~

ආණ්ඩුවේ මැරයෝ මොණරාගල කළඹයි - ජවිපෙ, එජාප අපේක්ෂකයින්ට සහ නිවාස වලට ප්‍රහාර

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.22, ප.ව.4.0) ඡන්ද ප්‍රතිඑල නිකුත් කිරීමෙන් පසුව මොණරාගල දිස්ත්‍රික්කයේ එජාප සහ ජවිපෙ අපේක්ෂකයින්ට හා ඔවුන්ගේ නිවාස/කාර්යාලය ගණනාවකට ඊයේ (21) රාත්‍රි සහ අද අලුයම පහරදී ඇත.

මොණරාගල දිස්ත්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ 6 වන ස්ථානයට පැමිණි  රෝයි කාලිංග මහතා ට අද අලුයම 1.00 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ඔහු මේ වන විට මොණරාගල රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔහුගේ තත්වය බරපතල  වේ. රෝයි කාලිංග ට පහරදීමට කණ්ඩායමක් පැමිණෙන බව සැලවීමත් සමග ඔහු නිවසින් පිටවී ඇති අතර මැරයින් ඔහු සැගවී සිටි ස්ථානයට පැමිණ පොල්ලකින් හිසට පහරදී ඇත. සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රහාරකයින් පැමිණ ඇත.  ඔහු දිස්ත්‍රික්කයේ එජාපය වෙනුවෙන් වඩාත් බලපෑම්කාරී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළ තරුණ අපේක්ෂකයෙකි. 

මොණරාගල ජවිපෙ අපේක්ෂක අනුර කුමාර වික්‍රමසිංහ ගේ ඔබ්බේගොඩ පිහිටි නිවසට සැප්. 22  අලුයම 1 – 1.30 අතර දී ප්‍රහාරයක් එල්ල වී ඇත.  ප්‍රහාරයෙන් නිවසට අලාභ සිදුවී ඇත.

මොණරාගල මදුරුකැටිය  ජවිපෙ අපේක්ෂක පල්ලියගුරුගේ විජේසිරි ගේ නිවසට සැප්. 22 මධ්‍යම රාත්‍රි 12.15 ට පමණ   ප්‍රහාරයක් එල්ල වී ඇත.  ප්‍රහාරයෙන් නිවසට දැඩි අලාභ සිදුව තිබේ.  මැතිවරණ සමයේ දී මෙම නිවසට අවස්ථා 4 ක දී ප්‍රහාර එල්ල විය.  සරසවි සිසුන් සිව් දෙනෙකුට ප්‍රහාර එල්ලකොට එක් අයෙකු පැහැර ගැනීමට ලක්වූවේ ද මෙම නිවසේ සිටිය දීය.  මෙම ප්‍රහාරයට පැමිණි ඇත්තේ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථවලිනි.

ජවිපෙ දඹගල්ල කාර්යාලයට ද අද අලුයම පහර දී ඇති අතර එහි හානිය පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත.

බදුල්ල හපුතලේ මැතිවරණ බල ප්‍රදේශයෙන් වැඩිම බලපෑමක් සිදු වූ පශ්චාත් මැතිවරණ සිදුවීම් වාර්තා විය.  කදුරුගමුව ඡන්ද මධ්යපස්ථානයේ ජවිපෙ ඡන්දපොළ නියෝජිත සුනිල් ශාන්ත ට එජනිස යේ කණ්ඩායමක් විසින් පහරදී ඇත.  ඔහු දියතලාවරෝහලේ ප්‍රතිකාර ලබයි.

හල්දුමුල්ල එජනිසයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි නිමල් කරුණාරත්න ට පිහියකින් ඇණ තුවාල සිදු කොට ඇත.  හල්දුමුල්ල රෝහලේ තුවාල ලැබූ එජාප අපේක්ෂකයා ප්‍රතිකාර ලබයි.  මැතිවරණ දිනයේ ද හල්දුමුල්ල ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම්.ධනරත්න විසින් ස්ථාන කිහිපයකම ප්‍රචණ්ඩක්රිවයා/තර්ජන කිරීම් මේ ප්‍රදේශයෙන් වාර්තා විය.  හාල්අටුතැන්නේ දී ජවිපෙ ආධාරකරුවන් පිරිසකට ද මෙම කණ්ඩායම ඊයේ රාත්‍රි ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

ජවිපෙ බදුල්ල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල සහ ඔහුගේ නිවසේ සාමාජිකයින් මේ වන විට නිවසින් බැහැරව සිටී.  ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුඵ දේශපාලනඥයින් බලගල්ල ගේ නිවසට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත් මේ දක්වා එම ආරක්ෂාව ලබා දී නොමැත.  මහියංගන ප්‍රදේශයේ ජවිපෙ ආධාරකරුවන් කිහිපදෙනෙකුගේම නිවෙස්වලට ඊයේ රාත්‍රී රතිඤ්ඤා දල්වා විසිකර ඇත.

(සේයාරූ වල දැක්වෙන්නේ මදුරකැටියේ ජවිපෙ නිවසකට එල්ල වූ ප්‍රහාරයයි)

---------------------------
by     (2014-09-22 10:56:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links