~

මෘග චෞර නායක මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධාන සට්ටැඹි රාළ රිමාන්ඩ්...!

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.02, ප.ව‍.10.00) මෘග චෞර නායක මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ අංක එකේ සට්ටැඹි රාළ වූ ද, යුද හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වරයෙකු වූ ද, නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂන විමර්ෂන කොමිෂන් සභාව විසින් අද(02) අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ ය.

අල්ලස් පනතේ 23 (අ)(1), 2023 අංක 9 දරණ දූෂන විරෝධී පනතේ 127(1)(ඌ) සහ (ඒ) දරණ වගන්ති යටතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට අදාලව කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් නෙවිල් වන්නිආරච්චි අත් අඩංගුවට ගන්නා ලදී.

"මට අද එන්න බැහැ"

කොමිසම නෙවිල්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පසු සවස් වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත ඉදිරිපත් කෙරිණ. කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර නෙවිල් වසර 8 ක් තිස්සේ කොමිසමට අවශ්‍ය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර කට්ටි පනිමින් සිටි බවයි. කොමිසම යැවූ ලිපි වලට පිළිතුරු නොදුන් ඔහු දුරකථන ඇමැතුම් වලට ද පිළිතුරු දී නැති බවත්, එක් වතාවකදී පමණක් දුරකථන ඇමැතුමකට විනාඩියකටත් අඩු කාලයක් පිළිතුරු දී කියා සිටියේ ද "මට අද එන්න බැහැ" කියා පමණක් බවත් කොමිසම අධිකරණය ඉදිරියේ කියා සිටියේ ය.

නෙවිල් වන්නිආරච්චි අද අත් අඩංගුවට ගැණුනේ රුපියල් මිලියන 28 කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත වුව ද, නෙවිල් සතුව ඇති බවට අනාවරණය කර ගෙන ඇති බස්රථ ඇතුළු රථ වාහන, නිවාස, හෝටල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ගිණුම් රාශියක් සම්බන්ධයෙන් විශාල විමර්ශනයක් සිදු කිරීමට ඇති බැවින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. නෙවිල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, නෙවිල් වන්නිආරච්චි ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙළේ ය.

නෙවිල් ප්‍රකෝටිපතියෙක්..

නෙවිල් වන්නිආරච්චි යනු මෘග චෞර නායක මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ දිගු කාලීන ප්‍රධාන සට්ටැඹි රාළ ය. අංග ආරක්ෂකයා ලෙස පමණක් නොව පර්සි මහේන්ද්‍රගේ සියලු ආවතේව කම් කෙළේ ඔහු ය. ඇඳුම් ඇන්දවීම, කෑම බීම කැවීම, බෙහෙත් හේත් පෙවීම ආදී සියලු දේ කෙළේ නෙවිල් විසිනි. සට්ටැඹිකම් කිරීමේ ආදීනව ලෙස ඔහු දැවැන්ත දේපොලක් උපයා ගත්තේ ය. රාජපක්ෂලාගේ සට්ටැඹියෙකුව සිට පසුව ඉන් ඉවත් වීම නිසා පසුගියදා ඝාතනය කළ 'මීගස්ආරේ කජ්ජා' නමැත්තා මරා දැමීමට පෙර ප්‍රකට යූටියුබ් නාලිකාවකට දුන් සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ නෙවිල් යනු කෝටිපතියෙක් නොව ප්‍රකෝටිපතියෙක් බවයි. නෙවිල් රිමාන්ඩ් භාරයට පත්වීමෙන් අති මහත් පාඩුවක් වන්නේ මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ට ය.  

පළපුරුදු ගස් කපන්නෝ මහා ගස් කපා බිම හෙළීමට පෙර ගසේ ඇති ප්‍රධාන අතු කපා ගස පාහිති.

---------------------------
by     (2025-10-02 16:40:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links