~

ඇස් ගෙඩි දෙකට හෙණ ගහල ද කුහකයිනේ ? අනුරගේ වසරක පාලනය: මම දකින ශේෂ පත්‍රය..!!

-මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ලියයි -හිටපු මහාචාර්ය දර්ශන දොපාර්තමේන්තුව - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.15, පෙ.ව‍.6.00) පසුගිය පරිපාලනය විසින් එකඟ වූ අය කරන ලද කුලී ආදායම් බද්ද මෙම වසරේ අනුගමනය නොකිරීමට ද රජය තීරණය කළේය. ඕනෑම ආදායම් අලාභයක් සඳහා වන්දි ගෙවීම සඳහා, ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්ද හඳුන්වාදීම, සේවා අපනයනය සඳහා ආයතනික ආදායම් බද්ද පැනවීම සහ සිගරට්/මත්පැන් සහ ක්‍රීඩා සඳහා ආයතනික බද්ද වැඩි කිරීම ඇතුළු පියවර රජය දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. Bottom of Form

නිදහසින් පසු ශ්‍රී ලාංකික දේශපාලනයේ ප්‍රධාන ප්‍රවාහීය ප්‍රභූ ද්වීපාක්ෂික රාෂ්ට්‍ර පාලනය 2024 සැප්තැම්බර් 21 අවසන් වුයේ ශ්‍රී ලාංකිකයින් 68 ලක්ෂයකගේ කැමැත්තෙන් අනුරාධපුරයේ තඹුත්තේගම ග්‍රාමයේ නිර්ධන පාංතික ඒ නිසාම නිර්ප්‍රභූ 'ගමේ එකෙක්' පුරා වසර 5කට ශ්‍රී ලාංකික සමාජවාදී ජනරජයේ පාලකයා ලෙස පත්කිරීමෙනි. ඔහු නියෝජනය කළේ පැරණි වාමාංශික ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණ වූ අතර ඔහු ජනාධිපතිවරණයට තරඟකළේ පසුව එකතු වූ ජාතික ජන බලවේගය නැමැති මධ්‍යම පාංතික සංවිධානයක ද සහායෙනි. ඊට පසු 2024 වසරේම නොවැම්බර් 11 පැවැත්වූ මැතිවරණයෙන් තනි පක්ෂයක් ලැබූ විශිෂ්ටතම ජය ලාංකීය දේශපාලනයේ ඉතිහාසයට එක්කරමින් ආසන 159 ක් ලබාගනිමින් අනුර තමාගේ ජනපති ජය බව්තීෂ්ම කරගනු ලැබීය. 

වෙනත් බොහෝ කරුණුද ඇතිමුත් අනුරගේ මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුන් වුයේ 

1. ඔහුගේ චතුර කතිකත්වය 2. අවංකකම 3. පෞද්ගලිකව හෝ දේශපාලනිකව 'ශෝභනය' හඹාගිය චරිතයක් නොවීම 4. ඔහුගේ වසර 40 ක දේශපාලනය නොකැළැල්වීම 5. ජ.වි.පෙ සහ ජා.ජ.බලවේග සගයින්ගෙන් උපරිම සහායක් ලැබීම ආදිය වුවද මේ සියල්ලටමත් වඩා අනුරගේ ජයග්‍රහණයට හේතුවූයේ 
(අ) පසුගිය වසර 15 තුළ එනම් 2010 සිට රට යන අත පිළිබඳව ජනතාව තුළ දෛනිකව වර්ධනය වූ අප්‍රසාදයයි. කෝපය සහ දෘඪ විවේචනයි. අල්ලස්, කොමිස්, පගා ගැනීම් සහ ඉල්ලීම් ( නිමල් සිරිපාල) ඉහවහා යාම, යහපාලන සමයේ බැංකු බිඳීම්, මෛත්‍රීපාල ගත් මෝඩ අදේශපාලනික තීරණ (උදා- මහින්දව අගමැති කිරීම) සහ අදක්ෂ ගෝඨාභයගේ තකතීරු නිගමන, රනිල්ගේ 'ටෙම්පරි' ජනාධිපතිසමයේ ඔහුගේ ඒකාධිපති හැසිරීම (උදා-මැතිවරණ හැකිලීම, හදිසි නීතිය යෙදවීම, අරගලයට පහරදීම) පොඩි එකාගේ සිට ඉහළම ජනාධිපති දක්වා රජයට සම්බන්ධ හැම එකෙක්ම කෝටි ප්‍රකෝටි ගණනින් මුල්‍යා වංචා කිරීම, රාජ්‍ය මුදල් අවභාවිත කිරීම, අධිකරණයේ ගරුත්වය කෙළෙසීම (උදා ශිරාණි අගවිනිසුරුවරිය පහකිරීම) හොරකමට ම පෙළගැසීම නිසා රටේ සුන්දරත්වය නොසලකා හැරීම, බැලූ බැලූ පැත්තෙන් රජයේ ආයතන, බස් නැවතුම් පොළවල්, දුම්රිය ස්ථාන, පොලිස් ස්ථාන සියල්ල අපවිත්‍රව තිබීම, තාජුඩීන්, ලසන්ත, පාස්කු මිනිස් ඝාතන නඩු, එක්නැළිගොඩ, ලලිත් කූගන් අතුරුදහන්වීම් නඩු වසර ගණනින් අවසානයකින් තොරව දිරාපත්වීම යනාදී කරුණු නිසා පැවති රජයන් කෙරෙහි මහාපරිමාණ වශයෙන් කළකිරී සිටීම- රටේ මෙම අනීතික තත්වය රාජපක්ෂ හා රනිල්-මෛත්‍රී රෙජිමයන් විසින් ආර්ථීක අතින් රට බංකොළොත්කිරීම නිසාවෙන් රට ආගාධයටම තල්ලු කළෝය. 

'සත්තකින්ම ඔව්'

අනුර ප්‍රමුඛ මාළිමාව මේ සියල්ල දුටහ. මේ සියල්ල වෙනස්කළ යුතු බවට දැඩි තීරණයක් ගැනිණ. ජනතාව ද තිරසාර ලෙස එළඹ සිටියේ එම තීරණයෙහි ම ය. සියලු අංශයකින්ම අරාජකත්වයට ඇද වැටී තිබූ රට නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය නිල් පිටපත සකස් කොට එය තම ප්‍රතිපත්ති ප්‍රකාශයනයට ඇතුල් කළහ. එය 'පොහොසත් රටක්, ලස්සණ ජීවිතයක්' යන ආකර්ෂනීය තේමා පාඨයකින් හැඩකොට ජනතාව ඉදිරියේ තබන ලදී. එහි අඩංගු සියලු පොරොන්දු වසර 5 කින් නිම කිරීම සඳහා ජනතාව අනුරට පරමාධිපත්‍ය බලය පවරන ලදී. 

පසුගිය සැප්තැම්බර 21 ට ගෙවී ගියේ අනුර ප්‍රමුඛ මාළිමා පාලනයේ පළමු වසරයි. රට පොහොසත් කිරීමට සහ ජනතාවට ලස්සණ ජීවිතයක් ලබාදීමට අනුර කටයුතු කළාද? අනුරගේ වසරක ශේෂ පත්‍රය පිළිබඳව මගේ පිළිතුර 'සත්තකින්ම ඔව්' යන්නයි- පහත දක්වා ඇත්තේ මගේ නිගමනයට හේතු පාදක වූ තර්කය සහ එය බලගැන්වු සිද්ධිවාචක කරුණු සමුදාය යි.

අවස්ථාවාදී දේශපාලනඥයින්ගේ ප්‍රකාශ කිහිපයක්..

මෙය දිගහැරීමට පෙර අවස්ථාවාදී දේශපාලනඥයින්ගේ ප්‍රකාශ කිහිපයක් පාඨක ඔබගේ අවධානය පිණිස උද්ධෘත කරනුයේ දේශපාලනඥයින්ට මෙච්චර කුහක විය හැකිද යන ප්‍රශ්නය මතුකරමිනි. කුහකත්වයට අමතරව මොවුන් තම ප්‍රකාශවලින් පෙන්වනුයේ ඔවුන්ගේ ද්වේශයයි. රටට ජාතියට ඇති ව්‍යාජ ආදරයයි. ඔවුන් කරපින්නාගෙන ඇති අවස්ථාවාදී 'මොන්ටිසෝරි' දේශපාලනයයි.  අනුරගේ වසරක දේශපාලනයේ ඔවුන්ගේ තීන්දු දෙස බලමු.

"පොහොසත් රටක් ලස්සණ ජීවිතයක් දෙනවා කියලා ජනතාවට බොරු පොරොන්දු දීලා බලය ගත්තා. මොනවද කළේ? මොකවත් නැහැ". (සජිත්ගේ සතිපතා මන්තරේ)

"පොරොන්දු කප්පරක් දුන්නා. මෙනවද කළේ.? මිනිස්සුන්ව රැවැට්ටුවා විතරයි. හොරු අල්ලනවා කිව්වා. කෝ ඇල්ලුවා?. (නාමල් පෙබරවාරි-2024)  

"කිසිම වැඩක් කෙරිලා නැහැ. කෙරෙන්නෙත් නැහැ. කෙරෙන්නෙ පළි ගැනීම විතරයි". -(මහින්ද. සැප්-2025)

"අනුර සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියා තිබු කිසිවක් කළේ නැහැ" (මද්දුමබණ්ඩාර. තිස්ස අත්තනායක. මුජිබුර් රහමන්)

"දේශපාලන පළිගැනිම් මිස මේ දක්වා රටට කළ යහපතක් නැහැ. අපිව දඩයම් කරන්න ඉස්සෙල්ලා එකතුවෙලා මේ රජය පන්නමු." (දයාසිරි)    

"මේ රජය මොනවද කරන්නෙ? බරපතළ ප්‍රශ්නයක් තියෙනවා" (නලින් බණ්ඩාර)

"ඔබලාගේ අමාත්‍යංශවලින් මේ දක්වා පෙන්වූ ප්‍රගතිය කුමක්ද? (නාමල්. මේ මස පළමු සතියේ පාර්ලිමේන්තුවේ දී)  

දෑස් අන්ධවූ කුහකයින්ට පෙනුම ලබාදීම වෙනුවෙන් අක්ෂි සායනය (1) 

මෙම සායනය අන්ධයින් නොදුටු එහෙත් 2025 මංගල අයවැයෙන් අනුර ප්‍රමුඛ මාළිමා රජය දුන් සහන සහ රටේ ආර්ථීක සංවර්ධනයට යෝජිත සේවා ව්‍යාපෘති කිහිපයක් කෙටියෙන් දක්වමින් සායනය පටන් ගනිමු. (ආර්ථීක ආගාධයේ  පතුළටම එරී සිටි තත්වය තුළ වුවද ජනතාවට දුන් මේ ධනාත්මක සාධනයන්ගෙන් එකක් පිළිබඳව හෝ හොඳක් නොදැකීමට තරම් මොවුන්ගේ දෑස් කුහකකමින් සහ බල කාමයෙන් අන්ධ වී තිබිණ. කුරිරු වී තිබිණ. අදද එසේමය.)

1. අවම මාසික මූලික වැටුප රු.24,250 සිට රු.40,000 දක්වා රු.15,750 කින් වැඩි කිරීම.
2. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප 2025 අප්‍රේල් මාසයේ පටන් රු. 21,000 දක්වා සහ රු. 27,000 දක්වා වැඩි කිරීම.
3. වතු අංශයේ කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,700 දක්වා වැඩි කරන බවට සපථ කිරීම.
4. සියලුම පුරවැසියන්ට ඩිජිටල් ජාතික හැඳුනුම් පත්‍රයක් නිකුත් කිරීමට පියවර යෙදීම සහ ඉදිරි වසර 5 තුළ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථීකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවන මට්ටමකට හෙවත් ජාතික ආර්ථීකයෙන් සියයට 12 ක වර්ධනයක් අපේක්ෂාවෙන් ඩිජිටල් ආර්ථීකයක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය මූලික පොදු යටිතල පහසුකම් සඳහා පදනම දැමීම.
5. සමාජ ආරක්ෂණ වැඩසටහනේ ශුද්ධ වියදම රුපියල් බිලියන 232.5 දක්වා වැඩි කිරීම.
6. ශ්‍රී ලංකාව අපිරිසිදු රටක් හෙයින් පරිසරය සහ රාජ්‍ය ආයතන ක්‍රමවත්ව පිළිවෙලකට සහ පිරිසිදුව තබාගනිමින් ජනතාවට ලස්සණ ජිවිතයක් පිරිනැමිම සඳහා රුපියල් මිලියන 5,000 ක් 'පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන' සඳහා වෙන් කිරීම.
7. විශ්‍රාමිකයින්ගේ දීමනාව වැඩිකිරීම.
8. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලී අනුපාතයට 3% ක් එකතුකිරීම. 
9. ජනාධිපති තමන්ගේ සැප සම්පත් කප්පාදුකොට එම මුදල් රටේ සංවර්ධනයට යෙදීම.
10. ලංකාව පුරා තිඛෙන ජනාධිපති මන්දිර අහෝසිකොට ඒවා රාජ්‍ය ආයතන සහ ව්‍යාපෘති සඳහා පාචිච්චි කිරීමට කටයුතු කිරීම.
11. ඇමති මණ්ඩලය 25 කට පමණක් සීමාකිරීම. 
12. ඇමතිවරුන්ගේ වරප්‍රසාද නිල බංගලාවන් අනවශ්‍ය නඩත්තුවක් ලෙස සලකා එය අහෝසිකිරීම.
13. නීතිය කාටත් සමාන කිරීම සහ ඒ කරා ප්‍රබල උත්සාහයක් දැරීම. 
14. අස්වැසුම ලාභීන්ට දෙන සහනාධාර රු. 15000 සිට 17500 දක්වා වැඩිකිරීම
15. මහපොළ ශිෂ්‍යාධාර රු. 2500 කින් වැඩිකිරීම. 
16. පොහොර සහනාධාරය රු. 15 000 සිට 25000 දක්වා වැඩි කිරීම.
17. පසුගිය රජයන් විසින් තමන්ට අභිමත ලෙස සම්මත කරගෙන තිබූ ලක්ෂ 10ක මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය (මාළිමාවේ මන්ත්‍රීවරුන්ද ඇතුලුව) ලක්ෂ දෙක හමාරක සීමාවකට යටත්කොට රජයේ  වියදම් අඩුකිරීම.         
18. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා ඔවුන්ගෙන් මුදල් අයකරගැනීම.

දෑස් අන්ධ වු කුහකයින්ට පෙනුම ලබාදීම වෙනුවෙන් අක්ෂි සායනය (2)

ඉහත දැක්වුයේ අයවැයෙන් ජනතාවට පිරිනැමූ සහනයන්ය. පහත දක්වනුයේ අනුරගේ රජය වසරක්  නිමාවීමට තෙමසක් තිබියදී කළ කාර්යයන් ගෙන් කිහිපයකි.     

1. IMF සමග රාජ්‍යතන්ත්‍ර මට්ටමින් කටයුතු කිරීමට දැනුමක් පරිචයක් නැතිනිසා සියල්ල අවුල් කරගෙන රට මහත් අවුලකට පත් කරන බව විරුද්ධවාදීන් කීවද අනුර සහ මාළිමා රජය අති දක්ෂ ලෙස එයත් සමග ගනුදෙනුකරමින් රටේ ඩොලරයත් රුපියලත් සාපේක්ෂ වශයෙන් නිත්‍ය මට්ටමක තබාගැනීමට කටයුතු  කරගැනීම.

අපේ රටේ ආර්ථීක ඔස්තාර්ලාව පවා නිරුත්තර කළා සහ පුදුමයකට පත් කළා පමණක් නොව IMF වල පවා ප්‍රශංසාවට ලක්වෙමින් ආයාචනාවලින් තොරව රටේ ගරුත්වය ද තබාගනිමින් ණය වාරිකයන් කලට වේලාවට ලබාගැනීම. එසේම ආශ්චර්යය නම් IMF යෝජනාවක් අනුව යමින් රනිල් ගේ රජය විසින් වෙන්දේසියේ විකිණිමට සැළසුම් කරතිබු අපේ ලාභ ලබන ආයතන දෙකක් වූ 'ලංකා රක්ෂණ සංස්ථාව' සහ 'ටෙලිකොම් ආයතන' නොවිකුණා ඒ ආයතන දෙක තවදුරටත් අප සතුව තබාගන්නා ගමන් IMF සමග ද රාජ්‍යතාන්ත්‍රික ගණුදෙණු කරමින් රටේ ආර්ථීකය සාර්ථක ලෙස සමබර කරගැනීම. රුපියලේ සහ ඩොලරයේ අගය සාපේක්ෂක වශයෙන් නිත්‍ය කරගැනීම. මෙය අනුරගේ වසරේ කැපී පෙනෙන දක්ෂතාවයයි.

2. භාණ්ඩ අපනයනයෙන් ද පසුගිය වසර වලට වඩා කැපීපෙනෙන වර්ධනයක් 2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11.6 ක් වූ අතර එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 6.61% ක වාර්ෂික වර්ධනයක් නියෝජනය කරයි. 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පළමු ඇප වාරිකය ලබා දුන් IMF මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිතය 3.3% ක් සහ 2026 සඳහා 5.2% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ආර්ථීකය 4.9% කින් එනම් ඩොලර් මිලියන 1000 කින් වර්ධනය විය. (මෙම 'අමු සත්‍යය' ට කෙනෙකුට කෙසේනම් අන්ධ විය හැකිද?). 

3. විදේශීය ඍජු ආයෝජන (FDI) 2025 පළමු මාස 6 තුළ ඩොලර් මිලියන 507 කි. 2024 වසරට සංසන්දනාත්මකව බලන කල මෙය 101% ක ඩොලර් මිලියන 500 ක වර්ධනයකි.

4. මේ වසර තුල තිබූ ආයෝජන වෘපෘති 39 ක් වැඩිදියුණු කිරීමට සැළසුම් කර ඇති අතර නව ආයෝජන ව්‍යාපෘති  40 ක ට අත්සන් තැබීමට නිළ පිඹුරුපත් සකස්වෙමින් පවතී.

5. සංචාරක ක්ෂේත්‍රයේ ද පුදුම එළවන සුලු වර්ධනයක් පසුගිය මාස 8 තුල ලබා ගැනීම. 2025 ජනවාරි සිට ගතවූ මාස 7ට 7-8% ක එනම් ඩොලර් බිලියන 2-3 ක වර්ධනයක් ලබා ගැනීම. මෙය මෙසේ සිදුවුයේ පළමුවරට අනුරගේ පාලන සමය තුළය. මෙයට හේතූන් 3 ක් මම දකිමි.

(1) රට 2025 වසර තුළ ආර්ථීක වශයෙන් ස්ථාවර ප්‍රතිසාධනයකට පත්වීම (stable economc recovery) සහ එය විදේශිකයින් දැකීම.

(2) විදේශිකයින්ට කරන ලද කරුණාභරිත අවංක ආරාධනය.(මෙය පෙන්වනුයේ රජයේ උපායශීලීත්වයයි. කළමනාකරණ කුශලතාවයයි.) 

