-ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.16, ප.ව.9.00) "හිටපු දේශපාලකයන්ට වර්ග අඩි 30,000 ක ගෙයක් හෝ 111 ක සේවක පිරිසක් හෝ බල්ලෝ බලාගන්න සුනඛ පාලකයින් හෝ ලබා දෙන්න ජනතාවට ඕනෑ නෑ..! තවදුරටත් ඒ අයට මිනිස්සු හුළං ගහන්නෙත් නෑ, මිනිස්සුන්ට ඔය කිසි සුවඳක් වැඩකුත් නෑ..! ඔය කියන පාලනයන් විසින් අපේ රටට අත්කරලා තියෙන ඉරණම දැක්කාම මිනිස්සු තවදුරටත් පාර්ලිමේන්තුවටවත් ගෙන්නා ගන්න බලාපොරොත්තුවක් නෑ, මතකයිනේ ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ නාමල් රාජපක්ෂ ආවේ ජාතික ලැයිස්තුවෙන්, ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්නවත් එළියට ආවේ නෑ, ජනතාව ඉන්නේ එතැන, ඒ නිසා සුළඟ, සුවඳ හීනයක් විතරයි ඒවා යථාර්තයක් වෙන්නේ නෑ, මිනිස්සු ඒවාට කැමති නෑ." යි ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුසිල් රණසිංහ,
"අපි වැව් රක්ෂිත මායිම් කරන වැඩසටහන ආරම්භ කළේ අනුරාධපුර නුවර වැවෙන්, නුවර වැවේ වැව් රක්ෂිතයේ ගල් දාද්දී වැව් රක්ෂිතයට අයිති වෙනවා කියන නිවාස, ඉඩම් අයිති වෙනවා කියන කණ්ඩායම් විවිධ අවස්ථා වල මාධ්‍යය වලට කථා කරලා තියෙනවා, මාධ්‍ය සාකච්ජා තිබ්බා, ඔවුන් ප්‍රාදේශීය ලේකම්තුමා හම්බෙන්න ගිහින් තියෙනවා, ඔවුන් වාරී මාර්ග දෙපාර්තමේන්තුව හමුවෙන්න ගිහින් තියෙනවා, කීපදෙනෙක් මාවත් මුණ ගැහෙන්න උත්සහා දරනවා කියලා ආරංචියක් තියෙනවා.නමුත් අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගත්තා ඒ කාළයේදීම දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්වරු දෙදෙනෙක් යටතේ මේ වැව තියෙන්නේ මිහින්තයලය සහ නැ.නු.ප ප්‍රාදේශීය ලේකම්වරු දෙන්නා, වාරී මාර්ග දෙපාර්තමේන්තුව, මිනින්දෝරු අධිකාරිය, අනුරාධපුර මහ නගර සභාව, නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානය කියන ආයතන නියෝජනය කරමින් අපි කමිටුවක් පත් කළා, මේ කමිටුවෙන් තමයි මේ රක්ෂිතයේ පදිංචි අයගේ මොන ඔප්පුද තියෙන්නේ, ඔවුන්ට අයිතිවාසිකමක් තියෙනවාද? ඔවුන් අනවසරද? නැද්ද? කියන එක.ඒ නිසා නුවර වැව රක්ෂිතයේ පදිංචි සියලු දෙනාටම අපි ඉල්ලීමක් වගේම ආරාධනාවක් කරනවා මේ කමිටුවට ඔබේ දුක් ගැනවිල්ල, ඔබේ අභියාචනය භාර දෙන්න, මේ වන විට නුවර වැව රක්ෂිතය ආශ්‍රිතව ඉන්න ග්‍රාම නිළධාරීන් දැනුම්දීලා තියෙනවා ඒ පදිංචිකරුවන්ට ඔවුන්ගේ අභියාචනය ඉදිරිපත් කරන්න කියලා.ඒ අභියාචනා ඔය අපි පත් කළ කමිටුව මගින් සැලකිල්ලට භාජනය කරයි.ඔවුන් තීරණය කරයි ඒ ලබා දීලා තියෙන ඔප්පු හරි පදිංචිය හරි, පාරම්පරිකව ඉන්නවා කියලා හරි මෙන්න මේ කියන කාරණා වල ඇත්ත නැත්ත මොකක්ද කියලා.ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා රක්ෂිතයේ පදිංචිකරුවන්ට අදාළව ක්‍රියාමාර්ග ගන්න.ඒ නිසා කළබල වෙන්න අවශ්‍යය නෑ, අපි අපිට දුන්න වගකීමක් මේ ඉෂ්ඨ කරන්නේ, අපි වැව් රක්ෂිතය මායිම් කරනවා, මායිම් කරලා එයින් අගතියට පත් වෙන කවුරුන් හෝ ඉන්නවා නම් ඔවුන්ට අභියාචනා කරන්න පුලුවන්, අපි ඔවුන් එක්ක සාකච්ජා කරනවා, සාකච්ජා කරලා ඔවුන් එක්ක එකතු වෙලා තමයි අපි ක්‍රියාමාර්ග වලට යන්නේ.ඒ නිසා කිසි කෙනෙක් කලබල වෙන්න උත්සහ කරන්න එපා, කළබල වෙන්නත් එපා අපි එකතු වෙලා මේ වැව් රක්ෂිත ආරක්ෂා කරන වැඩේ කරමු කියලා මම ආරාධනා කරන්නත් කැමතියි.
දැනට අපි වැව් රක්ෂිතයේ මායිම සලකුණු කරන එක පමණයි සිදු කරන්නේ, එ සලකුණු කරන කොට කවුරු හරි අගතියට පත් වෙන කළබල වෙන කවුරු හරි ඉන්නවා නම් ඔවුන්ට පුලුවන් අභියාචනාවක් ඉදිරිපත් කරන්න අපි අර පත් කරපු කමිටුවට, ඒ කමිටුවෙන් අභියාචනා ඉදිරිපත් කරන කට්ටියත් එක්ක සාකච්ජා කරනවා ඒ අභියාචනා ඉදිරිපත් කරන කට්ටියත් එක්ක එකතු වෙලා තමයි අපි වැව් රක්ෂිතය ආරක්ෂා කර ගන්න කටයුතු කරන්නේ, මේක මිනිස්සු පීඩාවට පත් කිරීම සඳහා ආරම්භ කරපු එකක් නෙමෙයි, වැව් රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා ආරම්භ කරපු වැඩසටහනක්.
අපි ඒ ජනතාව වෙනුවෙන් විකල්පයක්, ඔවුන්ට සාධාරණයක් කරන්න, ඔවුන්ගේ අදහස කියන්න ක්‍රමවේදයන් සහිතව තමයි මේ වැඩසටහන පටන් අරන් තියෙන්නේ.මේවා නිකං අයාලේ ඔහේ ආවා ගියාට මේ වැඩ කරලා නෑ, අපි කමිටුවක් පත් කරලා තියෙනවා, යම් කෙනෙකුට අභියාචනා ඉදිරිපත් කරන්න පුලුවන් නම් ඔවුන් සමඟත් අපි සාකච්ජා කරන්න කමිටු පත් කරලා තියෙනවා.
සහල් නිපදවන්නන්ගේ සංගමය මං හිතන්නේ, කීරී සම්බා සඳහා තියෙන පාලන මිළ ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.ඇත්තටම වෙළඳපොලේ සහල් හිඟයක් තියෙනවා නම්, ඇත්තටම වෙළඳපොලේ කීරී සම්බා හිඟයක් තියෙනවා නම් ඒකට උත්තරය පාලන මිළ අයින් කරන එක නෙමෙයි.ඇත්තටම පාලන මිලක් එන්න ඕන සහල් හිඟයක් තියෙන වෙලාවක, සහල් හිඟයක් තියෙන වෙලාවක පාලන මිළ ඉවත් කලොත් වෙන්නේ පාරිභෝගික ජනතාවට දරා ගන්න බැරි ගානටම කළු කඩ නිර්මාණය වෙලා මේකෙන් වෙනම මාෆියාවක් නිර්මාණය වෙලා ලොකු මිළකට විකිණෙන්න ගන්නවා.ඒ නිසා මේ වෙලාවේ තමයි පාලන මිළක් අත්‍යවශ්‍යය.අපි අමාත්‍යංශයක් ලෙස වෙළඳපොලේ ඇත්තටම කීරී සම්බා හිඟයක් තියෙනවාද කියලා සනාථ කර ගෙන ඒකට ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා.පාලන මිළ ඉවත් කරන්න දැනට කිසිදු තීරණයක් අරගෙන නෑ.
මහින්ද හු ළඟ කියලා නම් මිනිස්සු හුළං ගැහුවා, මම හිතන් නෑ තවදුරටත් මිනිස්සු හුළං ගහන්නෙත් නෑ, මිනිස්සුන්ට ඔය කිසි සුවඳක් වැඩකුත් නෑ, ඒ කට්ටිය මේ රටට කරලා තියෙන දේවල් බැලුවම ඔය කියන පාලනයන් විසින් අපේ රටට අත්කරලා තියෙන ඉරණම දැක්කාම මිනිස්සු තවදුරටත් පාර්ලිමේන්තුවටවත් ගෙන්නා ගන්න බලාපොරොත්තුවක් නෑ, මතකයිනේ ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ නාමල් රාජපක්ෂ ආවේ ජාතික ලැයිස්තුවෙන්, ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්නවත් එළියට ආවේ නෑ, ජනතාව ඉන්නේ එතැන, ඒ නිසා සුළඟ, සුවඳ හීනයක් විතරයි ඒවා යථාර්තයක් වෙන්නේ නෑ, මිනිස්සු ඒවාට කැමති නෑ.
ජනාධිපති ධූරය සඳහා විශේෂ වරප්‍රසාද කියන හිමිකම් ඉවත් කිරීම සිදු කලේ, අපි හිතනවා දේශපාලඥයෝ කියන කෙනා මහ පොළවට උඩින් ඉන්න ඕනකෙනෙක් නෙමෙයි.දේශපාලඥයා තමන් විසින් කරන ලද කර්තව්‍යයට සමාජය ගෞරව දක්වයි, ඒ උපහාරය තියෙයි, ඔවුන්ට උපහාර දැක්වීම සඳහා වර්ග අඩි 30 000 ක් හරි 111 ක සේවක පිරිසක් හරි, සුනඛ පාලනය සඳහා සුනඛ පාලකයින් ලබා දෙන්න ජනතාව බැඳෙන්න ඕන කියලා අපි හිතන්නේ.ඒ තරමට දේශපාලඥයා පුම්බන්න හෝ මහපොළවෙන් උඩට උස්සන්න අවශ්‍යය නෑ, දේශපාලඥයා කියන්නෙත් මහ පොළවේ සාමාන්‍යය මිනිස්සු අතර ඉන්න ඕන කෙනෙක් , ඒ අර්ථයෙන් තමයි මේ හිමිකම් ඉවත් කිරීම කරලා තියෙන්නේ.අපි බලාපොරොත්තු වෙනවා ඒ දේශපාලන සංස්කෘතිය ජනතාව පිළිගනියි.ජනතාව අගය කරයි.එයින් රටට සෙතක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදුව සම්බන්ධයෙනුත් සාකච්ජාවක් තියෙනවා.ඒ සඳහා නිසි පරිදී පාර්ලිමේන්තුවේදී අදාළ සම්මතයන් සිදු කර ගෙන ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.මෙකේදී විවිධ කථා බහ තියෙනවා සමහරු කියනවා හිටපු කට්ටියට අනේ ගන්න දෙන්න, දැන් ඉන්න අයට එන එක නැවැත්තුවාට කමක් නෑ, කියලා. අපි හිතන්නේ .දේශපාලඥයින්ට මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 05 ක් හිටපු පමණින්, විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි කියලා අපි හිතන්නේ නෑ, රටේ සුවහසක් ජනතාව විවිධ කර්මාන්ත වල යෙදුන අය වයෝවෘද්ධ වෙලා ඔවුන්ට කිසිදු පිළිසරණක් නැතිව ඉන්න වෙලාවේ, අවුරුදු 05 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්‍රාම වැටුපක් ගන්න එක යුතුකමක් කියලා අපි හිතන්නේ නෑ, ඒක අසාධාරණයි ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරමින් ඉන්නේ.
අපි කරන්නේ කැප කිරීමක්, ස්වෙච්ජාවෙන් දේශපාලනය කරනවා කියන්නේ තමන්ට හම්බෙන වැටුප වෙනත් කර්තව්‍යයක් වෙනුවෙන් වෙන් කරනවා,වෙනත් කර්තව්‍යයක් වෙනුවෙන් දෙනවා කියන එකත් හැමෝටම කරන්න පුලුවන් එකක් නෙමෙයි.අපි ඒක පෞද්ගලිකව වියදම් කරන්නේ නෑ ,අපි ඒක පක්ෂය සඳහාම වියදම් කරන්නෙත් නෑ, අපි ඒකෙන් පොදු කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒක දේශපාලන ආදර්ශයක් ලෙස හොඳ දෙයක්.මන්ත්‍රී වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනට සාකච්ජාවක් නෑ, අපි බලමු ඒ සම්බන්ධයෙන් ඉස්සරහදී මොකද වෙන්නේ කියලා" යැයි පැවසීය.
-සේයාරූ සහ වාර්තාව
---------------------------
by (2025-09-16 15:39:35)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි