~

ප්‍රංශය හත්වෙනි වරටත් නව අගමැතිවරයෙකු සොයමින් සිටී..!

-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.09, ප.ව‍.9.45) අගමැති ෆ්‍රොන්ශුවා බයිරූ  (François Bayrou) ඔහුගේ යෝජිත කප්පාදු අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වීමෙන් පසු ඔහුගේ සුළුතර රජය බිඳ වැටී ප්‍රංශය දේශපාලන අර්බුදයකට ඇද දමා තිබේ.

74 හැවිරිදි François Bayrou අද (09) උදෑසන ඔහුගේ දිගුකාලීන මධ්‍යස්ථ සගයා වන එමානුවෙල් මැක්‍රොන් වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙනු ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද (09) දින ඔහුගේ අගමැති ෆ්‍රොන්ශුවා බයිරූ  (François Bayrou) ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට නියමිතය. 

කප්පාදු අයවැය සම්බන්ධයෙන් කැඳවන ලද විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත්වීමෙන් පසුව, ජනාධිපති මැක්‍රොන් පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ නව අගමැතිවරයෙකු නම් කරන බවය. 

අගමැති ෆ්‍රොන්ශුවා බයිරූ  (François Bayrou) යනු ජනාධිපති මැක්‍රොන් යටතේ හයවන අගමැති ධුරය දැරූ පුද්ගලයා වේ. 

2017 දී පළමු වරට ජනාධිපති පදවියට පත් එමානුවෙල් මැක්‍රොන්, මේ වන විට ගත කරමින් සිටින්නේ ඔහුගේ දෙවන ධුර කාලය ය. මෙතෙක් මැක්‍රොන් යටතේ සේවය කළ අගමැතිවරුන් වූයේ පහත නම් සඳහන් අය ය. Édouard Philippe, Jean Castex, Élisabeth Borne, Gabriel Attal, Michel Barnier සහ François Bayrou ය.

එම්මානුවෙල් මැක්‍රොන් තම නව අගමැති ලෙස කවුරුන් තෝරා ගනු ඇත්දැයි යන්න පිළිබඳව දැනට යම් අනුමාන පැතිර යමින් පවතී. ඒ අතර ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් ලෙස සිටින, අධිකරණ අමාත්‍ය Gérald Darmanin හෝ ආරක්ෂක අමාත්‍ය Sébastien Lecornu වැනි ඔහුට විශ්වාසවන්ත කැබිනට් අමාත්‍යවරයෙකු තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.

සංසරණය වන අනෙකුත් නම් වන්නේ සෞඛ්‍ය අමාත්‍ය Catherine Vautrin සහ මුදල් අමාත්‍ය Éric Lombard ගේ නම් ය.

කැබිනට් කවයෙන් පිටත සිටින, තමාගේම ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාරයට නායකත්වය දෙන Raphaël Glucksmann සහ හිටපු අගමැතිවරයෙකු සහ සමාජවාදී පක්ෂයේ එක් වරක් සාමාජිකයෙකු වූ Bernard Cazeneuve වැනි අයකු නම් කිරීමට ද ඉඩ ඇතැයි ඇතැම් දේශපාලන ආරංචි මාර්ග වලින් කියැවේ.

මැක්‍රොන්ගේ ප්‍රමුඛතාවය වන්නේ 2026 සඳහා අයවැයක් සම්මත කර ගැනීමට සමත් අගමැතිවරයෙකු පත් කිරීමයි.

ප්‍රංශයේ රාජ්‍ය ණය අඩු කිරීම සඳහා යුරෝ බිලියන 44  ක අයවැය කප්පාදුවක් සහ කප්පාදු වැඩසටහනක් සඳහා වූ අගමැති ෆ්‍රොන්ශුවා බයිරූගේ ජනප්‍රිය නොවන සැලැස්ම දැන් අත්හිටුවනු ඇති බව නිසැකය. රජයේ නිවාඩු දින දෙකක් අහෝසි කිරීමේ ඔහුගේ මතභේදාත්මක යෝජනාව ද ඊට ඇතුළත් ය. 

"සියල්ල අවහිර කරන්න" නම් ව්‍යාපාරයක් විසින් මාර්ගගතව සංවිධානය කරන ලද විරෝධතා ක්‍රියාමාර්ගය එළැඹෙන බදාදා ආරම්භ කිරීමට නියමිත ය. එමඟින් ප්‍රංශයේ මාර්ග, පාසල් සහ ව්‍යාපාර වසා දැමීමක් සිදුවිය හැකිය. රාජ්‍ය අංශයේ වැඩවර්ජන ද අනුගමනය කිරීමට නියමිතය.

-සුනිල් ගාමිණී ජයලත්ගේ විසිනි

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-09-09 16:24:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links