~

අම්පාර දිස්ත්‍රික්කයේ GMOA වැඩ වර්ජනය 'අම්මට සිරි' ම එකක්..! මෙන්න ඇත්ත කතාව..!! රටේ ආණ්ඩු දෙකක්, නීති දෙකක් තිබිය නොහැකිය..!!!

-නීතිගරුක යුක්තිගරුක වෛද්‍යවරු පිරිසක් ලියති

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.05, ප.ව‍.11.00) GMOA හෙවත් 'ගොමා' හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වෘත්තීය සමිතිය ගැන කාලයක පටන්ම රටේ පොදු මහජනතාවට ඇත්තේඉතාමත් අපුල දනවන අත්දැකීමකි. වසර දහයකටත් අධික කාලයක් එහි සභාපති ධූරය දැරූ 'ජොස්තර පාදෙණිය' ඇතුළු නඩය එම සංගමය වළපල්ලටම දැමුවා පමණක් නොව මෝඩ ගෝඨා ට කාබනික පොහොර ලණුව කන්නට දීමෙන් රටම මහා අගාධයකට ඇද දැමීමට මූලික විය. එවන් කළු චිත්‍රයක් ඇති GMOA විසින් අම්පාර දිස්ත්‍රික්කයේ දැන් දියත් කර ඇති වැඩ වර්ජනය වසර 18 ක් එකම රෝහලක අනීතිකව රැඳී සිටි GMOA වේ වෛද්‍යවරයෙක් ස්ථාන මාරු කිරීම නිසා සිදුකරන ලද 'අම්මට සිරි' ම වැඩ වර්ජනයකි. මෙම කුරිරු වර්ජනය නිසා දිනකට පනස් දහසකට අධික රෝගීහු අතිමහත් දුෂ්කරතාවයට පත්ව සිටිති. සිද්ධියේ සත්‍ය කතාව මේ රටේ ජනතාව දැන ගත යුතු ය. 

ඉතිහාස කතාව

2007 වසරේ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීමක් මත දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරයෙක් පුරා වසර 10 ක් එම රෝහලේ රැඳී සිටි අතර ඉන්පසුව 2017 වසරේ දී පොළොන්නරුව, ලිහිණියාගම රෝහලට ස්ථාන මාරුවක් ලබා පිටත්ව ගොස් එක් දිනක් ඇතුලත නැවතත් තාවකාලික ස්ථාන මාරුවක් මත දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල වෙතම පැමිණ තිබිණ. එසේ පැමිණි එම වෛද්‍යවරයා තවත් වසර 08 කට පසු මෙයට දින කිහිපයකට පෙර එම රෝහලෙන් නැවතත් පොළොන්නරුව, ලිහිණියාගම රෝහල වෙත අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා විසින් නිදහස් කර යවන්නේ එලෙස දීර්ඝ කාලයක් තාවකාලික පදනමින් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ රැඳී සිටිමින් වැටුප් හා අතිකාල දීමනා ලබා ගැනීම ප්‍රශ්න කරමින් නිකුත් වූ විගණන වාර්තාවකට අනුව ය.

GMOA වෘත්තීය සමිති බලය අවභාවිතය නිසා වෛද්‍ය අධිකාරී රාජ්‍ය සේවය අත්හැර ගියා..

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් සෑම වසර 04 කට වරක් ස්ථාන මාරුවීම් ලැබිය යුතු වුවද අදාල වෛද්‍යවරයා වසර 18 ක් පුරා සිය වෘත්තීය සමිතියේ බලය අවභාවිතා කරමින් එකම රෝහලක රැඳී සිට ඇත. එම වෛද්‍යවරයා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සේවය කර ඇත්තේ  වැඩ බලන වෛද්‍ය අධිකාරී තනතුරේ ය.

2025-05-24 දින එම රෝහලේ වෛද්‍ය අධිකාරී තනතුරට නව වෛද්‍යවරයෙක් මහඔය මූලික රෝහලේ සිට ස්ථාන මාරු ලබා පැමිණ ඇත. මෙලෙස නව පත්වීමක් ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට පැමිණි වෛද්‍යවරයාට එරෙහිව මෙම වෛද්‍යවරයා සහ එම රෝහලේ ම සේවය කරන අදාල GMOA සංගමයට ම අයත් තවත් දූෂන චෝදනා ඇති වෛද්‍යවරුන් කීප දෙනෙක් එක්ව ඔහුගේ රාජකාරියට දිගින් දිගටම බාධා කිරීමත්, තනතුරෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීමත් නිසා නව වෛද්‍යඅධිකාරී ලෙස පත්ව ආ වෛද්‍යවරයා අවසානයේ දී රාජ්‍ය සේවයෙන් ම ඉල්ලා අස්විය.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිදු වු මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විනය පරීක්ෂනයක් අරඹා ඇති අතර වසර 18 ක් අනීතිකව රැඳී සිටි වෛද්‍යවරයා මාරු කිරීමට එරෙහිව GMOA වෛද්‍යවරුන් මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයේ වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

ජනතා මතය කුමක්ද?

මෙම වෛද්‍ය වැඩ වර්ජනය සම්බන්ධව ප්‍රදේශයේ ජනතාවගේ අදහස නම්, කිසිදු සාධාරණ පදනමක් නැති, නීති විරෝධී ඉල්ලීම් වෙනුවෙන් සිදුකරන වැඩ වර්ජන වලට ආණ්ඩුව යටවිය යුතු නැති බවත්, වර්ජකයින්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතු බවත් ය.

මෙම GMOA සංගමයේ බලපෑම් නිසා බොහොමයක් වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොවී නතර වී ඇති අතර පසුගිය කාලයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කර ගැනීමට ඇතැම් වෛද්‍යවරුන්ට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පවා යාමට සිදුවිය. එසේම මෙම වෛද්‍ය සංගමයේ ප්‍රාදේශීය නායකයින් දීර්ඝ කාලයක් පුරා ස්ථාන මාරුවීම් නොලබා එකම සේවා ස්ථාන වල රැඳී සිටින්නේ එම ප්‍රදේශවලට ලැබීමට නියමිත නව වෛද්‍ය පත්වීම් සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කරමින් ය. 

එසේම අනුරාධපුර රෝහලේ සිට ඉවත් කළ වැඩ බලන අධ්‍යක්ෂවරයා ද , කොළඹ අක්ෂි රෝහලේ සහ බදුල්ල ශික්ෂන රෝහලේ සේවය කරන මෙම GMOA සංගමයේ ප්‍රධානීන් ලෙස මාධ්‍ය ඉදිරියට එන වෛද්‍යවරුන් දෙදෙනා ද, වසර 10 කට වැඩි කාලයක් ස්ථාන මාරුවීම් නියෝග නොතකා, විවිධ දූෂන ක්‍රියාවන් වලට සම්බන්ධ වෙමින් බලහත්කාරයෙන් රැඳී සිටින වෛද්‍යවරුන් ය.

රෝගී සත්කාර සේවා අඩාල කරන මෙම GMOA වෛද්‍ය වෘත්තීය සමිතියේ ත්‍රස්ත හැසිරීමට ආණ්ඩුව යටත් විය යුතු නැත. රටේ පැවතිය යුත්තේ එක ආණ්ඩුවකි. එක නීතියකි. සෞඛ්‍ය සේවාව තුල මෙය තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන්ගේ අත්හළ නොහැකි වගකීමකි.

-නීතිගරුක යුක්තිගරුක වෛද්‍යවරු පිරිසක් විසිනි

---------------------------
by     (2025-10-05 18:42:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links