~

කාලයේ වැලිතලාවෙන් හංගන්න බෑ..! චම්පිකගේ ගෝලයෙක් සහ තවත් ගජයෙක් අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට..! රුපියල් කෝටි 3 කට කෙළලා..! මොරටුවේ පොහොට්ටු තක්කඩියාටත් බඩු..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.11, ප.ව‍.11.00) රජයට රුපියල් කෝටි 3 ක් පමණ පාඩු කළැයි දැනට විශ්‍රාම ගෙන සිටින නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්  සහ එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති (ඔහුද දැනට විශ්‍රාම ගෙන ඇත) දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද(11) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. 

ඒ නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබා දීමේ දී නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් කෝටි 3 ක පමණ, (රු. 29,519,666.16 ක) මුදලක් පාඩුකිරීම තුළින් 'දූෂණය' යන වරද සිදුකිරීම හේතුවෙනි. 

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් (මේ වන විට විශ්‍රාම ලබා ඇත) "සම්පත් සුමේධ පූජිත රත්නායක"  හෙවත් "සුමේධ රත්නායක" සහ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති (මේ වන විට විශ්‍රාම ලබා ඇත) "කොස්වත්ත ලියනගේ වීරවංශ පෙරේරා" යන අය මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (11) උදෑසන පෙ.ව. 9.30 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාර හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, සම්පත් සුමේධ පූජිත රත්නායක හෙවත් ඉංජිනේරුවෙක් වූ සුමේධ රත්නායක එම ධූරයට පත් කෙළේ හිටපු නාගරික සංවර්ධන ඇමැතිවරයෙක් වූ චම්පික රණවක විසිනි. පසුව සුමේධ රත්නායක චම්පික රණවකගේ  ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අතර චම්පිකගේ ජනරජ පෙරමුණේ ප්‍රධාන තනතුරු ද හෙබැවූයේ ය. ඉන්පසු සුමේධ රත්නායක පසුගිය මහ මැතිවරණයේ දී චම්පිකගෙන් ඉවත් වී සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලා පරාජයට පත්විය. 

අද උදෑසන අත් අඩංගුවට ගත් සුමේධ රත්නායක සහ වීරවංශ පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් ඇප මත මුදාහැරීමට නියම කෙළේ ය. 

(මෙහි සේයාරුවක දැක්වෙන්නේ සුමේධ රත්නායක සහ චම්පික රණවක සිටින අවස්ථාවකි)

මොරටුවේ පොහොට්ටු තක්කඩියාටත් බඩු.. 

මේ අතර ඊයේ(10 දින දහවල් මොරටුව මහා නගර සභාවේ හිටපු නගරාධිපති, කුප්‍රකට පොහොට්ටුවෙක් වූ වනක්කුවත්ත සමන් ලාල් ප්‍රනාන්දු නමැති තක්කඩියා ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. 

ඒ 2013 වර්ෂයේ දී, මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළ කොන්ත්‍රාත්තු 112 ක් ප්‍රජාපාදක සමිති 12ක් වෙත තම අභිමතය මත කොන්ත්‍රාත් ප්‍රදානය කර මුදල් ගෙවීමේ දී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැනි ලෙස මුදල් ගෙවීමෙන් හා ව්‍යාපෘති සඳහා නීති විරෝධී ලෙස සහ අයුතුසහගත ලෙස මැදිහත්වීමෙන් 'දූෂණය' යන වරද සිදු කිරීමේ චෝදනාවන්ට ය. 

ඔහු ද ඊයේ සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව‍ ලබන සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේ ය. (අත් අඩංගුවට ගත් සමන් ලාල් ප්‍රනාන්දු අධිකරණයට රැගෙන ආ අවස්ථාව එක් සේයාරුවක දැක්වේ) 

සමන් ලාල් ප්‍රනාන්දු නමැති තක්කඩියා පසුගිය අරගලයේ දී මැයි 9 වැනිදා ගෝල්පේස් පිටියේ සිටි නිරායුධ තරුණයන්ට පහර දීමට සිය පාක්ෂිකයන් ද රැගෙන පැමිණි මැරයෙකි.

අතීතයේ සිදුකරන ලද වංචා, දූෂන, අපරාධ කාලයේ වැලිතලාවෙන් සඟවන්නට ඉඩ නොදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුව ජනතාවට නිතර ශපථ කරන ප්‍රකාශයට ඉහත සිදුවීම් දෙක හොඳ උදාහරණයන් ය.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි 

---------------------------
by     (2025-09-11 19:51:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links