~

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් සංසරණය වන පුවත බොරුවක්..! -පොලීසිය කියයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි -අධිකරණ ඇමැති

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.09, ප.ව‍.11.00) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත් එය පසුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න  විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බව සඳහන් සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සඳහන් කරන්නේ, ඊයේ (08) පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ‍ප්‍රකාශ නොකළ බවත්ය.

ඒ් අනුව සංසරණය වන ඉහත ප්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවත් රවි සෙනවිරත්න මහතා අවධාරණය කර සිටියි.

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ඒ මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි -අධිකරණ ඇමැති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර  පැවසීය.

ඒවා විමර්ශනවල කොටසක් බැවින්, මෙම තොරතුරු හෙළිදරව් කිරීමට පාර්ලිමේන්තුව පවා නියෝග නොකළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවට අද(09) සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහමොළකරු රජය හෙළිකළ යුතු බව පැවසූ සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වක්‍ර ආකාරයෙන් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අයට එසේ කිරීමට ඉඩනොදිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

---------------------------
by     (2025-10-09 22:58:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links