-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.10, ප.ව.7.30) මාලිමා ආණ්ඩුව බලයට එද්දීම ජනතාවට දුන් එක් ප්‍රධානතම පොරොන්දුවක් වී එය ජනතාවාදී නීතියක් ලෙස සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අද(10) සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්දය පාවිච්චි කෙළේ එකම මන්ත්‍රී ගොබිලෙක් පමණක් වීම විශේෂිත ය. ඒකා නම් පාර්ලිමේන්තුවට ගහ ගෙන ආ පිස්සු පොල්කෝම්බයක් වන 'චාමර සම්පත් දසනායක' විය. ඔහුට හිටපු ජනාධිපතිලාගේ 'බරවා කකුල' සනීපයක් විය. අඩුම ගණනේ මහින්ද රාජපක්ෂ ගේ පොහොට්ටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින එකම මන්ත්‍රීවරයා පමණක් නොව ඔහුගේ පුත්‍රයා ද වූ නාමල් රාජපක්ෂ හෝ පනතට විරුද්ධව ඡන්දය දෙන්නට ආවේ නැත.
සජබ විරුද්ධව ඡන්දය භාවිතා නොකරන බව කීව ද සජබ වෙනුවෙන් කතා කළ මන්ත්‍රීවරුන් සියල්ල පාහේ කතා කෙළේ පනතට විරුද්ධව ය. සජබයේ දේශපාලනය 'පොන්නත් නොවන පොන්න නොවන්නේත් නොවන' අමුතුම එකක් බව මෙකී පනත අරභයා ඔවුන් අද ගන්නා ලද දේශපාලන තීන්දුව අනුව ජනතාව තේරුම් ගන්නේ ය. කෙසේ වෙතත් චාමර සම්පත් හැර සජබ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරුන් ඡන්දය විමසද්දී පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
සමහර තීන්දුවලදී තැවරි තැවරී නොසිට තීන්දු ගැනීම වත්මන් මාලිමා ආණ්ඩුවේ ක්‍රමවේදයක් බැවින් අද සම්මත කරන ලද පනතට අද සවසම කතානායක අත්සන යෙදූ අතර එබැවින් එය අද සිටම ලංකාවේ නීතිය බවට ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයාගේ ඉල්ලීම අනුව "මරෝ දැන්වත් පල.." කියා ජනතා බදු මුදල් කාබාසිනියා කරමින් ෆුට් බෝල් පිටියක් තරම් විශාල විජාබහුවක ජීවත් වන මහින්ද රාජපක්ෂට කණ පැලෙන්නට හඬ ගා කීමට සිදුවනු ඇත.
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඉදිරිපත් වෙද්දීම ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සට්ටැඹියන් පමණි. එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් ගණන 6 කි. දැනට ජීවත්වන හිටපු ජනාධිපතිවරුන් කිසිවෙක් ඊට විරුද්ධව අධිකරණ ගානේ නොයෑම ගැන ඔවුන්ට යම් තරමකට හෝ ස්තූති කළ යුත්තේ ඔවුන් මාලිමාවට ලැබුණූ ජනවරම ගැන යම් කියැවීමක් තිබූ නිසා ය.
අදාළ පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව එය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම ඇතුළු පිරිසක් පෙත්සම් හයක් ඉදිරිපත් කර තිබිණි.
ඉදිරිපත් වූ පෙත්සම් 6 විභාගයට ගැණුනේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. පෙත්සම් විභාගයේ දී එක් පෙත්සමක් විනිසුරු මඩුල්ල විසින් නිශ්ප්‍රභ කරන ලද අතර ඉතිරි පහේ විභාගය අවසන් කරමින් සිය තීන්දුව කතානායකවරයාට ලබා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවට නිවේදනය කරමින් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ප්‍රකාශ කෙළේ ය.
පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවා ඡන්ද විමසීම අද(10) සිදුකෙරුණේ ඒ අනුව ය. කෙසේ වෙතත් සරල බහුතරයෙන් සම්මත වීම සෑහේ යයි කීව ද ජනාධිපතිලාගේ හිමිකම් අහෝසි කෙරුණේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැර තුනෙන් දෙකක ඡන්දයෙන් බව සැලකුව මනාය.
අද ජනතාවට ඓතිහාසික දිනයක් විය. 1986 සිට ජනතාවගේ කරේ එල්ලා තිබූ හිටපු ජනාධිපතිලාගේ 'බරවා කකුල' අද ඉවත් කෙරිණ. ඒ අනුව යළිත් කිව යුත්තේ,
"මරෝ පව් නොදී දැන්වත් පල"
---------------------------
by (2025-09-10 14:31:49)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි