-LeN අධිකරණ වාර්තාකරු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.09, ප.ව.10.45) ලංකා ඊ නිව්ස් ඊයේ (08) වාර්තා කළ "පුදුමයි ඒත් ඇත්තයි..! චෝදනා 477 ක් ඇති මහාධිකරණ විනිසුරෙක්..!" සිරස්තලය යටතේ සඳහන් චෝදනා 477 ක් තරම් විශාල ප්‍රමාණයක් සහිත ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරා වන්නේ අන් කිසිවෙක් නොව ආචාර්ය නාමල් බලල්ලේ ය. ඔහුට චෝදනා එල්ල වී තිබුනේ මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරුතුමියගේ කාලයේ ය. ඔහුට අදාල චෝදනා පත්‍රය අධිකරණ සේවා කොමිසම මගින් ලබා දුන් අතර ඔහු විසින් ලිඛිතව ඊට පිළිතුරු බැඳ තිබූ නමුත් පිළිතුරු සළකා බැලීමෙන් පසු එකී චෝදනා විමර්ශනය කිරීම සඳහා වත්මන් අගවිනිසුරුගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා පත්කරන ලදී.
ඉන් අනතුරුව චෝදනා විභාග කර තීන්දුවක් ලබා දෙන තුරු සාමාන්‍ය රාජ්‍ය සේවයේ නියුතු සෑම නිලධාරියෙකුම යටත් විය යුතු පරිදි ආචාර්ය නාමල් බලල්ලේ ගේ වැඩ තහනම් කර තිබේ. ඒ කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි. ව්‍යවස්ථානුකූල පරිදි මහාධිකරණ විනිසුරුවයෙකුගේ වැඩ තහනම් කිරීම කළ යුත්තේ පත්වීම් නිලධාරියා වන ජනාධිපතිවරයා විසිනි. කොමිෂන් සභාවට වැඩ තහනම් කිරීමේ බලය ඇත්තේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ගේ පමණි. ඉන් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ වැඩ තහනම් කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයා ට ය.
මේ අතර අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දිසා විනිසුරුවරු මහේස්ත්‍රාත්වරු ඇතුළු 106 දෙනෙකුගේ ස්ථාන මාරු කිරීම් කර ඇත. එක්වරෙක දී 106 ක් තරම් විශාල සංඛ්‍යාවක විනිසුරුවරුන්ට ස්ථාන මාරුවීම් දුන් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් විනිසුරු ප්‍රසන්න අල්විස්ගේ අත්සනින් අද(09) දින නිකුත් කරන ලද එකී ස්ථාන මාරු කිරීම් බලාත්මක වන්නේ ලබන 15 වැනි දින සිට ය. නාම ලේඛනය දිගු බැවින් මෙහි සඳහන් කිරීම අසීරු වන අතර පහත දිගුවෙන් ස්ථාන මාරුවීම් ලද විනිසුරු ලැයිස්තුව කියැවිය හැකිය.
https://jsc.gov.lk/web/images/pdf/transfers/2025/transfers/jsc-sec-t-jo-2025-09-09.pdf
---------------------------
by (2025-09-09 17:37:05)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි