~

'අට පාස් පොලිස්කාරයා' ශ්‍රී ලංකා පොලිසියෙන් වඳවීමට නියමිතයි..! පොලිසියට නව නීතිඥ බලඇණියක්..! විශේෂ අධිකරණ දෙකක් පිහිටුවයි..! නව නීති සැකසේ..!

-LeN කොළඹ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.31, ප.ව‍.8.25) ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් වරුන් 'අට පාස් පොලිස් කාරයන්' යැයි සමාජයේ අපවාදයට ලක්වෙමින් තිබුනේ පරම්පරා  ගණනක් තිස්සේ ය. ඉතිහාසයේ ප්‍රථම වරට මේ තත්ත්වය වෙනස් කරමින් පොලිස් කොස්තාපල් වරුන් බඳවා ගැනීමේ දී අවම අධ්‍යාපන සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත්වීම දක්වා වැඩි දියුණු කිරීමටත්, උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ දී මේ දක්වා තිබූ අපොස උසස් පෙළ සමත්වීම මූලික උපාධියක් දක්වා වැඩි දියුණු කිරීමටත්, අවශ්‍ය නීති සකස් කරමින් තිබෙන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

පොලිසියේ ගුණය වැඩි කරයි; අලුතින් නීතිඥ බලඇණියක්.. 

ඔහු මේ බව ප්‍රකාශ කෙළේ ලබන බදාදා විකාශය වීමට නියමිත සිරස රූපවාහිනියේ ඉලක්කය වැඩ සටහනට සහභාගී වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියා සිටියේ පොලිසියේ නීතිඥ බලඇණිය ද වැඩි දියුණු කිරීම සඳහා අලුතින් නීතිඥවරුන් වැඩි පිරිසක් පොලිසියට බඳවා ගැනීමට කටයුතු කරන බවයි. දැනට පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතිඥ සහාය ලබා ගැනීමට අන් ආයතන මත යැපීමට සිදුවන බවත් එනිසාම විශාල මහන්සියකින් විමර්ශනය කර අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් නීතියේ සුළු වැරදීමකින් නිදහස ලබන බවත් මේ තත්ත්වය විසඳීම සඳහා පොලිසියටම අනුයුක්ත නීතිඥවරුන් පිරිසකගේ අවශ්‍යතාවය වර්තමානයේ කැපී පෙනෙන බවයි.

කොස්තාපල්ගේ සිට පොලිස්පතිධූරය දක්වා අත්දැකීම් ක්‍රියාත්මකයි..

පොලිසියේ ඇති විශාල පුරප්පාඩු ප්‍රමාණය පුරවා ගැනීමේ අරමුණින් පොලිසියට අලුතින් 5000 ක් බඳවා ගැනීමට මාලිමා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින අතර එහිදී නව නීති සම්පාදනය කරමින් ඉහත ආකාරයෙන් නව ජීවනයක් සහිත පොලිස් නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට ක්‍රියා කෙරෙනු ඇත. 

ශ්‍රී ලංකා පොලිසියේ මේ දක්වා සිටි කිසිදු පොලිස්පතිවරයෙක් මෙවැනි නව පොලිස් බඳවා ගැනීම්හි තත්ත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියා කර නොමැති අතර මේ එවැන්නක් සිදුවන ප්‍රථම අවස්ථාවයි. නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සාමාන්‍ය පොලිස් කොස්තාපල් තනතුරේ සිට ඉහළම තනතුර වන පොලිස්පති ධූරය දක්වා පැමිණි ප්‍රථම නිලධරයා බැවින් ඔහුට ඒ පිළිබඳ ඇති මා හැඟි අත්දැකීම් සමුදාය ශ්‍රී ලංකාවේ පොලිසිය තුල මෙවැනි ගුණාත්මක වෙනසක් ඇති කිරීමෙහිලා මහෝපකාරී වී ඇති බව මෙම ක්‍රියාමාර්ග වලින් පෙනී යයි.

නඩු ඉක්මන් කිරීමට නව අධිකරණ දෙකක්..

මේ අතර සංවිධානාත්මක අපරාධ පිළිබඳ නඩු විභාගයන් සඳහා සහ අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම විසින් පවරන නඩු විභාගයන් සඳහා විශේෂ අධිකරණ දෙකක් පිහිටුවීමට ද ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව ද වාර්තා වේ. ඒ සඳහා ද අදාල නීති සම්මත කිරීමට ක්‍රියා කරමින් තිබේ.

ස්වාධීන විද්වතුන්ගේ ද නොමඳ ප්‍රශංසාවට.. 

වසර 76 කට පසුව ශ්‍රී ලංකාවේ ජනතාව තුනෙන් දෙකකටත් බොහෝ සෙයින් වැඩි පාර්ලිමේන්තු බලයක් වත්මන් මාලිමා ආණ්ඩුවට ලබා දුන්නේ මෙවැනි ජනතාවට අත්‍යාවශ්‍ය සහ ජනතාවට හිතකර නව නීති සම්මත කර ගැනීමේ පහසුව සඳහා ය. ආණ්ඩුව එය නියමිත වගකීමෙන් සහ නියමිත බරින් යුතුව ඉටු කරමින් තිබෙන බව පොලිසියේ අලුත් ගුණාත්මක වෙනසක් ඇති කිරීමටත්, යුක්තිය ප්‍රමාදයකින් තොරව ඉටු කිරීම සඳහා අලුත් අධිකරණ පිහිටුවීමටත් නව නීති සම්පාදනය කිරීමට කටයුතු කිරීමෙන් පැහැදිලිය. 

මේ තත්ත්වය ස්වාධීන විද්වතුන්ගේ ද නොමඳ ප්‍රශංසාවට ලක්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වූ ආචාර්ය පතිභා මහානාමහේවා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ යුක්තිය ඉටුවීම පමණක් නොව එය ඉක්මනින් ඉටුවීම ද ජනතාවගේ අපේක්ෂාව බවයි. දැනට මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු ලක්ෂ 8 ක් පමණ ගොඩ ගැසී ඇති බවත් ඒවාද ඉක්මනින් විසඳීම සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

-LeN කොළඹ වාර්තාකරුවෙකු විසිනි 

---------------------------
by     (2025-08-31 15:43:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links