~

නව මහාධිකරණ විනිසුරුවරුන් 18 ක් පත්කරයි..! නම් ලැයිස්තුව මෙන්න..!!

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.03, ප.ව‍.7.30) ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත. අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.

මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ ඔවුන් පෙර දැරූ පදවිය පහතින් දැක්වේ.

01.    එස්.එස්.කේ. විතාන මහතා - දිසා විනිසුරු
02.    ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා - දිසා විනිසුරු
03.    ඒ.එම්.එම්. රියාල් මහතා - දිසා විනිසුරු
04.    ඩී.පී.මුදුන්කොටුව මහතා - දිසා විනිසුරු
05.    එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා - අතිරේක දිසා විනිසුරු
06.    ජේ. කජනිදීපාලන් මහතා - දිසා විනිසුරු
07.    ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා - අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
08.    එච්.එම්.බී.ආර්. විජේරත්න මෙණෙවිය - අතිරේක දිසා විනිසුරු
09.    ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා - අතිරේක දිසා විනිසුරු
10.    ඒ.ඒ. ආනන්දරාජා මහතා - මහේස්ත්‍රාත්
11.    ජී.එන්.පෙරේරා මහතා - දිසා විනිසුරු
12.    ඒ. ජුඩේසන් මහතා - දිසා විනිසුරු
13.    ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය - දිසා විනිසුරු
14.    ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා - දිසා විනිසුරු
15.    කේ.ඩී.නිලුපුලී.වී. ලංකාපුර මෙණෙවිය - මහේස්ත්‍රාත්
16.    ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා - දිසා විනිසුරු
17.    එම්.අයි.එම්. රිස්වි මහතා - දිසා විනිසුරු
18.    ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ

---------------------------
by     (2025-09-03 15:28:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links