~

අධිකරණ ක්ෂේත්‍රය ගඳ ගස්සන මහාධිකරණ 'විනි-සොරෙක්' අම්පාරෙන්..! අගවිනිසුරුතුමා ඇතුළු කොමිසමේ අවධානයට..!

-පුදුමයි ඒත් ඇත්තයි..! චෝදනා 477 ක් ඇති තවත් මහාධිකරණ විනිසුරෙක්..! ගිනස් වාර්තාවක්දැයි නොදනී..!

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.08, ප.ව‍.9.45) නීතිය ඔළුවෙන් සිටුවා තිබූ රටක යළි නීතිය දෙපයින් සිටුවමින් නිවැරදි දිශාවට රට මෙහෙයවීම සඳහා අධිකරණ ක්ෂේත්‍රය සුද්ද කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මැතිඳුන් ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාව ගෙන යන ව්‍යයාමයට සහාය දක්වමින් අධිකරණ ක්ෂේත්‍රය ගඳ ගස්සන තවත් 'විනි-සොරෙක්' පිළිබඳ හෙළිදරව්වක් මෙයින් ගෙන එන්නෙමු. 

අධිකරණය ගඳ ගස්සන මේ 'විනි-සොරා'  කව්ද?

අධිකරණය ගඳ ගස්සන මේ 'විනි-සොරා' නම් වර්තමානයේ අම්පාර මහාධිකරණයේ විනිසුරු ලෙස කටයුතු කරන ශ්‍රීනිත් විජේසේකර නමැති නඩුකාරයා ය.

ශ්‍රීනිත් විජේසේකර සම්බන්ධයෙන් දූෂිත රාජපක්ෂ යුගයේ සිට දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි රාශියක් ලැබුනද එම පැමිණිලි සියල්ල මහින්ද රාජපක්ෂ ගේ චක් ගෝලයෙකු වන ඔහුගේ සොහොයුරු ශ්‍රීමාල් විජේසේකර නමැත්තාගේ ගේ සම්බන්ධතා හේතුකොගෙන යටගසා තිබිණ. 

ශ්‍රීනිත් විජේසේකර ගම්පොළ මහෙස්ත්‍රාත් කාලයේ සුරාබදු නිලධාරීන් ගෙන් නොමිලයේ  මත්පැන් ගෙන්වා ගැනීම, පොලිස් නිලධාරීන්ගෙන්  මත්පැන් සහ බයිට් ගෙන්වාගෙන පාටි දැමීම , තමන්ගේ පළමු බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා නිවසින් එළවාදමා ගම්පොළ නීතිඥ මණ්ඩලයේ නීතිඥ වරියක් යාලු කරගෙන කසාද බැඳ ගැනීමට තම මහේස්ත්‍රාත් තනතුර අවභාවිතා කිරීම, තමන් සමග මත්පැන් පානය කරන ගජමිතුරන්ට වාසි ආකාරයට තීන්දු ලබාදීම ආදී චෝදනා පැවති නමුත් එකී චෝදනා සම්බන්ධයෙන් එකල කිසිදු පියවරක් නොගැණින.

මහාධිකරණ විනිසුරුතුමෙක් පැමිණිලි කළත් වැඩක් වුනේ නෑ..

මෙකී ශ්‍රීනිත් විජේසේකර නමැති විනි-සොරාට එරෙහිව අපරාධ නඩුවක් පැවරිය හැකි ආකාරයේ චෝදනාවක් ඔහු මහනුවර මහෙස්ත්‍රාත් වශයෙන් කටයුතු කරද්දී එල්ල වී තිබිණ. ඒ නම් මොහු අධිකරණය භාරයේ තිබූ තුවක්කු මුහුදේ ගිල්වා විනාශ කිරීමට ත්‍රිකුණාමලයට යන බව පවසා විනෝද චාරිකාවක් ගොස් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉන්ධන දීමනාවක් ද ලබාගැනීමේ චෝදනාවකි. 

මේ සම්බන්ධයෙන් එවකට මහනුවර මහාධිකරණ විනිසුරුතුමා වූ ආර්. එස්. එස්. සපුවිද විනිසුරුතුමා විසින්  සාක්ෂි සහිතව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ ද එම පැමිණිල්ල යටගසා මෙකී දූෂිත විනි-සොරා ශ්‍රීනිත් විජේසේකර හට රනිල් වික්‍රමසිංහ විසින් මහාධිකරණ විනිසුරු පට්ටම ද  ලබා දුන්නේ එකල දූෂිතයන්ට කිරුළු පැළැන්දීමේ චෞර පිළිවෙත අනුව ය.

"විජේසේකර කෝඩ්" - අමුතුම නඩු සංග්‍රහයක්..

වර්තමානයේ ශ්‍රීනිත් විජේසේකර නඩු විභාග කරන අම්පාර මහාධිකරණයේ  "විජේසේකර කෝඩ්" නම් අමුතුම නඩු සංග්‍රහයක් යටතේ රටෙත් නැති, ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති නීති රෙගුලාසි අනුව නඩු විභාග කරමින් සියලුම දෙනා පීඩාවට පත් කරමින් සිටී. 

මේ හේතුව නිසාම නීතිඥ සංගමය සමග නිතර ආරවුල් ඇතිකරමින් සිටින අතර උසාවි කාර්ය මණ්ඩලය හා පොලිස් නිලධාරීන් ද පීඩාවට පත් කිරීමට නිතරම කටයුතු කරයි. ශ්‍රීනිත් විජේසේකර ට නිවසට යෑමට ඒමට නිල වාහනයක් දී තිබියදීත් පොලිස් නිලධාරීන් ගෙන් වාහන ඉල්ලමින් පොලිස් නිලධාරීන් පීඩාවට පත් කරයි. 

ශ්‍රීනිත් විජේසේකර නමැති විනි-සොරා සම්බන්ධයෙන් අතීතයේ සිට අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි ලිපිගොනු විවෘත කර මොහු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කරන ලෙස අම්පාර ප්‍රදේශයේ නීතිප්‍රේමී සියළු දෙනා අගවිනිසුරුතුමන් ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිති.

(සේයාරුවේ දැක්වෙන්නේ මෙම ලිපියේ කතානායක ශ්‍රීනිත් විජේසේකර විනි-සොරා ය)

-LeN අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු විසිනි

පසු සටහනක්;

පුදුමයි ඒත් ඇත්තයි..! චෝදනා 477 ක් ඇති මහාධිකරණ විනිසුරෙක්..!

මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරෙක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට චෝදනා 477 ක් තරම් විශාල චෝදනා තොගයක් සහිත පැමිණිල්ලක් ලැබී තිබේ. (මෙය ගිනස් වාර්තාවක්දැයි සොයා බැලීම වටී) ඒ 477 අතර විවිධ මහාධිකරණවල ඔහු සභාපතිත්වය දැරූ නඩු අවසන් කර ඇති බව පවසමින් මහාධිකරණ විනිසුරුවරයා ව්‍යාජ වාර්තා ඉදිරිපත් කළ බවට බරපතලම චෝදනා එල්ල කර තිබේ. මෙම මෙගා චෝදනා පත්‍රය කොමිසමට ලැබී ඇත්තේ මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරුතුමිය කාලයේ ය. වතමන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත්වීමෙන් අනතුරුව ඉහත කී මහාධිකරණ විනිසුරුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු සළකා බැලීමෙන් පසු එකී චෝදනා විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා පත්කර ඇත. 

---------------------------
by     (2025-09-08 16:28:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links