(ලංකා ඊ නිව්ස් -2025.සැප්.24, ප.ව.11.00) දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන්, කුෂ්, ගංජා ආදී විවිධ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔබ සිටින ප්‍රදේශය තුල යම් තොරතුරු ඔබ දන්නවා නම් ඊට අදාල තොරතුරු වහාම විශ්වාසනීයව ලබා දීම සඳහා මහජනතාව වෙත පොලිසිය විසින් පහසුවෙන් මතක තබා ගත හැකි නව දුරකථන අංක 9 ක් අද හඳුන්වා දුන්නේ ය. ඒ අදාල පළාත් 9 භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඍජුවම අමතා තොරතුරු ලබා දීම සඳහා වෙන්වූ ජංගම දුරකථන අංක 9 කි.
එසේ ලබා දෙන්නා වූ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරමින් එම ජ්‍යෙෂෟඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහොයුම් සිදුකිරීම ඇතුලු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරනු ඇත.
මත්ද්‍රව්‍ය උවදුරු ශ්‍රී ලංකාවේ භූමි තලයෙන් මුලිනුපුටා දැමීම සඳහා පුරවැසියන් වශයෙන් ඔබ ලබාදෙන සහාය ශ්‍රී ලංකා පොලිසිය ඉතා අගය කරන අතර, අදාල පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නම් සහ ජංගම දුරකථන අංක පහත පරිදි වේ.
1. බස්නාහිර පළාත - ජ්‍යෙ.නි.පො. සංජීව ධර්මරත්න - 071 - 859 1991
2. දකුණු පළාත - ජ්‍යෙ.නි.පො. කිත්සිරි ජයලත් - 071 - 859 1992
3. මධ්‍යම පළාත - ජ්‍යෙ.නි.පො. ලලිත් පතිනායක - 071 - 859 1985
4. ඌව පළාත - ජ්‍යෙ.නි.පො. මහේෂ් සේනාරත්න - 071 - 859 2642
5. සබරගමුව පළාත - ජ්‍යෙ.නි.පො. මහින්ද ගුණරත්න - 071 - 859 2618
6. වයඹ පළාත - ජ්‍යෙ.නි.පො. අජිත් රෝහණ - 071 - 859 2600
7. උතුරුමැද පළාත - ජ්‍යෙ.නි.පො. බුද්ධික සිරිවර්ධන - 071 - 859 2645
8. උතුරු පළාත - ජ්‍යෙ.නි.පො. ටී.සී.ඒ.ධනපාල - 071 - 859 2644
9. නැගෙනහිර පළාත - ජ්‍යෙ.නි.පො. වරුණ ජයසුන්දර - 071 - 859 2640
---------------------------
by (2025-09-25 16:26:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි