~

සජිත්ට හෙට නියෝජ්‍ය නායකකම දී නැති අර්බුද හදා නොගනු: මෙය කිසිවෙකුට තනතුරු දෙන වෙලාවක් නොවේ - මහා සංඝයා රනිල්ට කරුට දෙසා වදාරති

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.22, ප.ව.6.30) ජාතික භික්ෂු පෙරමුණේ නායකයන් වන රාමඤ්ඤ නිකායේ අනු නාහිමි ගිරාඹේ ආනන්ද හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ඊයේ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය හමුවී හෙට සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයට පත් කිරීම වහාම අත් හිටුවන්නැයි දැඩි ලෙස අනුශාසනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ ජයග්‍රහණයක් ලැබී ඇති අවස්ථාවක විපාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව වන්නේ විපක්ෂයේ සමගියක් මිස එක් එක් මාධ්‍ය මුදලාලිගේ බලපෑම් වලට යටත්ව සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා කිරීම නොවන බව උන් වහන්සේලා අනුශාසනා කර තිබේ. සජිත්ට නියෝජ්‍ය නායකකම මේ අවස්ථාවේදී දුන්නොත් එය අර්බුද වැඩි කරන්නක් වන බවත් මෙය කිසිවෙකුට තනතුරු පුදන වෙලාවක් නොවන බවත් භික්ෂූන් වහන්සේලා අවධාරණය කර ඇත.

භික්ෂූන් වහන්සේලාගේ මග පෙන්වීමෙන් පත් කළ නායකත්ව මණ්ඩලය දියකර හැරීමෙන් වළකින ලෙස වදාරා ඇති උන් වහන්සේලා සජිත් ප්‍රේමදාසට එකී නායකත්ව මණ්ඩලයට එන්නැයි තමන් වහන්සේලා තෙවරක්ම ඉල්ලා සිටියද ඔහු එය ශත පහකට මායිම් නොකළ බවද මතක් කර දී ඇත.

ආණ්ඩුවේ ඉත්තන් වන මාධ්‍ය මුදලාලිලා තමන් වහන්සේලාට පවා පහර ගසමින් එක්සත් ජාතික පක්ෂය යටත් කර ගැනීමට හදන මේ කුමන්ත්‍රණයට හසු නොවන්නැයි උන් වහන්සේලා එජාප නායකයාටත් නායකත්ව මණ්ඩල සභාපතිවරයාටත් දැඩි ලෙස අවවාද කර තිබේ.

එක්තරා එජාප නායකයෙක් (නම සඳහන් කරමින්) මාධ්‍ය මුදලාලිලාගේ මුදලට යටව ඇතැයිද උන් වහන්සේලා චෝදනා කෙළේය. 

මේ හමුව පැවැත්වුනේ ඊයේ දිනයේ දී ය.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක අද උදෑසන රනිල් වික්‍රමසිංහ හමුවී තමන් නායකත්ව මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවත් මහලේකම් ධූරයේ දිගටම කටයුතු කරන බවටත් ලිපියක් බාර දුන් නමුත් රනිල් වික්‍රමසිංහ එය පිලිගෙන තිබුනේ නැත. එම ලිපිය පිලිනොගත්තද පෙර කී රාජපක්ෂවාදී කුමන්ත්‍රණය මෙහෙයවන මාධ්‍ය ආයතන එම ලිපිය පිලිගත් බව ප්‍රචාරය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පහර දීම ආරම්භ කර තිබිණ.

රාජපක්ෂවාදී මාධ්‍ය ආයතන හරහා තමන්ගේම නායකයන්ව පතුරු ගසමින් තනතුරු ඉල්ලා එජාපය තුල අර්බුදයක් ඇතිකළ සජිත් ප්‍රේමදාසට බිය වී නියෝජ්‍ය නායක කම දෙනවාද නැතිද යන්න තීරණය කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙටට යෙදී තිබේ.

---------------------------
by     (2014-09-22 13:45:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Hon. Mr. Ranil Wickremasinghe please ask this monk what he did when Rajapakse organized night races in Kandy near Dalada Maligawa. If he is a true patriot he should have questioned the President. Rajapakse Government do not like a unity taking place in the United National Party. It is for this reason they are using these monks as cats paw. Do not hang on to these dead rope. Please do what is necessary to the party.
-- by Wije desilva on 2014-09-22

it is an unfortunate situation. MaRa will be the happiest guy.Sajith can lead to UNP destruction.
-- by suri on 2014-09-23

sajith doesn't deserve deputy leadership. he is the one who arranged to attack unp headquarters 'sirikotha' .It is a shame if such a man is made the deputy leader.
-- by suri on 2014-09-23

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links