-ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අනුරාධපුරයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස 150 ක් ලබා දෙමින් නියෝජ්‍යය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ කියයි...!
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.05, ප.ව.11.10) "ඔය තාජුදීන්ගේ සිද්ධියට නාමල් රාජපක්ෂව අපි ගෑව්වේ නෑ, ඔහුගේ කළබල වීම මත තමයි නාමල් රාජපක්ෂ මේකට ඈඳුනේ කියලා මට හිතෙන්නේ" යැයි ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
ලෝක ජනාවාස දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට නියමිත නිවාස 140 න් තලාව ප්‍රදේශයේ නිවසක් නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ විසින් අද (05) නිවාස හිමියන්ට භාර දෙන ලදී. 'සැමට නිවහන' නිවාස ආධාර වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ නිවාස 140 ක් සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 140 ක් වෙන් කර ඇත.
"තමන්ට නිවසක් තනා ගන්නට තරම් ආදායමක් නොමැති අඩු ආදායම්ලාභීන්ට නිවසක් තනා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 ක ආධාර මුදලක් ලබා දුන්නා නිවාස සංවර්ධන අධිකාරිය යටතේ, ඒ අනුව නිවාස තනා දීලා ඒවා විවෘත කිරීම තමයි අද දවසේ සිදු වෙන්නේ, අදත් -හෙටත් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඒ වගේ නිවාස 50 ක වැඩ කටයුතු ඉවර කරලා ඒ පවුල් පදිංචියට භාර දෙන වැඩකටයුත්ත වෙනවා, ඒ කටයුතු තමයි අද මේ සිද්ධ වෙන්නේ.මේ යටතේ ලංකාවේම නිවාස 1600 කට වැඩි සංඛ්‍යාවක් විවෘත කෙරෙනවා, අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තාම සමස්ථ නිවාස සංඛ්‍යාව 140 ක්, මීට අමතරව සමෘද්ධිය ලැබූ අඩු ආදායම්ලාභී පවුල් වලට සමෘද්ධී ව්‍යාපාරය හරහාත් තව නිවාස 20 කට ආසන්න සංඛ්‍යාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබෙනවා, ඔක්කොම නිවාස 150 කට වැඩි සංඛ්‍යාවක් අලුතින් ඉදි කෙරෙනවා, නිවාසයක් දැනට නැති පවුල් සඳහා.
ජනාධිපතිතුමන්ගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් කථා බහක් ඇති වෙලා තියෙනවා, ඒ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත වල වැරැද්දක් තියෙනවා.ජනාධිපතිතුමන්ගේ වැය ශීර්ෂයට එකතු කරලා තියෙන්නේ ජනාධිපතිතුමා වැය කරන, ජනාධිපතිතුමන්ගේ භූක්තිය සඳහා වෙන් වෙච්ච මුදල් නෙමෙයි, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් වෙන් කරලා තියෙනවා, ඒවා ජනාධිපති වැය ශීර්ෂය යටතේ තමයි සටහන් වෙන්නේ.ඒ නිසා අපි දුන්න පොරොන්දු කිසිවක් කඩ කරලා නෑ, ජනාධිපති ලෙස, ජනාධිපතිවරයාට පරිහරණය කරන්න තිබුණු , භුක්ති විඳින්න තිබුණු මුදල් 50% කින් විතර කප්පාදු කරලා තියෙනවා, මේ පෙන්වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වන සංවර්ධන වැඩකටයුතු සඳහා , විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වගේ සංවර්ධන වැඩකටයුතු සඳහා වෙන්කළ මුදල් වල එකතුව තමයි මේ ජනාධිපතිතුමන්ගේ භුක්තිය සඳහා වෙන් කර ගත්තා කියලා වැරදි විදිහට අර්ථකතනය වෙලා තියෙන්නේ.