(3) නව දේශපාලන වෙනස හේතුවෙන් ස්ත්‍රී දූෂණ හෝ සොර හෝ ඝාතන බියකින් තොරව විදේශිකයින්ට ලංකාවට පැමිණ නැවත පණපිටින් අපහු යා හැකි බව මෙම රජය විසින් තහවුරු කරමින් සිටීම. (මතකනේ, විදේශික කාන්තාවන් සාමූහික දූෂණයට ලක්වූ සමය හා විදේශිකයින් ඝාතනය වූ කාලය. අපට අමතක නැත). Time Out සඟරාවට අනුව 2025 ඔක්තෝබර් මස සංචාරය සඳහා හොඳම රට ශ්‍රී ලංකාවය. හේතුව දැන් ගෝත්‍රික දේශපාලනික සාමූහික කාමාතුරයන්ගෙන් හා සල්ලාලයින්ගෙන් සංචාරක කේෂ්ත්‍රය 'ක්ලීන්' වී යමින් තිබීමයි.   

6. රාජපක්ෂලා විසින් 'නැත්තටම නැතිකළ' රනිල් විසින් 'ඈවර' කිරීමට තීන්දු කොට තිබූ 'ශ්‍රී ලංකන්' රාජ්‍ය ගුවන් සේවය අනුරගේ වසරක පාලන කාලය තුළ අන් සතු කිරීමෙන් ගළවා ගත්තා පමණක් නොව එය උට්ඨාණනය කළේ මෙම අගෝස්තු මාසය වනවිට ලාභය ද 10%  ක් වැඩි කරගනිමිනි.    

7. අපේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ ගණනින් විදේශ රැකියාවන් වල යෙදී සිටිති. මොවුන් තමන් ඉපැයු මුදල් එනම් විදේශ ප්‍රේෂණ පසුගිය වසර 10 පුරාම ලංකාවට නොඑව්වේ 10% (ටෙන් පසන්ට් ලා),  සුණාමි හොරු,  මිග් ජෙට් යානා මුදල්  මංකොල්ලකාරයෝ, හෙජිං තක්කඩි මේ රට පාලනය කළ බැවිනි. මේ ඇල් කැපෝන්ලා ගැන ඔවුන්ට තුට්ටුවක විශ්වාසයක් නොතිබීණ. නමුත් අනුර ගැන විශ්වාසයක් ගොඩනැගුනු නිසා ඔවුන් ප්‍රේෂණ එවීම ආරම්භ කළා.  පෙර වසරට සාපේක්ෂව මේ වසර තුළ විදේශ ප්‍රේෂණ 10.1% කින් එනම් ඩොලර් බිලියන 6.57 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2025 වසරේ මුල් මාස හය තුළ ද වසරින් වසර 18.9% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, මුළු ප්‍රේෂණ ඩොලර් බිලියන 3.7 ක් වූ අතර එය ස්ථාවර ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. (ජාති අන්ධ නොවූවත් කුහක කම නිසා අන්ධවූවන්ට මේ දත්ත කෙසේවත් නොපෙනේ. ' බලන් හැරපියා කඩ දෑසේ' -ටී.එම්.ජයරත්න)

8. අනුර පාලනය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට බදු අය කරගැනීමට ඉලක්ක දීමේ ප්‍රතිඵලයක් හැටියට පසුගිය වසරට වඩා සුරාබදු ආදායම ද 13.9% ක ප්‍රතිශතයකින් වැඩිකරගෙන මුලු ආදායම රු. බිලියන 120 ඉක්මවා ලබා ඇත. මෙම ආදායම ලැබුවේ බදු ගෙවීම් පැහැර හැර සැඟව සිටි අයට බදු ගෙවීමට බලකිරීමට මෙම රජය ගත් දැඩි තීරණය නිසාවෙනි.  

9. විරුද්ධ පාක්ෂිකයින් රජයට විරෝධතා දක්වමින් සහ බිය කරමින් රජය දුර්මුඛ කිරීමට උත්සාහ කළද ඒවා නොසලකමින් කිසිම බියකින් තොරව වාහන ආනයනයට ගත් ප්‍රගල්භ තීරණය (bold decision) නිසාවෙන් 2025 පළමු මාස 6 තුළ පමණක් රු.බිළියන 129 ක් බදු වශයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබී ඇත.(පාලනය බුද්ධිමත් වනවිට ප්‍රගල්භ තීරණයන් ඵලාත්මක වේ. ඒවා වෙස්වලාගත් ආශීර්වාදයන්ය)  

10. රේගු ආදායම ද 2024 වසරේ පළමු භාගයට වඩා (2024 වසරේ මිලියන 14691 කි) 2025 පළමු භාගය තුළ 66% ක නැගීමක් පෙන්වා ඇත. (2025 මිලියන 24418 කි. වෙනත් රජයන් කළාද? කොහේත් නැත).

11. ඛනිජ තෙල් සංස්ථාව ද සැලකිය යුතු පාඩු සහිත කාල පරිච්ඡේදයකින් පසු 2025 වසරේ පළමු භාගය සඳහා රුපියල් බිලියන 18 ක ලාභයක් වාර්තා කළ අතර එය 2024 ට සාපේක්ෂකව ධනාත්මක වර්ධනයකි.  

12. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී ම ශ්‍රී ලංකාවේ ටෙලිකොම් සමාගම සැලකිය යුතු ලාභ වර්ධනයක් පෙන්නුම් කළ අතර, 4-G ග්‍රාහක සංඛ්‍යාවේ වර්ධනය, ඉහළ දත්ත භාවිතය සහ වැඩිදියුණු කළ මෙහෙයුම් සහ කාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වර්ධනයන් සිදුවිණ. LT සමූහය සැලකිය යුතු ලාභ වර්ධනයක් වාර්තා කළ අතර, 2024 එම කාලපරිච්ඡේදයේ පාඩුවට සාපේක්ෂව 2025 පළමු භාගයේදී රුපියල් බිලියන 4.3 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් (PAT) අත්කර ගෙන ඇත. (කුහක අන්ධයින්ට නොපෙනුනාට ඇස් ඇත්තෝ මෙය දැක ඇත්තෝය) .

13. ආදායම් වියදම් පරතරය 33% කින් අඩුකිරීම. රාජ්‍ය වියදම දැනෙන ප්‍රමාණයකින් කප්පාදු කිරීම.               

14. වත්කම් බැරකම් ප්‍රකාශ නීතිය කාර්යක්ෂම කිරීම. ඊර්ෂ්‍යාවෙන් ද්වේශයෙන් සහ අදක්ෂ නිසාවෙන් ඉච්ඡාභංගත්වයට පත් දේශීය අන්ධයින්ට නොපෙනුනද විවෘත මනසකින් යුත් පුද්ගලයින් සහ සංවිධාන අනුරගේ වසරාවසාන මෙහෙයුම පිළිබඳව දරන අදහස් මෙසේය. අනුරගේ පාලන වසර ඉමහත් පැසැසුමට ලක්කොට ඇත.

15. ආයෝජන මන්ඩලය (BOI) ද සෑහීමකට පත්කිරීමට සමත්වීම 

16. මීට අමතරව ලිපිය දිග වැඩිවීම නිසා කෙටියෙන් :

අ.)  නීතියේ ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කිරීම
ආ.)  අධිකරණයේ ගරුත්වය රැකීම සහ දුශ්-විනිසුරුවන්ගේ වැඩ තහනම් කිරීම  
ඇ.)  දූෂිත පොලිසිය පිරිසිදු කරමින් එයට නැවත ගරුත්වය ලබාදීමට කටයුතු කිරීම  
ඈ.)  පාස්පෝර්ට්, රේගුව, ගුවන් සේවා, බන්ධනාගාරය වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන විනය ගත කිරීමට පදනම දැමීම. දූෂිත නිළධාරීන් බන්ධනාගාර ගත කිරීම.
ඉ.) දකුණේ පමණක් නොව උතුරේ ජනතාවගේ ආර්ථීක හා සමාජ තත්වය උසස් කිරීමට පිඹුරුපත් සකස් කිරීම. උතුරට 'පාස්පෝර්ට්' කාර්යාලයක්, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, ජාතිවාදීන් දවා ලූ යාපනයේ පුස්තකාලය වෙනුවට නවතම පුස්තකාලයක්, මේ සියල්ල ඉදිරි වර්ෂය තුළ නිම කරන බවට බවට අනුර ප්‍රතිඥා දීම. 
ඊ.) ඉතාමත් ක්‍රියාශීලී ඇමති බිමල් රත්නායක විසින් කළ කාර්යභාරය -කොටුව බස්නැවතුම් පොල, කොටුව සහ මරදාන සහ මහනුවර දුම්රිය පොළවල් නවීකරණය කිරීම. එය මේ වනවිටත් සිදුවී හමාරය. මොන තරම් ලස්සණද? මොන තරම් ආඩම්බරයක්ද? මේ ස්ථාන 4 ම 'ක්ලීන්' වුයේ අනුරගේ 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතියේ කොටසක් ලෙසය. (මෙහි රූප රාමු සෑම ටී.වී. චැනලයකම පෙන්නුව ද අපේ අන්ධ දේශපාලකයින් ඒවා නොදුටුවෝය. මොවුන්ගේ නේත්‍ර පටල කුහකත්වය විසින් වසා තිබීම ඊට හේතුවයි).

විදේශීය පැසැසුම්..

අ.) "ශ්‍රී ලංකාවේ නව නායකත්වය පොරොන්දු වී ඇති එක් ක්ෂේත්‍රයක් වන්නේ දූෂණයට එරෙහි සටනයි. මෙය පිළිගත හැකි වර්ධනයකි. දූෂණය ආර්ථීක වර්ධනයට වල කපයි, මහජන විශ්වාසය ඛාදනය කරයි, සහ ව්‍යාපාර සඳහා අසමාන ක්‍රීඩා පිටියක් නිර්මාණය කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ ඊළඟ පරම්පරාව සඳහා තීරණාත්මක මුලපිරීම් සඳහා අපගේ සම්පත් රැස් කළ යුතුය. මේ රජය යන  පිළිවෙල පැසැසිය යුතුයි" (තානාපති ජුලි චාං-ශ්‍රී ලංකාවේ 2025 වාර්ෂික මහා සභා රැස්වීමේදී)  

ආ.) IMF සමග අනුර වැඩ අවුල් කරගන්නා බවට අනාවැකි පළකල විරුද්ධවාදීන් ට පිට පිට අතුල් පහරවල් එල්ල කරමින් පසුගිය ජූලි මාසයේදී IMF සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරමින් පැවසුවේ, "ආර්ථීක වර්ධනය ශක්තිමත් කිරීම, අඩු උද්ධමනය, සංචිත ඉහළ යාම සහ මූල්‍ය ආදායම් වැඩිදියුණු කිරීම ඇතුළු ආර්ථීකයේ ප්‍රධාන කණු ශක්තිමත් කරගනිමින් මේ රජය යන ගමන ප්‍රශංසනීයය. අපි ඊළඟ වාරිකය පිරිනමන්නේ ඉතා කැමැත්තෙනි" (ජා.මුල්‍ය අරමුදල IMF). 5වෙනි සමාලා්චනය ද පසුගිය සතියේ ජයග්‍රාහී ලෙස නිමාවිය. එම ණය වාරිකයත් අවසන් වුයේ අනුරගේ රජයට ශුභ පතමිනි. (ඒ ගැන කුහකයින් නින්දේය. රනිල් එය කර ගත්තේනම් මේ කුහකයින් (වජිරලා දයාසිරි ලා) ඒ ගැන මාසයක් දොඩවනු ඇත. නමුත් මල් වෙනුවට මොවුන් අනුරට ගසනුයේ ගල්ය.)

ඇ.) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Rating ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම CCC + PLUS  ලෙස ඉහළ නංවාගෙන ඇති බව සඳහන් කළේ මේ නොබෝදා ය. එසේම මාස 48 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ සැලකිය යුතු ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අයවැය හිඟය මූල්‍යකරණයෙන් වැලකී සිටින අතර විනිමය අනුපාත නම්‍යශීලී භාවය පවත්වාගෙන යනු ලබන බවත් Fitch Rating ආයතනය වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

ඈ.) "ශ්‍රී ලංකාවේ ආර්ථීක ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රබල සලකුණු පෙන්නුම් කරයි. රටේ ආර්ථීක ගමන්මග ධනාත්මකයි." (ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිචෙල් -තේ අපනයනකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී)

ඉ.) බලගතු විදේශීය රටවල් අනුරව 'තුට්ටුවකට' ගණන් නොගන්නා නිසා අපට ප්‍රබල විදේශීය සබඳතා අහිමිවී අප හුදකලා වෙන බවක් බොහෝ අය කීවා පමණක් නොව එය පැතූහ. නමුත් මේ සියල්ල මුසාවන් කරමින් අනුර ලෝකයේ ප්‍රධානම බලවේග වන චීනය, ඉංදියාව, ජර්මනිය, ඇමෙරිකාව සහ ජපානය සමග ප්‍රබල සම්බන්ධකම් ස්ථාපිත කරගැනීමට සිය පළමු වසර තුල සමත්වීම අන්ධයින්ව තවත් අන්ද මන්ද කළෝය. පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ සමුලුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසියේ දී, රටවල් 43 ක් අනුරගේ පාලනය අගැයූහ. (කුහකයින් සඟවනුයේ මේ යථාර්ථයයි. විදේශිකයින්ගේ දෑස් වපර නැත. ඔවුන් අන්ධ ද නැත. ඔවුන්ගේ පපුව ද අපේ කුහකයින්ගේ තරම් කුණු වී නැත). 

අනුර වේදිකාවල සපථ කළ පරිදි  පසුගිය රජයන්හී මූල්‍ය වංචා කරනු ලැබූ, මිනිස් ඝාතන වලට සම්බන්ධ දේශපාලනඥයින් 25 ක් පමණ තරාතිරම නොබලා නීතියේ රැහැනට හසුකරගෙන ගෙන මේ වන විට නීරස කල්දේරම් බතින් පණ නළ රැකගනිමින් සිටිති. තවත් චෞරයින්, දූෂකයින් සහ මිනීමරුවන්  30 ක පමණ පිරිසක් නුදුරු අනාගතයේ දී ම වැලිකඩ හිරගෙදර පෝලිමට එකතුවීමට නියමිතය.   අනුරගේ වසරක පාලන කාලය තුළ නීතිය උට්ඨාණනය කිරීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම අරභයා කළ කාර්යය පමණක් ඔහුගේ වසර ඇගැයීමට ප්‍රමාණවත් යැයි හඟිමි.    

අවසාන වශයෙන්

හිතලු නොව ඉහත පෙළගැස්වූ 'සැබෑ කරුණු' (real facts) කියාපානුයේ අනුරගේ වසරක පාලනයේ ශේෂ පත්‍ර්‍රය හිතාගැනීමටවත් බැරි ආකාරයට සහ වේගයකින් රටටත් ජනතාවටත් ශුභදායක වීමෙන් ධනාත්මක වූ බවයි. නයින් මුගටින් පමණක් නොව වෙනත් නා නා මාදිලියේ සතුන්- අපෘෂ්ටවංශිකයින්, උරගුන්, පක්ෂීන්, ක්ෂීරපායීන්- එක කොටයකට ගොඩව නන් දෙඩවූව ද, භෞතික විද්‍යා උපාධිධරයෙක් සහ වසර 35 ක දේශපාලන කුණාටු  සහ චණ්ඩ මාරුතවලට මුහුණ දී ලබාගත් පන්නරයකින් සන්නද්ධ යාත්‍රික (navigator) අනුර, මාළිමා යන්ත්‍රයේ දිශා මග පෙන්වීම යටතේ 'ශ්‍රී ලංකා මාතාව' නැමැති නෞකාව ඉතාමත් ආරක්ෂිතව ඔහු පොරොන්දු වූත්, අප සිහින මැවූත් කේෂේම භුමිය කරා මෙහෙයවීමට අවශ්‍ය පදනම මේ වසර තුළ සිය දේශපාලන සගයින් සමග දැමූ බව සංයුක්ත සත්‍යයකි.z 'අමු ඇත්තකි'. (stark truth). අනුරගේ පළමු රාජ්‍ය වසරේ අවසානය ඉහත පරිදි නම් ඉතිරි වසර 4 අවසානයේ ඔබත් මමත් අපේ රටත් කොතැනක සිටීවි ද? අප සිටිනුයේ පොහොසත් රටකය. ලස්සන ජීවිතයක ය. සදාචාර දේශපාලන සංස්කෘතියකය. නීතියට ගරු කරන රාජ්‍යයකය. භෞතික වශයෙන්ද ලස්සන රටකය. මේ පිළිබඳව මේ ලිපිය සපයන මා තුල අල්ප මාත්‍රයක හෝ  සැකයක් නැත. ආර්ථීකය ද නොවැටී රැකගනිමින් දේශපාලනය ද සදාචාර කරගැනීමට වෑයම් කරමින් අනුර සිය පළමු වසරේම ශක්තිමත් අත්තිවාරමක් දැමීය. එසේ කළේ ඉතිරි වසර 4 රේ කාර්යය පහසු කරගැනීම සඳහා ය. බලකාමයෙන් අන්ධ වූ කුහකයින්ට මේ සිදුවන දේශපාලන-ආර්ථික පරිවර්තනය නොපෙනේ. සමහරවිට පෙනුන ද කුහකවීම ඊට වඩා ඵලදායි යැයි ඔවුන් සිතනවා විය හැකිය.

ඉහත දැක්වුයේ එක වසරක ප්‍රතිලාභයි. අනුරට සහ මාළිමා රජයට තව වසර 4ක් ඇත. තව අයවැය 4 ක් ඉදිරිපත් කිරීමට ඇත. එය පළමුුවැන්නට වඩා ජනහිතකාමිී බව අනුර ඉඟි කොට ඇත්තේ 'අය සහ වැය පරතරය' සැළකිය යුතු ලෙස අඩුවෙන බවක් පවසමිනි. නාස්තිකාර වියදම් අඩුකළ විට - හිටපු ජනාධිපතිවරු 6ක් මහජන මුදලින් නඩත්තු කිරීම නැවැත් වූ විට - බදු හරියට දශමයට නියම වෙලාවට අයකර ගත් විට - අය-වැය පරතරය අඩුකළ හැකිවීම මැජික් එකක් නොව රාජ්‍ය කලමණාකරනයේ නිපුණත්වයකි. අනුරගේ වසරක පාලනයේ ශේෂ පත්‍රයේ ආශ්චර්යය එයයි.   

ඇස් ගෙඩි දෙකට හෙණ වැදී අන්ධ වූ අපේ කුහක දේශපාලනඥයින්ට ඔවුන්ගේ දෘශ්‍ය ආබාධ සුව වී නිරෝගී පෙනුමක් ලබාගැනීමට ඉහත පැවැත්වූ සායන දෙක හේතු වාසනා වේවා යැයි පතමින් නවතිමි. 

(ටී.එස්.මහින්ද හිමියන් විසින් ලියු පැදියක ජනප්‍රිය වු එක් පෙලක් වූ "ඇස් ගෙඩි දෙකට හෙණ ගහල ද සිහලුන්නේ?" යන්නින් උත්තේජනය ලැබ අද දේශපාලනයට ගැලපෙන ලෙසට මෙම ලිපියේ ශීර්ෂය සකස් කළ බව සළකන්න.)

-මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

(හිටපු මහාචාර්ය දර්ශන දොපාර්තමේන්තුව - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/105

---------------------------
by     (2025-10-15 00:42:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links