~

මංගල උසාවියේ

<span neue,helvetica,arial,sans-serif;="" font-size:14px"="">

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.22, ප.ව.4.30) එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කරන ලෙස බල කරමින් ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගණරත්න විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් 05 වැනිදා දෙවුන්දරින් ආරම්භ කළ ‘ඉවසුවා ඇති’ පා ගමනේදී ඇති වූ ගැටුම සම්බන්ධ නඩුව ලබන මාර්තු 23 වැනිදා දක්වා කල් තැබීමට මාතර මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක් අයෙකු අත්අඩංගුවට ගත යුතු බව දන්වමින් අද පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු පිරිසකට චෝදනා එල්ලවී තිබේ.

අදාල පාගමනට පහර දුන් බවට 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරද ගත කර තිබුණ අතර, එහිදී සිදුවූ වෙඩි තැබීමතක් සම්බන්ධයෙන් තවත් 61 දෙනෙකුට චෝදනා එල්ලවී ඇත.

සමරවීර මහතා ඇතුලු 8 දෙනෙකුට චෝදනා එල්ලවී ඇත්තේ අදාල පාගමන කඩාකප්පල් කරමින් ලවුඩ්ස්පීකරයක් උදුරා ගැනීම සම්බන්ධයෙනි.

එදා මහපාරේ වෙඩි තැබූ මෛත්‍රීගේ පියා හර්මන් තවමත් නිදැල්ලේ ය. මෙහි ඇති සේයාරූ වල එදා සිදුවීම දක්වා ඇත

මේ නඩුවට මංගල සමරවීර ඇතුළු පිරිස වෙනුවෙන් නීතීඥ රුවන් කොග්ගලහේවගේ මහතාගේ උපදෙස් පරිදි නීතීඥ උපුල් දේශප්‍රිය පෙනී සිටියේය

---------------------------
by     (2014-09-22 12:11:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Who initiate all of these........they are the culprits.....not herman
-- by Siripala on 2014-09-23

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links