අපි අය-වැයෙන්ම බලාගමු ජනතාවට මොනවගේ සහන ලැබෙයිද කියලා.අපි කොහොමටත් ජනතාවට පීඩාවක් නොවන, ජනතාවට සහනයක් ලැබෙන අය-වැයක්, ඒ වගේම සංවර්ධන අය-වැයක් ගේන්න නියමිතයි 2026 වෙනුවෙන්.2026 කියන්නේ 2025 ටත් වැඩිය ජනතාවට බොහෝ දේවල් ලැබෙන, රටට බොහෝ දේවල් ලැබෙන අයවැයක් බවට පත් වෙන එක නම් විශ්වාසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හා අපි පොරොන්දු වුණු සියලු දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙනවා, පාස්කු ප්‍රහාරය වගේ සිද්ධීන් හරිම සංකීරණයි, මේක අවුල් කරලා තිබුණේ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමහර කමිටු දාලා මේක වැරදි පාරක ගෙනයන්න , යන්න ඕන පාරේ නෙමෙයි වෙනත් පාරක යන්න සලස්වලා තිබුණා, අපිට ඇවිත් මේ තිබුණ දත්ත , තොරතුරු එකතු කරලා නැවත විමර්ශණය කරන්න පටන් අරන් තියෙනවා.ඒ විමර්ශන සිද්ධ වෙනවා ඒවාට කිසිදු බාධාවක් වෙලා නෑ, කිසි අඩුවක් වෙලා නෑ, ඒ විමර්ශන සංකීරණයි.ඒවා සිද්ධ වෙමින් තියෙනවා අදාළ පරදි ඒ අංශ වලට භාර දීලා තියෙනවා, අදාළ නිළධාරීන් පත් කරලා තියෙනවා.ඒ විමර්ශණ සිදු කෙරෙමින් යනවා, ඒ විමර්ශණ වලදී සොයා ගන්නා කරුණු එක්ක අදාළ පරිදී නිතීමය ක්‍රියාමාර්ග ගන්නවා.
ඔය තාජුදීන්ගේ සිද්ධියට නාමල් රාජපක්ෂව අපි ගෑව්වේ නෑ, ඇත්තටම ඔය සිද්ධිය වුණේ අර හම්බන්තොටදී ඝාතනය වෙච්ච කජ්ජා නමින් හඳුන්වන පුද්ගලයා මේ වීඩියෝ වල හිටියාය කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කළේ, ඒ පුද්ගලයාගේ බිරිඳ විසින් හදුනාගත්තාය කියන එක, ඒකේ නාමල් හිටියා කියලා කිව්වේ නෑ, ඒකේදී නාමල් රාජපක්ෂ තමයි කළබල වුණේ මං හිතන්නේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නිළ වශයෙන් ඉදිරිපත් කරපු එකේදී නාමල් රාජපක්ෂ සම්බන්ධයක් තිබුණා කියලා කිව්වේ නෑ, ඊට පස්සේ තමයි මේක ගොඩනැගෙන්න ගත්තේ, අලුතින් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච කරුණු, තොරතුරු වලට නාමල් රාජපක්ෂ අපි ගෑව්වේ නෑ, ඔහුගේ කළබල වීම මත තමයි නාමල් රාජපක්ෂ මේකට ඈඳුනේ කියලා මට හිතෙන්නේ මේ වෙන සිද්ධි එක්ක.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් අපි සංශෝධනය කරපු පනතින්, හිටපු රාජ්‍යය නායකයින්ගේ ආරක්ෂාව අයින් කරන්න තීරණය කරලා නෑ, ආරක්ෂාව තිබෙනවා.ඔවුන්ට ලබා දෙන සමහර සමහර ඔවුන්ට ලැබුණු විශේෂ වරප්‍රසාද තමයි අයින් කරලා තියෙන්නේ.ඔවුන්ට ජීවත් වීම සඳහා වෙච්ච විශ්‍රාම වැටුප හරි ආරක්ෂාව හරි අපි අයින් කරලා නෑ, ඒක වැරදි කථාවක්, ඔවුන්ගේ ආරක්ෂාව අයින් කරලා ඔවුන් අනාරක්ෂිත කරනවා කියන කථාව සම්පූර්ණ වැරදියි.
ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් පැමිණිලි කරන්න පුලුවන්, ඒ වගේම බුද්ධි අංශ, බුද්ධි වාර්ථා තියෙනවා, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන තියෙනවා නම් අපේ ආරක්ෂක අංශ වලට වාර්ථා වෙනවා, ඒ අනුව ඔවුන්ට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ප්‍රවේශයන් තියෙනවා.ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසි කළබලයක් වෙන්න ඕන නෑ, ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කරන්න, ඔවුන්ගේ ආරක්ෂාව නැති කරන්න කටයුතු කරලා නෑ, ඔවුන්ට යම් තර්ජනයක් තියෙනවා නම් ඒ සම්බන්ධ දේවල් සපයන්න හා ආරක්ෂා කරන්න පොලීසිය බැඳලා ඉන්නවා.
අපේ රටේ කෘෂිකර්මාන්තය කොතරම් පහළට ඇද දාලා තියෙනවා ද කියලා කිව්වොත් අපේ රටට අවශ්‍යය වී වර්ග සැළසුම් සහගතව වගා කරන එක සිදු වෙලා නෑ, රටට කීරි සම්බා කොච්චරක් ඕනද? නාඩු කොච්චරක් ඕනද? සම්බා කොච්චරක් ඕනද කියන එක හා ඒ අදාළ ප්‍රමාණයන් වගා කිරීමේ සැලැස්මක් රජය විසින් කරන්න වැඩකටයුතු සලස්වලා නෑ, එහෙම යාන්ත්‍රණයක් හැදිලා නෑ, එහෙම නැති වෙන කොට වෙන්නේ එක වෙලාවක නාඩු වැඩි වෙනවා, එක වෙලාවක සම්බා වැඩි වෙනවා, එක වෙලාවක කීරී හිඟ වෙනවා, එක වෙලාවක සම්බා හිඟ වෙනවා, ඒක මේ කෘෂිකර්මාන්තය ඇඳ දැම්ම අගාධයේ අර්බුධයේ ප්‍රකාශනයක්.ඒ නිසා අපි ඉදිරියේදී සැලසුම් කරමින් ඉන්නවා, රටට අවශ්‍යය කීරි සම්බා, සම්බා කොච්චර්ක් ඕනද, නාඩු කොච්චරක් ඕනද? වගා බිම් වලින් ගොවියෝ එකතු කර ගෙන ඒ අවශ්‍යය ප්‍රමාණය වගා කර ගන්න බලාපොරොත්තු වෙනවා.ඒ වෙනකල් මේ අඩුපාඩුව සිද්ධ වෙනවා. කීරි සම්බා වෙළඳපොලේ අඩුවක් තියෙනවා පේනවා .ඒ වගා කරපු එකේ අඩුවක් වෙන්න ඇති, කීරී සම්බා මිළ දරා ගන්න බැරි ප්‍රමාණයකට ඉහළ ගියොත් රජය විසින් අපි ඒක වෙළඳපොළට සැපයීම සඳහා වෙච්ච තීරණයක් ගන්නවා. ඊට එහා මේකට වෙන විසඳුමක් නෑ.
වන සත්ව සමීක්ෂණයක් අපි සිදු කළා, මිනිස්සු නම් සංගණනයක්, එකිනෙකා ගණන් කරනවා, අපිට හරියටම ජනගහණය හරිම ලකුණින් එනවා, නමුත් සතුන් එහෙම ගණන් කරන්න බෑ, සත්ව සංගණනයක් නෙමෙයි ඒ නිසා සත්ව සමීක්ෂණයක්, එතනදී රටේ මොන මොන සතුන්, මොන මොන ප්‍රමාණයන්ගෙන්ද ඉන්නේ , මොන ප්‍රදේශවලද ඉන්නේ කියලා යම් සමීක්ෂණයක් යම් අදහසක් ගත්තේ.ඒ අදහස ඇතිව තමයි ඉස්සරහට ගත යුතු පියවර, ක්‍රියාමාර්ගයන්, අධ්‍යනයන්, අවධානයන් මොන පැත්තටද යොමු කරන්න ඕන කියලා තීරණය වෙන්නේ.ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යංශයට සම්බන්ධ මේ සම්බන්ධයෙන් විශේෂඥතාවක් තියෙන කණ්ඩායම් හා ආයතන එකතු වෙලා මේ සමීක්ෂණය සැලසුම් කළේ. ඔවුන් තමා මේ යාන්ත්‍රණය දියත් කළේ, ඒ දත්ත ඔවුන් වෙත ලැබී තියෙනවා, ඒ දත්ත ඔවුන් අධ්‍යනය කරලා තියෙනවා, ඒ අධ්‍යනයන් මත ඔවුන් යම් යම් නිගමනයන්ට ඇවිත් තියෙනවා. ඔවුන් දැන් අපිට යෝජනා කරන්න නියමිතයි ඊළඟ ක්‍රියාමාර්ග මොනවාද කියලා.
