~

Mission Unstoppable - ස්ථාවරව ඉදිරියට..! ජනතා ඡන්දයෙන් කළ 'විප්ලවයේ' පළමු සැමරුම..! එංගලන්තයේ සුහද හමුවක්..! එක්ව සමරන්න එන්න..!

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.18, ප.ව‍.7.45) පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 21 වැනිදා, තඹුත්තේගම සාමාන්‍ය පවුලක තරුණයෙක්, වසර 60 ක කාලයක් පුරා රටේ රැඩිකල් වෙනසක් වෙනුවෙන් අචලව අඛණ්ඩව දේශපාලනය කළ වාමාංශික පක්ෂයක නායකයෙක්, රටේ ජනාධිපති ලෙස තෝරා පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව තම ඡන්දය සාමකාමීව භාවිතා කිරීමෙන් ලොවටම පෙන්වා දුන්නේ හරි අපූරු ආදර්ශයකි. එනම් රටක රැඩිකල් හැරවුම් ලක්ෂයක් සඳහා වාමාංශික පක්ෂයක් පෙරටු කර ගනිමින් ජනතාවට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සාමකාමී සර්වජන ඡන්ද බලය භාවිතා කළ හැකි බවයි. 

මීට පෙර ලෝකයේ එවැනි අත්දැකීමක් තිබුනේ නැත. බොහෝ සාම්ප්‍රදායික වාමවාදී දාර්ශනිකයන් එවැන්නක් විශ්වාස කෙළේ ද නැත. එබැවින් 2024 වසරේ සැප්තැම්බර් 21 වැනිදා අනුර කුමාර  දිසානායක ශ්‍රී ලංකාවේ දස වැනි ජනාධීපතිවරයා ලෙස පත්වීම හෙවත් චෞර ප්‍රභූන්ගෙන් නිර්ප්‍රභූ ජනතාව වෙත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීම ම  වාර්තාවකි. කෙසේ වෙතත් සමාජයක නිර්ප්‍රභූන්ට රාජ්‍ය බලය ලබා ගත හැකි වන්නේ ම ප්‍රභූන්ට තව දුරටත් තම බලය පවත්වාගෙන යෑම සියළු ආකාරයෙන්ම අර්බුදයට ගිය තන්හිදී පමණි. ලංකාවේ ඒ වන විට සිද්ධ වී තිබුනේ එයයි.

ඊටත් වඩා වාර්තාවක් වන්නේ පරාජිත සියළු ප්‍රභූන් සහ ඔවුන්ගේ කූටාලි බලවේග වල කප්පරක් අවලාද සහ බේගල් මධ්‍යයේ වසරක කාලයක් ගෙවී යද්දී 159 දෙනෙකු ප්‍රධාන කොට ගනිමින්, රාජ්‍ය පාලනයේ පෙර අත්දැකීම් නැතිව පවා, තම පාලන කාලය කිසිදු 'පය ලිස්සා ගැනීමකින්' තොරව ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ, ජනතාවට එකිනෙක ජයග්‍රහණ ලබා දෙමින්, රට ඉදිරියට ගෙන යෑමට සමත් වීමයි. 

2024 දී ලැබූ ජනතා ජයග්‍රහණයේ එක් කුළුනක් වූයේ විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ කැපවීමයි. එහිදී එක්සත් රාජධානියේ එසේත් නැතිනම් ලංකාවේ කටට හුරු එංගලන්තයේ ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ සහ අනිකුත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාවේ ද කැපවීම සහ අනුග්‍රහය අනුර ප්‍රමුඛ මාලිමාවට නොඅඩුව ලැබිණ.

ඒ අනුව 2024 ලැබූ ජනතා ජයග්‍රහනයේ පළමු සංවත්සරය සමරමින් "Mission Unstoppable - ස්ථාවරව ඉදිරියට..!" යන පාඨය මුල්කර ගත් සුහද හමුවක් මාලිමාවේ එක්සත් රාජධානි ශාඛාව විසින් සංවිධානය කර ඇත.

2025 සැප්තැම්බර් 21 වැනි ඉරු දින සවස 2.00 ට ලන්ඩනයේ ස්ලාව් හි, ක්‍රිස්ටල් ග්‍රෑන්ඩ් හි දී එය පැවැත්වෙන අතර මියුරු සංගීතය සමග ශ්‍රී ලාංකික ආහාර පාන වල රස විඳීමට සියළු දෙනාට අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහා සහභාගී වන ලෙස සංවිධායකවරු එක්සත් රාජධානියේ වෙසෙන සියළු ජනතාප්‍රේමී ශ්‍රී ලාංකිකයන් හට ආරාධනා කරති.

මතක තබා ගන්න:

"Mission Unstoppable - ස්ථාවරව ඉදිරියට..!"

එක්සත් රාජධානි සුහද හමුව, ලන්ඩනයේ දී
2025 සැප්තැම්බර් 21 දා සවස 2.00 ට
CRISTAL GRAND, 
3 BATH ROAD, 
SLOUGH
SL1 3UA

සියළු විමසීම්: 07702 007517, 07898 642683, 07984 396378

ජාතික ජන බලවේගය - එක්සත් රාජධානිය

---------------------------
by     (2025-09-18 14:35:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links