~

මහින්ද -ශිරන්ති යුවලට කොළඹින් නිවසක් නැතිව තංගල්ලට ගියා කියන්නේ අමූලික බොරු..! ටොරින්ටන් ඇවනිව්හි ඔවුන්ට අයිති කෝටි 40 ක් වටිනා මන්දිරයේ ඇත්ත සහ සාක්කි මෙන්න..!

-ලංකා ඊ නිව්ස් හි ගවේෂනාත්මක වාර්තාකරුවෙක් ඉංග්‍රීසි සංස්කරණයට ලියූ ලිපියක් සිංහලට නැගුවේ චන්ද්‍රප්‍රදීප්

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.12, ප.ව‍.11.30) මහජන මුදල් කාබාසිනියා කරමින් විජේරාමේ වර්ග අඩි තිස්දහසක් තරමි විශාල විජාබහුවක ජීවත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නීති සම්මතයකින් පසු ඉන් නෙරපා දැමීමෙන් පසු ඔහු තංගල්ලේ තම උපන් ගම වෙත ගියේ ඔහුට ජීවත්වීමට කොළඹ ගෙයක් නැති බව පෙන්වමිනි. ඒ වෙනුවෙන් ඔහු සහ ඔහුගේ 'පොහොට්ටු දායක සභාව' කාලයක් තිස්සේ ජනතාවට අඟවා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කොළඹ නිවසක් නොමැති බවයි. ඔහු සහ ඔහුගේ 'පොහොට්ටු දායක සභාව' එම ප්‍රකාශය නිතර නිතර පුනරුච්චාරණය කළ බැවින් එය සත්‍යයක් ලෙස ජනතාවට ද පෙනෙන්නට පටන් ගත්තේය. නමුත් ලංකා ඊ නිව්ස් වෙත අනාවරණය වූ ලියකියවිලි සහ සාක්ෂි මගින් හෙළිවන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ සැබවින්ම අගනුවර සුඛෝපභෝගී මන්දිරයක් භාවිතා කරන බවයි. එහි වටිනාකම රුපියල් මිලියන 400 කට හෙවත් රුපියල් කෝටි 40 කට අධිකය. (මේ ඔවුන්ට කොළඹින් අයත් නිල නොවන තවත් විශාල දේපල හැර නිල වශයෙන් අපට ඔප්පු කළ හැකි දේපොළකි)

නිධාන කතාව..

කොළඹ 5, ටොරින්ටන් ඇවනිව් හි, අංක 260/12  දරණ ලිපිනයේ අදටත් පිහිටා ඇති අදාළ මන්දිරය සහ ඉඩම මුලින් හිමිව තිබුණේ, එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීප මිතුරෙකු වූ CMC එන්ටර්ප්‍රයිසස් හි ප්‍රධානියා වූ ව්‍යාපාරික ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර හට ය. 2001 දී රනිල් වික්‍රමසිංහ අගමැති වූ පසු විපක්ෂ නායක ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂ, වික්‍රමසිංහගෙන් කොළඹින් නිල නිවසක් ඉල්ලා සිටි අතර, රජයෙන් නිල නිවසක් වෙන් කර දෙන තෙක් රනිල් තම ධනවත් මිතුරා නානායක්කාර ට කීවේ ඔහුට අයත් ටොරින්ටන් ඇවනිව්හි ඉහත ලිපිනයේ ඇති  මන්දිරය මහින්දට "තාවකාලිකව" කුලියට ලබා දෙන ලෙසයි. නානායක්කාර ඊට එකඟ වී ටොරින්ටන් ඇවනිව්හි තිබූ ඉහත මන්දිරය මහින්ද රාජපක්ෂට කුලියට ලබා දුන්නේ ය. නමුත් කෙටිකාලීන ගිවිසුමක් ලෙස නානායක්කාර අදහස් කළ ගණුදෙනුව ඉක්මනින්ම වඩා ස්ථිර දෙයක් බවට පත් විය.

2004 දී වික්‍රමසිංහගේ ආණ්ඩුව බිඳ වැටුණු විට, රාජපක්ෂ ටොරින්ටන් ඇවනිව් මන්දිරයේ රැඳී සිටියේය. ඊළඟ වසරේ දී මහින්ද ජනාධිපති ධුරයට පත් වූ පසුව, තම මන්දිරයෙන් දැන් ඉවත් වී තම මන්දිරය යළි භාරදෙන ලෙස නානායක්කාර නැවත නැවතත් මහින්දගෙන් කළ ඉල්ලීම් මහින්ද ප්‍රතික්ෂේප කළේය. මිත්‍යා අදහස් වල ගිලී සිටින මහින්ද රාජපක්ෂ කීවේ එම නිවස ඔහුට "වාසනාවන්ත" එකක් බවයි.  ඔහු එහි ජීවත් වන අතරතුර විපක්ෂ නායක ධුරයෙන් ජනාධිපති ධුරයට පත් වූ බවත් ඒ නිවසේ ඇති වාසනාව නිසා බැවින් නිවස යළි ආපසු දීමට නොහැකි යයි 'ජනාධිපති' මහින්ද තර්ක කෙළේ ය.

කව්ද මේ 'මේරි ලූර්ඩස් වික්‍රමසිංහ'..?

තම ජනාධිපති බලය භාවිතා කරමින්, මහින්ද රාජපක්ෂ විසින් ටොරින්ටන් ඇවනිව්හි ඉහත ලිපිනය සඳහන් ඉඩම සහ නිවසේ ඔප්පුව තමාට අයත් වන ලෙස අත්සන් කරන ලෙස නානායක්කාරට බලපෑම් කළ බවට චෝදනා එල්ල වේ. ඒ අනුව 2013 වන විට, සැක සහිත තත්වයන් යටතේ ගිවිසුමක් විධිමත් කරන ලදී. නමුත් එකී දේපළ ලියා ගත්තේ මහින්දගේ නමට නොව ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ නමට ය. හෙළිදරව්වනවාට බියේ එහිදී අදාල නීතිමය ලියකියවිලිවල සඳහන් කෙරුණේ ශිරන්ති රාජපක්ෂගේ එතරම් ප්‍රසිද්ධ නැති බව්තීස්ම නාමය වන 'මේරි ලූර්ඩස් වික්‍රමසිංහ' යන නම ය. දේපොලෙහි ප්‍රකාශිත වටිනාකම ලෙස සඳහන් කෙරුණේ රුපියල් මිලියන 400 කි.

නිල ලේඛනවලින් පෙනී යන්නේ කාල්ටන් ගිණුමෙන් රුපියල් මිලියන 35 ක් මිලදී ගැනීම සඳහා භාවිතා කළ බවයි. එහෙත්, ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට, අයිතිකාර ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර හට කිසි විටෙකත් සතයක්වත් ලැබී නැත. ඒ අනුව මේ අපූරු 'ගනුදෙනුව' බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමකට වඩා වැඩි දෙයක් නොවේ.

මහින්ද රාජපක්ෂ මෙවැන්නක් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ. රාජපක්ෂ පවුල සමඟ දිගු කලක් සම්බන්ධ වූ තංගල්ලේ කාල්ටන් නිවස ද ඒ හා සමානව අඳුරු ආකාරයකින් අත්පත් කර ගෙන ඇති බව තතු දත්තෝ කියති.

රාජපක්ෂ පවුලට හිමි ටොරින්ටන් ඇවනිව්හි මන්දිරයේ යථාර්ථය තිබියදීත්, රාජපක්ෂ සහ ඔහුගේ පොහොට්ටු දායක සභාව මහින්දගේ ජනාධිපති ධුර කාලය තුළ සහ ඉන් පසුව හෝ ඔහුට කොළඹ නිවසක් නොමැති බව දිගටම අවධාරණය කළහ. එම ප්‍රකාශ සහමුලින්ම අසත්‍යය කි. ඊට තවත් උදාහරණයක් වන්නේ 2011 දී ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද පවුලේ මතභේදාත්මක මාධ්‍ය ව්‍යාපාරය වන 'කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්' (CSN) ලියාපදිංචි කිරීම සඳහා ඉහත කී ටොරින්ටන් ඇවනිව්හි අංක 260/12  දරණ ලිපිනයම පසුව භාවිතා කිරීමයි.

ඔරික්ස් ලීසිං ෆිනෑන්ස් සමාගමත් ගෑවිලා..

මෙම මන්දිරය රුපියල් මිලියන ගණනක තවත් ණය ගනුදෙනුවක ට ද සම්බන්ධ විය. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සහෝදරයා වන නිශාන්ත රණතුංග සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ද (දෙදෙනාම එවක දී රාජපක්ෂ සට්ටැඹියෝ ය) ඉහත දේපොළෙහි ලිපිනය භාවිතා කරමින් ඔරික්ස් ලීසිං ෆිනෑන්ස් සමාගම වෙතින් රුපියල් මිලියන 500 ක ණයක් ලබා ගෙන තිබේ. ඒ අඳුරු ගණුදෙනුව ගැන විස්තර ද පසුව හෙළිකරන්නෙමු.

මෙම සියළු ගණුදෙනු එකම හුයකින් බැඳී තිබෙන බව හෙළි කරයි. කෙතරම් නැතැයි කියා බෑඟිරි ගෑව ද රාජපක්ෂ පවුලට කොළඹ නිවසක් තිබෙනවා පමණක් නොව, එය ඔවුන්ගේ දේශපාලන හා ව්‍යාපාරික ගණුදෙනු වලට ඇතුළත් කර ඇත. රාජපක්ෂ සහ පොහොට්ටු දායක සභාවේ නැවත නැවතත් කරණ ප්‍රතික්ෂේප කිරීම් දැන් හිස් ප්‍රලාඵයන් ය.

අපට පිළිතුරු දීමට අපහසු ප්‍රශ්නයක් ඉතිරිව පවතී. එනම් රාජපක්ෂලාගේ අසූචිත් සුවඳයි කියමින් ඔවුන් පසුපස ම ඉබාගාතේ යන ඔහුගේ ගොබ්බ 'ගව පට්ටිය' අවසානයේ සත්‍යය පිළිගන්නේ කවදාද? යන්නයි.

(රාජපක්ෂලාගේ මන්දිරය පිහිටි ටොරින්ටන් ඇවනියු හි ප්‍රදේශය සහ ගනුදෙනු වල සාක්ෂි මෙහි ඇති ඉමේජ වල දැක්වේ)

-ලංකා ඊ නිව්ස් හි ගවේෂනාත්මක වාර්තාකරුවෙකු ඉංග්‍රීසි සංස්කරණයට ලියූ ලිපියක් සිංහලට නැගුවේ,

-චන්ද්‍රප්‍රදීප්

චන්ද්‍රප්‍රදීප් ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-09-12 19:37:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links