ඒ වගේම වන අලි ප්‍රශ්නය ගත්තාම වන අලි ගම්වදිනවා ඔවුන්ට අවශ්‍යය ආහාර, ඔවුන්ට අවශ්‍යය පරිසරය වනාන්තර තුළ නෑ, ඒ නිසා පරිසර අමාත්‍යංශය විදිහට, රජය විදිහට වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා මේ වනාන්තර සුපෝෂණය කිරීම, විශේෂයෙන්ම වන අලින්ට අවශ්‍යය ආහාර, ජලය පහසුකම්, ඔවුන්ගේ පරිසරයන් තුළ ඇති කිරීම සඳහා වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා.ඒ තුළින් තමයි මේ වන අලි තර්ජනයට දීර්ඝ කාලීන විසඳුමක් වෙයි.ඊට අමතරව වන අලි ගම්වදින ස්ථාන වල මුරකුටි ඉදි කරලා තියෙනවා, සමහර තැන් වල වනජීවී නිළධාරීන් යොදවලා තියෙනවා.සමහර තැන් වල සිවිල් ආරක්ෂක නිළධාරීන් යොදවලා තියෙනවා.සමහර තැන් වල ගොවිසංවිධාන එකාබද්ධ වෙලා වන අලි ගම්වදින එක නවත්වන්න පියවර අරගෙන තියෙනවා.මේ වගේ විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.මේකට ස්ථිර එක විසඳුමක් නෑ, කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් මාලාවක් තමයි තියෙන්නේ.
වැව් වල රක්ෂිත මායිම් සලකුණු කිරීම ක්ලීන් ශ්‍රි ලංකා ලේකම් කාර්යාලයේ වැඩසටහනක් ලෙස තමයි අපි ආරම්භ කළේ, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය වාරීමාර්ග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ජා කරලා හඳුනාගත්තා ප්‍රධාන ජලාශ 48 ක් ඒ ප්‍රධාන ජලාශ 48 න් 23 ක රක්ෂිත සීමා ලකුණු කරන එක මේ අවුරුද්දේ කරනවා.එහි බොහෝ ඒවා දැන් අපි ආරම්භ කරලා තියෙනවා.ඊට අමතරව මේ රක්ෂිත සීමා මායිම් කරන එක සම්බන්ධයෙන් ඇති වෙච්ච සමාජ කථා බහ නිසාම, බොහෝ ගම්මාන වල වැව් වල පවා රක්ෂිත සීමා ලකුණු කරන එක සම්බන්ධයෙන් මැනුම් නියෝග ලබා ගෙන තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරු විසින්, ඒ නිසා මේ ක්‍රියාදාමය අපි හිතුවාටත් වැඩිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.හිටපු ආණ්ඩුකාරතුමා ස්වෙච්ඡාවෙන් ඇවිත් ගේ අයින් කර ගත්ත එක හොඳයි.අපි කියන්නේ රක්ෂිත වල අනවසර, රක්ෂිත වලට නොගැලපෙන ඉදි කිරීම් කරලා තියෙනවා නම් ඒවා ඉවත් කිරීම තමන් ස්වෙච්ඡාවෙන් ඉවත් කර ගන්නවා නම් ඒක හොඳ ප්‍රවණතාවයක්, අපි බලාපොරොත්තු වෙනවා මේ රක්ෂිත සීමා ලකුණු කරලා ඒවායේ පදිංචි වෙලා තියෙන ඒවා සහ ඒ සියලු දේ සම්බන්ධයෙන් හොඳ සමීක්ෂණයක් කරලා රක්ෂිත සීමා කොහොමද තවදුරටත් ආරක්ෂා කර ගන්නේ කියන එක පිළිබඳව ක්‍රියාමාර්ග වලට යන්න" යැයි පැවසීය.
මෙම අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරු ජේ.ඒ.ඒ ප්‍රසන්න ඇතුළු නිළධාරීන් හා ප්‍රදේශවාසීහු පිරිසක් සහභාගී වූහ.
-වාර්තාව සහ සේයාරූ
---------------------------
by (2025-10-05 20:44:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි