~

ලෙඩ්ඩුන්ට බෙහෙත් කියා ලුණු වතුර ඉන්ජෙක්ෂන් ගැසුවාට කෙහෙළිය ඇතුළු මෘගයන්ට එරෙහිව මහාධිකරණය අධි චෝදනා බාරදෙයි..! රිමාන්ඩ් නොවී අනූනමයෙන් බේරේ..!

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.16, ප.ව‍.8.30) රෝගීන් මාරාන්තික අවස්ථාවක දී ලබා දෙන ඖෂධ වූ 'හියුමන් ඉමියුනොග්ලොබියුලින්' සහ 'රිටොප්සිමැප්' නමැති ඖෂධ වෙනුවට ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය (ලුණු මිශ්‍ර වතුර) කුප්පි 6,195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණු කරන ලද අධි චෝදනා 13ක් අද ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට බාර දුන්නේ ය.

ඒ මෙම නඩුව විභාග කරන මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය. 

මෙම නඩුවේ මූලික විමර්ශන වලදී අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නේ ඉහත චෝදනාවන්ට අමතරව කෙහෙළිය ඇතුළු පිරිසට සාවද්‍ය මිනීමැරුම් චෝදනා යටතේ අපරාධමය චෝදනා ද නැගිය යුතු බවයි. 

නීතිපතිවරයා විසින් පවරා ඇති වත්මන් නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද සහ රොෂාන් රණසිංහ නම් කර තිබේ. ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ඇතුලත් සම්පූර්ණ සාක්කි කරුවන් සංඛ්‍යාව 350 ක් පමණ වේ. නඩු භාණ්ඩ සංඛ්‍යාව ද 300 ක් පමණ වේ. 

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ සඳහන් කළාය. ඉන් අනතුරුව විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා විත්තියේ නීතිඥවරුන් විසින් දීර්ඝ කරුණු දැක්වීමක් ඉදිරිපත් කළහ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළහ. අමතරව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවට ද නියම කළහ.

මෙම නඩුවට අමතරව කෙහෙළිය ඇතුළු චෞර පවුලටම එරෙහිව වත්කම් උප­යා­ගත් ආකා­රය හෙළි­ද­රව් කරගැනීමට නොහැකි වීම අනුව ද දැනටමත් නඩු පවරා තිබේ.

මේ මෘග, චෞර පවුල රටටම සාපයකි..! හැකි ඉක්මනින් නඩු විමසා නිසි දඬුවම් ලබා දෙන තුරු සාමාන්‍ය ජනතාව පුල පුලා බලා සිටිති.

---------------------------
by     (2025-09-16 15:14:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links