~

තවත් ඝාතන කුමන්ත්‍රණයකට පෙර කල් නොමරා සිරිසේනගෙන් ප්‍රශ්න කිරීම අරඹනු..! ‘කෙබර සිරා’ සිංගප්පූරු ගියේ නිලන්ත ජයවර්ධන සහ සුරේෂ් සලේගේ උපදෙස් අනුවයි..!

-රසල් හේවාවසම් ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.19, ප.ව‍.7.30)  පාස්කු ඉරිදා සමූහඝාතන ප්‍රහාරයන් එල්ල කර දැන් මාස 77කි.  එහෙත් යුක්තිය පිලිබඳ බලාපොරොත්තු ඉබි ගමනකය. 

එය සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ නැමැති අපරාධකරුවා  බලයට පත්කිරීමට  එල්ල කරනලද සැලසුම් සහගත ප්‍රහාරයකි. එදා 2018 දී සිරිසේන-රාජපක්ෂ හවුල එක්වී සිදුකරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය දේශපාලන  කුමන්ත්‍රණය  සාර්ථක වුයේ නම් සහරාන් හෂීම් නැමති අන්තවාදී කල්ලිය එම ප්‍රහාරය කිසිදු අවස්ථාවක එම ආකාරයට එල්ල නොකරනු නියතය.

අප විසින් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලියන ලද දීර්ඝ ලිපි මාලාවෙන් එවකට සේනාධිනායකයා වූ මෛත්‍රීපාල  සිරිසේන හෙවත් ‘කෙබර සිරා’ ගේ  දෙබිඩි පිලිවෙත සාක්ෂි සහිතව හෙලිදරව් කර ඇත. (අපට ඔහුට 'කෙබර සිරා' යයි කියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට ආදාලව ඔහු විසින් මේ දක්වා කියා තිබෙන සියලු කතා පට්ට පල් කෙබර නිසාය.) අවාසනාවකට අප හෙළි කළ ඒ තොරතුරු  සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා සිරිසේනගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා  එඩිතර වී නොමැත. ජාජබ ජනතා ආණ්ඩුව  යටතේ ද මෙතෙක් එය සිදුනොවීම කණගාටුදායක ය.

අබ කෑ එකා ගේ මොළය දනවා සේ... 

පාස්කු ඉරිදා සමූහඝාතන ප්‍රහාරයන් අසල්වැසි ඉන්දියාවේ නරේන්ද්‍ර  මෝදිගේ අගමැතිවරයාගේ  බල ව්‍යාපෘතියට අදාල එකක් බව පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින්  සුරේෂ් සලේ  සහ නිලන්ත ජයවර්ධනලාගේ උපදෙස් අනුව කෙබර සිරා පසුගියදා එලිපිට කීවේය. අබ කෑ එකා ගේ මොළය දනවා සේ  විනාශයෙන් පසුව සිරිසේන සිදුකළ ප්‍රකාශ තියුණු ආකාරයට විමර්ශනය කළහොත් ප්‍රහාර පසුපස තිබූ ලංකාවේ දේශපාලන හස්තය කදිමට නීරීක්ෂනය කරගත හැකිය.

මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස ආධුනිකයකු වූ  නිලන්ත ජයවර්ධන පත්කිරීමේ අළුයට ගිණි ලෙස තිබුනේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට අදාලව සංවිධානය වෙමින් තිබු අදිසි  හස්තයේ උවමනාවයි. නිලන්ත ජයවර්ධන මෛත්‍රීපාල  සිරිසේනගේ විස්වාසය ඉතාම හොඳින් දිනා ගනිමින් ඔහුට ඉහලින් සිටි සුරේෂ් සලේ සමග ඉතාමත් සමීපව කටයුතු කර ඇත.

වැඩි විස්තර දැන ගැනීමට දික්කසාද බෑණාගෙන් අහන්න..

ප්‍රහාරයෙන් පසුව සිදු වෙතැයි අපේක්ෂා කරන ලද බල පෙරළියෙන් පසුව සිරිසේන නැවත ජනාධිපති හෝ අගමැති තනතුරේ පිහිටුවන බවට ඔවුන් සිරිසේන රවටා තිබේ. සැලසුම් සහගත ප්‍රහාරයට පෙර මෛත්‍රීපාල සිරිසේන එවකට අගමැතිට හෝ කැබිනට් මණ්ඩලයට නොදන්වා ඉන්දියාවේ, එතැනින් සිංගප්පූරුවේ හදිසි සංචාරයද සැලසුම් කර තිබෙන්නේ නිලන්ත ජයවර්ධන සහ සලේ ඇතුළු කණ්ඩායමේ උපදෙස් අනුව බව හෙලිදරව් වී ඇත.  

වැඩිදුර විමර්ශන සඳහා CID යට සිරිසේනගේ දික්කසාද බෑණා වන තිළිණ සුරංජිත් ගෙන් ප්‍රශ්න කළ හැකිය. 

රනිල්ට මාංචු දැමීමට තරම් ඉදිරිගාමී වූ මාලිමා ආණ්ඩුවට පලමු වසර පිරෙන මොහොතේ රවී-ෂානි ඇතුළු ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ යුත්තේ පාස්කු ප්‍රහාරයන්ට යුක්තිය ඉටුකිරීමට අදාලව සිරිසේන විසින් සිදුකරන ලද අතීත ප්‍රකාශ ඉතාමත් සමීපව විමර්ශනය කර මහජන අපේක්ෂා යථාර්ථයක් කිරීමට කටයුතු කිරීම බව අපි විශ්වාස කරමු.

ඒ සඳහා විමර්ශනයට අදාළව පහත දැක්වෙන්නේ අපගේ මගපෙන්වීම් කිහිපයකි:

1 පාස්කු ඉරිදා සමූහඝාතන ප්‍රහාරයන් සම්බන්ධයෙන් පත්කරන ලද  පාර්ලිමේන්තේතු  කාරක සභාවට සිරිසේන සිදුකරන ලද බාධාවන් විමර්ශනය කිරීම.

2 නාමල් කුමාර නැමැත්තා යොදා ගනිමින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය භාරව සිටි (TID) නාලක සිල්වා සිරගත කිරීම පිළිබඳ නැවත විමර්ශනය කිරීම.

3. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් හරියාකාරව ප්‍රශ්න කිරීම.

4. එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු සතුව පවතින සිරිසේන ලබාදුන් පටිගත සියලුම දුරකථන වාර්තා විශේෂ විමර්ශනයකට භාජනය කිරීම.

5. තමාට හිරිහැර කළහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියළුම රහස් හෙලිදරව් කරන බවට ගෝඨාභය රාජපක්ෂට සිරිසේන සිදුකරන ලද වාචික තර්ජනය කඩිනමින් විමර්ශනය කිරීම.

6. සිරිසේනගෙන් ප්‍රශ්න කිරීම අරඹා සුරේෂ් සලේගෙන් සහ ගෝඨාභයගෙන් ද ප්‍රශ්න කිරීම. 

රාජපක්ෂලාගේ පාතාල රාජ්‍යය තවමත් ක්‍රියාත්මක ය. දැන් ඔවුන්ට එල්ල වී ඇති යුක්තිසගත අධිකරණ ක්‍රියාමාර්ග වලින් ගැලවීම සඳහා මේ පාතාල රාජ්‍යය  එවැනි බිහිසුණු ප්‍රහාරයක් යළිත් එල්ල කිරීමට ඉඩකඩක් නැත්තේ නොවේ. මන්ද යත් මහමොළකරුවන් තවමත් නිදැල්ලේ නිසා ය. මේ නිසා  නැවත එවැනි ආකාරයේ කුමන්ත්‍රණයක් සිද්ධ කිරීමට පෙර සිරිසේනගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිය යුතු ය. 

-රසල් හේවාවසම්

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හෙළිකරමින් එදා සිට අද දක්වා ලංකා ඊ නිව්ස් ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/74

---------------------------
by     (2025-09-19 14:26:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links