-සුරනිමල ගම්භාර හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.22, ප.ව.11.30) රාජපක්ෂලා විසින් ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක එපිට සිට ගොඩනඟා ඇති 'පාර රාජ්‍යයේ' (Deep State), රාජපක්ෂවාදී ඒජන්තයකු ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ තෙවන ලේකම්වරයා ( බුද්ධි නිලධාරියා) ලෙස පත්කර යැවීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇතැයි අප වෙත වාර්තා වේ. යුධ හමුදා බුද්ධි අංශය යනු තවමත් රාජපක්ෂවාදී පාර රාජ්‍යයේ දැඩි ග්‍රහණයට හසුව ඇති ආයතනයකි.
යුධ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාට සත්‍ය කරුණු වසන් කර, මෙලෙස ප්‍රංශය වෙත යැවීමට සූදානම් වන්නේ 'ලුතිතන් කර්නල් චමින්ද උඩවත්ත' නමැත්තාව ය.
මොහු, ප්‍රංශයේ පැරිස් නුවර ක්‍රියාත්මක වන ' මව්බිම වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකික අපි' නමැති ජාතිවාදී සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන 'විමල් බණ්ඩාර' නමැත්තාගේ සමීපතම මිතුරෙකි. විමල් බණ්ඩාර යනු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශගේ යන දේශපාලන තක්කඩියන් ගේ අංක එකේ හොඳම ගෝලයෙකි.
ලුතිතන් කර්නල් චමින්ද උඩවත්ත නමැත්තාව ප්‍රංශයේ තෙවන ලේකම්වරයා (බුද්ධි නිලධාරියා) ලෙස යැවීමට රාජපක්ෂලා වෙනුවෙන් සියලු සැලසුම් සකස් කොට ඇත්තේ, කලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ බුද්ධි නිලධාරියා ලෙස කටයුතු කළ 'මහතන්තිලගේ' නමැත්තා විසිනි. මහතන්තිලගේ මේ වන විට බුද්ධි අංශයෙන් පිටත රාජකාරී කරන නමුත්, ඔහුට මේ රජය යටතේ උසස්වීමක් ලැබී තිබේ.
චමින්ද උඩවත්ත නමැත්තාව ප්‍රංශයේ තානාපති කාර්යාලයට යැවීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, ප්‍රංශයේ සිටින රාජපක්ෂවාදීන් සහ ජාතිවාදීන් සංවිධානය කොට ප්‍රංශය තුලත්, ඉන් අනතුරුව යුරෝපය තුළත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂන සහ ක්‍රියාකාරකම් ඇති කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමටයි.
චමින්ද උඩවත්ත යනු හමුදාව තුළ විවිධ වංචා ගණනාවක් සිදු කොට චෝදනා වලට ලක් වූ නීලකාස හොරෙකි. ඊට අමතරව ඔහු නාරිමාංශ ලෝලියෙකු ලෙස ද හමුදාව තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අයෙකි. මොහු ත්‍රිකුණාමලයේ 7 වැනි බුද්ධි බළකායේ දෙවන අණ දෙන නිලධාරියා ලෙස සේවයේ යෙදී සිටියදී, සෙබලුන් ගේ සලාක මුදල් සොරකම් කිරීමේ චෝදනාවට ලක් වී විමර්ශනයකට මුහුණ දුන් අයෙකි. මේ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව දැනටත් යුධ හමුදා මූලස්ථානයේ තිබේ.
චමින්ද උඩවත්ත 51 වැනි සේනාංකයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා ලෙස යාපනයේ රාජකාරීවල යෙදී සිටියදී, සෙබලුන් ගෙන් මුදල් එකතූ කොට පුද්ගලික පරිහරණය සඳහා පරිඝණක මිළදී ගත් පුද්ගලයෙකි.
යුධ හමුදාව තුළ නාරිමාංශ ලෝලියෙකු ලෙස ප්‍රචලිත මොහුගේ හැසිරීම සම්බන්ධයෙන් හොඳම උදාහරණය ලෙස දැක්විය හැක්කේ, මොහුගේ විවාහය සිදු වී ඇති ආකාරය ය. මොහු මින්නේරියේ රාජකාරී කළ සමයේ යුධ හමුදා නිලධාරිනියක් සමඟ සබඳතා පවත්වා ඇති අතර, ඒ නිවසට යෑමේ ඒමේ දී එම නිලධාරිනියගේ නැඟණිය සමඟ ද සම්බන්ධකම් පවත්වා තිබේ. මේ අතර තුර යුධ හමුදා නිලධාරිනිය ගැබ් ගෙන ඇති අතර, ඊට පසු ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මොහුව ගස් බැඳ, ඒ වන විට ගැබ් ගෙන තිබූ නිලධාරිනියට බලහත්කාරයෙන් විවාහ කර දී ඇත.
මොහුගේ විවාහක බිරිඳගේ නැගණියගේ සැමියාව, බිරිඳගේ පියා සහ නිවසේ පිරිස එක්ව ඝාතනය කර ඇති අතර, එම ඝාතනය සම්බන්ධයෙන් මොහුගේ සහ මොහුගේ බිරිඳගේ නම් ඈඳී ඇත. මෙය යුධ හමුදා බුද්ධි අංශයේ පරීක්ෂාවට ලක් වූ කරුණකි. මෙවැනි පසුබිමක් තුළ මොහුට හෝ මොහුගේ බිරිඳට හෝ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යටතේ විදෙස්ගත වීමට කිසිසේත්ම ඉඩක් නොමැත.
යුධ හමුදාවේ සේවයේ නියුතු මොවුන් දෙදෙනා විදෙස්ගත වන්නේ නම්, ඊට පෙර ඒ සඳහා වූ නිෂ්කාශන දෙකක් ලබාගත යුතුය. එක් නිෂ්කාශනයක් ලබාගත යුත්තේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ය. අනෙක ලබාගත යුත්තේ යුධ හමුදා බුද්ධි සේවයෙනි. එහෙත් මොහුට සහ මොහුගේ බිරිඳට ඇති චෝදනා අනුව මෙම නිෂ්කාශන සහතික මොවුන්ට ලබා ගැනීමට නොහැක. එහෙත් පුදුමයට කාරණය නම් මොවුන් මේ වන විට මෙම නිෂ්කාශන සහතික දෙක ලබාගෙන තිබීම ය.
මොවුන්ට මෙම සහතික ලබා ගැනීම සඳහා සියලු පහසුකම් සපයා දී ඇත්තේ, වත්මන් 'යුධ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ දීප්ති ආරියසේන' සමඟ කුළුපගව කටයුතු කරන 'කර්නල් නෙවිල් අත්තනායක' විසින් ය. නෙවිල් අත්තනායක විසින් මෙම කූඨ සැලසුම ක්‍රියාත්මක කර ඇත්තේ, හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට ද හොර රහසින්ය.
කර්නල් නෙවිල් අත්තනායක ද යුධ හමුදා බුද්ධි අංශයේ සිටින රාජපක්ෂ පාර රාජ්‍යයේ ප්‍රබල ඒජන්තයෙකු සේම නීලකාස හොරෙකි. මොහු මේ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස්වීමට දතකමින් සිටින්නෙකි. මොහු හමුදා සේවයේ සිටියදී මුහුණු පොත හරහා රජය විවේචනය කිරීම සම්බන්ධව යුධ හමුදා පොලිසියෙන් අත් අඩංගුවට ගත් අයෙකි. හමුදා අධිකරණය මොහුව සේවයෙන් පහ කිරීමට නියෝග කරන ලද මුත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැදිහත් වී මොහුව බේරා ගෙන තිබේ.
පසුගිය යුද්ධය අවසානයේදී LTTE සංවිධානය සතුව තීබී සොයාගත් රත්තරන් තොගයෙන් කිලෝ 200 ක් සොරකම් කොට කොළඹට ගෙනැවිත් විකුණා, එම මුදල් යොදවා පන්නිපිටියේ දේපල මිලදී ගත් බවට නෙවිල් අත්තනායකට එකල චෝදනා එල්ල විය. එසේම LTTE යෙන් අල්ලා ගත් ආයුධ තොගයෙන් පිස්තෝල අවි 22 ක් හොරෙන් ගෙනවිත් පිල්ලෙයාන්ගේ කණ්ඩායම හරහා පාතාලයට විකුණා ඇති බවටද මොහුට චෝදනා එල්ල විය. නෙවිල් අත්තනායකට තවත් බොහෝ චෝදනා තිබේ. ඒවා හමුදා බුද්ධි අංශයේ සේවය කරන සියල්ලෝම දනිති.
ලුතිනන් කර්නල් චමින්ද උඩවත්ත සුපිරිසිදු චරිතයක් බවට පත්කොට යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානීන් සහ ආරක්ෂක අමාත්‍යංශය බලධාරීන් නොමඟ යවා හොර රහසේම ප්‍රංශයට යැවීමේ කුමන්ත්‍රණයේ විශාලතම කාර්ය භාරය සිදු කරමින් සිටින්නේ කර්නල් නෙවිල් අත්තනායක ය.
මෙම රාජපක්ෂවාදී පාර රාජ්‍යයේ කුමන්ත්‍රණය වහාම බිඳ දැමීමට වත්මන් රජයේ ආරක්ෂක අමාත්‍යංශය සහ විදේශ අමාත්‍යංශය කඩිනමින් මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරමු. එවැනි කඩිනම් මැදිහත්වීමක් සිදු කර මෙය පරාජය නොකළ හොත් එහි ඵල විපාක ඉතාමත් නුදුරේදීම රජයට විඳින්නට සිදුවීම නියත බවට අපි අනතුරු අඟවමු. එහෙයින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස අනුර කුමාර දිසානායක සහ විදේශ අමාත්‍යවරයා ලෙස විජිත හේරත් යන දෙදෙනා ම මෙම අනතුර වැලැක්වීම සඳහා කඩිනමින් පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
(චමින්ද උඩවත්ත සහ නෙවිල් අත්තනායක යන දෙදෙනාගේ සේයාරු මෙහි දැක්වේ)
---------------------------
by (2025-09-22 19:33:54)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි