~

ශ්‍රී ලංකාව දූෂනයෙන් මිදීමට වැර වෑයම් කරද්දී, මෙන්න බොලේ අදූෂිතභාවයට නම් දැරූ රටක 'එම්බසි කෂ්ටියක්' ලංකාව තුල මහා පරිමාන දූෂනයක..!

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි.

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.16, ප.ව‍.11.00) ජනතාවාදී මාලිමා ආණ්ඩුව විසින් රට තුල දූෂනයට එරෙහිව මහා පරිමාණ අරගලයක යෙදෙද්දී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් සංවිධානය විසින් 2024 වසරේ දී ලැයිස්තු ගත කරන ලද අදූෂිත රටවල් අතරින් 15 වැනි ස්ථානය හිමි කරගෙන සිටින කැනඩාවේ (පළමු ස්ථානයේ සිටින්නේ ඩෙන්මාර්කයයි) ශ්‍රී ලංකාව තුල පිහිටි කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය තුල මහා පරිමාන දූෂනයක් සිදුවෙමින් පවතින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

කණගාටුවකට කාරණය නම් රටතුල පිහිටි විදේශීය රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල තුල සිදුවන දූෂන රටට බලපාන්නේ වී නමුත් ඒ පිළිබඳ නීතියෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාවට නීතිමය බලයක් නොතිබීම යි. නමුත් අප මෙහි හෙළිදරව් කරන කාරණා අනුව සිද්ධියට සම්බන්ධ අය අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බැවින් කොමිෂන් සභාවට ඊට මැදිහත් විය හැකිදැයි සොයා බැලිය යුතුය.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට දූෂනය මෙසේ ය.

කොළඹ පිහිට් කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය තුල සිදුවන මෙම මහා පරිමාන දූෂනය සිදුවන්නේ කැනඩාවට වීසා ලබා දීමේ ජාවරමක් ලෙස ය. කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය තුල රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් මෙම ජාවාරම මෙහෙයවන අතර පිටතින් සිට තැරව්කරුවන් කිහිපදෙනෙකු විසින් මෙම ජාවාරමට අවශ්‍ය පුද්ගලයින් මෙම කාන්තාවට සපයනු ලබයි.

මෙම කාන්තාව විසින් තනි පුද්ගලයෙකුට කැනඩාවට විසිට් වීසාවක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 40 ක් ද, පවුලක් සඳහා රුපියල් ලක්ෂ 90 ක් ද අය කරනු ලබයි. 

තැරව්කරුවන් විසින් මේ සඳහා ලබා ගන්නා මුදල එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 60 ක් හා පවුලකගෙන් රුපියල් ලක්ෂ 120 ක් වේ. වැඩිපුර ලබා ගන්නා මුදල තැරැව්කරුවන් සඳහා ය.

මේ ජාවාරම සම්බන්ධයෙන් අපට සාක්ෂි ද සැපයිය හැකිය.

ආසන්නතම ජාවාරම නම් කොළඹ පිටකොටුව තොග වෙළඳ සැලක සේවයේ නියුතු කම්කරුවෙක් 'ප්‍රභුවරයෙකු' ලෙස වෙස් ගන්වා කැනේඩියානු විසිට් වීසාවක් ලබා ගැනීමයි. ඒ ආසන්නතම එක සිද්ධියක් පමණක් වන අතර මෙවැනිම  පුද්ගලයින් රාශියක් මෙලෙස ඉහත කී කාන්තාවගේ ජාවාරම හරහා දැනටමත් කැනඩාවට සංක්‍රමණය වී හමාරය.

කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ මෙම ජාවරම මෙහෙයවන කාන්තාවට මිනිසුන් සම්බන්ධ කරදෙනු ලබන තැරුව්කරුවන් අතර කොළඹ වරායේ සජබ වෘත්තීය සමිතියේ සභාපති වරයා පෙරමුණ ගෙන සිටින්නෙකි. ඔහුට වලංගු කැනේඩියානු වීසා බලපත්‍රයක් ඇති අතර එම වීසාව පෙන්වා සෙසු මිනිසුන් මෙම ජාවාරමට සම්බන්ධ කර ගනී. දූෂනයට එරෙහි යැයි සජබ නායකයා පුරසාරම් කියන්නේ නම් තම වරාය වෘත්තීය සමිති නායකයාගේ කෙරුවාව ගැන සොයා බැලිය යුතුය.

සාමාන්‍ය මැද පන්තියේ පුද්ගලයෙකුට පවා කැනඩාවට වීසා ලබා ගැනිමේ දැඩි අපහසුතාවයක් පවතිද්දී එවැනි කැනේඩියානු වීසා බලපත්‍රයක් පිටකොටුවේ තොග කඩයක වැඩ කරන සාමාන්‍ය කම්කරුවකුට ලබා ගැනීමට හැකිවීම කෙතරම් ආශ්චර්යයක් ද?

කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය තුල සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවට දිගු කලක් තිස්සේ තනියම මේ ජාවාරම කරගෙන යා නොහැකි ය. ඊට කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය තුල සිටින යම් යම් දූෂිත කැනේඩියානු නිලධාරීන්ගේ ද සහාය නිසැකවම ලැබිය යුතුම ය. මෙම දූෂනයෙන් සිදුවන ලොකුම හානිය සිදුවන්නේ කැනඩාවට වුව ද එය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ භූමිය තුල බැවින් ශ්‍රී ලාංකිකයෝ ද දූෂනයේ ගොදුරු වෙති. දිගුකාලීනව  දූෂනයේ ගැලී තිබූ ශ්‍රී ලංකාව ඉන් මිදීම සඳහා වර්තමානයේ ගන්නා අතිශය අසීරු සටනට, අදූෂනයෙන් 15 වැනි ස්ථානයේ සිටිනා කැනඩාව සහාය දෙනවානම් ශ්‍රී ලංකාව තුල තිබෙන තම කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන කැනේඩියානු සේම ශ්‍රී ලාංකික දූෂිත නිලධාරීන්ට එරෙහිව වහ වහා පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකාවේ දූෂනයට එරෙහි ජනතාව බලාපොරොත්තු වෙති. 

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි.

---------------------------
by     (2025-09-17 10:50:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links