගන්නේ සැකකරුවන් තිදෙනෙක් පමණි. පලායාම නිසා බැකෝ සමන් ඇතුළු තවත් පිරිසක්ද සමග පත්මේ කොටුකර ගැනීමට ඉන්දුනීසියා විශේෂ පොලිස් කණ්ඩායමට හැකිවිය.
කෙසේ වෙතත් මෙම වැටලීමේදී භාරධුරම කාර්ය භාරය කළ ලංකාවේ ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශය ගැනත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් ශාඛාව සහ එම දෙපාර්තමේන්තුව ගැනත් ජනමාධ්‍යවල ලොකු ඉඩක් නොලැබිණි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ජයසුන්දරට අවශ්‍ය ඉඩ කඩ ජනමාධ්‍ය ලබා දී නොතිබිණි.
ඉතිහාසයේ විශිෂ්ඨතම වැටලීම සිදුවූයේ පොලිස්පතිවරයාට ලැබුණු නිශ්චිත තොරතුරත්, ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමේ මැදිහත්වීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් නියෝජිතයාත්, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාත්, එම දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් ශාඛාව සහ සෙසු විමර්ශන නිලධාරීන් නිසාත් යන්න වෙනුවට එක පොලිස් නිලධාරියකු කළ වැටලීමක් බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සත්‍ය කතාව වසා දැමීමට උත්සාහ කරමින් තිබේ.
පාතාල මර්දනයේ සහ අපරාධ මර්දනයේ වැඩ්ඩෝ සද්දය දමමින් ජනමාධ්‍යවලින් ඝෝෂා කරමින් වැඩ කරන්නේ නැත. ඔවුන් නිහඬව තමන්ගේ වැඩ කරති. නමුත් හුදු ජනමාධ්‍ය පිම්බීමක් පමණක් අවශ්‍ය උදවිය ඇතැම් ජනමාධ්‍යවේදීන් අල්ලාගෙන වැඩ්ඩන් යැයි පෙන්වීමට උත්සාහ ගනිමින් සිටිති.
---------------------------
by (2025-08-31 11:46:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි