~

මාලිමා ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය කරයි..! එක කැබිනට් ඇමැතිවරයෙක් හලා වෙන අලුත් කෙනෙක් කැබිනට්ටුවට..! කම්කරු ඇමැතිධූරය හිස්..! අලුත් මන්ත්‍රීලා 5 කට නියෝජ්‍ය ඇමැතිධූර..!

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.10, ප.ව‍.11.00) 2026 අයවැයට සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්හ.

එහිදී කැබිනට් ඇමැතිධූරයක් වන කම්කරු ඇමැතිධූරයේ කටයුතු කළ ආචාර්ය අනිල් ජයන්ත ඉන් ඉවත් කර මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යධූරයක් දී ඇති නමුත් කම්කරු අමාත්‍යධූරයට අයෙක් පත් කර නැති වීම සැලකිය යුතු ය. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන්නේ ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වන මහින්ද ජයසිංහ ය. 

අද සිදුකරන ලද සංශෝධන අනුව, 
* බිමල් නිරෝෂන් රත්නායක  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙසද, (බිමල්ට තිබූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලකට පවරා ඔහුට තිබූ නාගරික සංවර්ධන කොටස බිමල්ට පවරා තිබේ)  
* අනුර කරුණාතිලක වරාය සහ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා ලෙසද, (අනුර කරුණාතිලක සිටියේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති ලෙසය) 
* වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්හ. (වෛද්‍ය සුසිල් රණසිහ සිටියේ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ය. ඔහු නව කැබිනට් ඇමැතිවරයෙක් ලෙස පත් කර ඇත)

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස, 
* ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, (අනිල් ජයන්ත සිටියේ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ය. ඔහුගේ කම්කරු කැබිනට් ඇමැතිධූරය ඉවත් වී ඇති නමුත් ඒ කම්කරු අමාත්‍යධූරයට කෙනෙක් පත්කර නැත.)
* ටී.බී. සරත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, (ටී. බී. සරත් සිටියේ නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ය)
* එම්.එම්. මොහොමඩ් මුනීර් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, ( මුනීර් සිටියේ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය)
* එරංග ගුණසේකර නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, ( එරංග ගුණසේකර සිටියේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය)
* වෛද්‍ය මුදිත හංසක විජයමුණි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, ( වෛද්‍ය හංසල විජයමුනි සිටියේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය) 
* අරවින්ද සෙනරත් විතාරණ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, ( අරවින්ද සෙනරත් සිටියේ හම්බන්තොට මන්ත්‍රීවරයෙකු ලෙස පමණි) 
* එච්.එම්. දිනිදු සමන් කුමාර තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, (දිනිදු සමන්කුමාර සිටියේ බදුල්ල මන්ත්‍රීවරයෙකු ලෙසය) 
* යූ.ඩී. නිශාන්ත ජයවීර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, (නිශාන්ත ජයවීර සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසය) 
* ආචාර්ය නීතිඥ කෞෂල්‍යා ආරියරත්න ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසද, (කෞෂල්‍යා ආරියරත්න ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ය)
* එම්.අයි.එම්. අර්කම් බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද (අර්කම් සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසය) දිවුරුම් දුන්හ.

---------------------------
by     (2025-10-10 20:54:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links