-මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සම්පත් මනම්පේරි පොහොට්ටුවා මහින්ද රාජපක්ෂ නම් මහ හොරා සමග මෙන්න
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.05, ප.ව.11.30) ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන ලංකාවට ගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී පොහොට්ටුවේ හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලුවන් දෙදෙනෙකුගේ ඍජු සම්බන්ධය අද(05) බඩුත් සමග හසු වී තිබේ.
මෙම දේශපාලුවන් දෙදෙනා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුනකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් හා එම පක්ෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟවැදුනු පුද්ගලයෙකි. දෙදෙනා සහෝදරයන් වන අතර නමින් 'සම්පත් මනම්පේරි' සහ 'පියල් මනම්පේරි' වෙති.
මේ දේශපාලුවන් දෙදෙනා අපරාධකරුවන් සමග තිබූ සම්බන්ධය සහ ඒවා අද හෙළිදරව්වීමේ සිද්ධිය මෙසේය.
කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ලොව ප්‍රකට ටෙලිනාට්‍ය කතා මාලාවක් වූ 'බ්‍රේකින් බෑඩ්' නම් කතා මාලාව සේ 'අයිස්' නම් කෘතිම මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ශ්‍රී ලංකාව තුලම නිපදවීමට ක්‍රියා කරමින් සිටි බව මේ වන විටත් පොලිස් ප්‍රශ්න කිරීමේ හමුවේ හෙළිවී ඇති අතර ඒ බව මාධ්‍ය මගින් ද වාර්තා කර තිබේ. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකු ද මෙරටට ගෙන්වා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
කෙහෙල්බද්දර පද්මේ සීඅයිඩිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරන අතර බැකෝ සමන් සහ තැඹිලි ලහිරු දෙදෙනා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරති. පොලිසියේ ප්‍රශ්න කිරීම් ගැන දන්නෝ දනිති. "අරූ උඹ ගැන ඔක්කොම කියලා තියෙන්නේ දැන් උඹ ඇත්ත කියපං" කියා ප්‍රශ්න කරන විට දෙන්නා දෙපැත්තට වමාරති. ඒ අනුව දෙපැත්තේ දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් වල දී එකිනෙකාගේ කෙරුවාවල් එකිනෙකා විසින් වැමෑරීම සාමාන්‍ය දෙයකි.
ඒ අනුව බැකෝ සමන් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බව ඔහු පවසා තිබිණ. එකී රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ කන්ටේනර් බහාලුම් දෙකක් ඉහත කී පාකිස්ථානුවන් දෙදෙනා මගින් පද්මේ විසින් මෙරටට ගෙන්වූ බවත්, බැකෝ සමන් ඒවා ඔහුගේ මිතුරන්වන ඉහත කී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි දෙදෙනාට සඟවා තබා ගැනීමට බාර දුන් බවත් ඒවා මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබෙන බවත් බැකෝ සමන් වමාරා තිබේ.
පසුව විමර්ශකයෝ බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් විමර්ශන සිදු කළහ. නමුත් බැකෝ සමන් කී ස්ථාන වල කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. බැකෝ සමන් මිද්දෙණියට රැගෙන ආ බව ආරංචි වීමෙන් පසුව බියවූ අදාළ පොහොට්ටුවේ සහෝදරයන් දෙදෙනා වෙනත් ස්ථානයක තිබූ රසායනික ද්‍රව්‍ය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබිණ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශකයන් විසින් අදාල ඉඩමේ වළදමා තිබූ රසායන ද්‍රව්‍ය තොගය අද සොයා ගැණින.
පොහොට්ටු සොයුරන් දෙදෙනා සූදානම්ව සිට ඇත්තේ අද දිනයේ දී වළ දැමූ ස්ථානය කොන්ක්‍රීට් දමා වසා දැමීමට යි. ඊට පෙර පොලිසිය ඒවා සොයා ගෙන තිබේ.
මේ වන විට සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි සොහොයුරන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇත. මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පොලිසියට හසුවීමෙන් පසුව ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ මිද්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයන් 10 දෙනෙකු පමණ මේ වන විටත් සිය නිවෙස් වසා දමා ඔවුන්ගේ අඹු දරුවන් ද සමග ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.
බඩු හැදුවානම් රු. බිලියන දෙකක බඩු..
පොලිසිය පවසන අන්දමට ඉහත රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ භාවිතයෙන් අයිස් හෙවත් Crystal Methamphetamine මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ සැකසීමේ හැකියාව තිබී ඇත. ඒවා ඒවා රට තුල අලෙවි කිරීමෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රුපියල් බිලියන දෙකක් පමණ මුදලක් ඉපැයීමට අවස්ථාව තිබී ඇත.
අද මෙම සොයාගැනීමත් සමග මෙම සංවිධානාත්මක අපරාධකරුවන් සමග පොහොට්ටු දේශපාලුවන්ගේ ඍජු සම්බන්ධය හෙළිදරව් විය. තවත් දුර විමර්ශන සිදුකරද්දී තවත් දේශපාලුවන්ගේ සම්බන්ධය ද හෙළිදරව් වනු ඇත. ලංකාවේ අපරාධ සහ ඊට අත්‍යන්තයෙන්ම සම්බන්ධ දේශපාලනය දැන් දිග හැරමින් තිබේ.
මේ තක්කඩි දේශපාලුවෝ පසුගිය මැතිවරණ වල දී කුජීත වී ගිය ද ඔවුන්ට කඩේ යන ප්‍රධාන රූපවාහිනී නාලිකා දෙකක්ද භාවිතා කරමින්, තව දුරටත් රණවිරුවන් ගැන දොඩවමින්, මහා නායක හිමිවරුන්ද අන්දමින්, ජනතාවගේ ඇසට වැලිගැසීමට වළිකති. ඔව්හු දෙකට කැපුණු ගැඩවිලුන් සේ වියරුවෙන් දඟලති.
පොලිසිය වැඩි දුරටත් පරීක්ෂන සිදුකරති.
(පොහොට්ටු සොයුරන් විසින් මිද්දෙණිය තලාවේ නිවසක වත්තේ වළ දමා තිබූ කන්ටේනර් දෙකක රසායන ද්‍රව්‍ය තොගය පොලිසිය ගොඩගත් අයුරු එක් සේයාරුවක දැක්වේ. අනෙක් සේයාරුවෙන් දැක්වෙන්නේ සම්පත් මනම්පේරි නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මහින්ද රාජපක්ෂ සමග පෙනී සිටි අවස්ථාවකි)
---------------------------
by (2025-09-05 19:44:15)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි