~

ගෝඨාගේ නාවික හමුදා සුදුවෑන් මිනීමරුවන් වෙනුවෙන් නීතිපති පෙනී නොසිටීමට තීරණය කරයි

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.23, ප.ව.5.00) ගෝඨා සහ නාවික හමුදාපතිවරයා ගේ අනුදැනුම ඇතිව නාවික හමුදාවේ සුදු වෑන් මිනීමරුවන් පිරිසක් විසින් කොළඹ දෙහිවලදී දමිළ සිසුවන් පස් දෙනෙකු 2008 වසරේදී පැහැර ගෙන කප්පම් ඉල්ලා කප්පම් ලැබුණු පසුවද සිසුන් පස් දෙනා ඝාතනය කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධ නඩුවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මින් ඉදිරියට පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

පසුගිය වසර කිහිපය තුළ වගඋත්තරකාර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිවරයා ය.

එහෙත් අදාළ පැහැර ගැනීම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබ ඇති බව සාක්කිවලින් සනාථ වී ඇති නිසා ඔවුන් වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටීම යුක්ති සහගත නොවන බව අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී කේ.වී. තවරාසා විරෝධතාවක් මතු කර තිබේ.

එම විරෝධතාවය අනුව නීතිපතිවරයා නාවික හමුදාව වෙනුවෙන් පෙනී නොසිටිනබව දැනුම් දී ඇත.

මෙම නඩුව මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ අප්‍රසිද්ධියේ විභාග කෙරුණ අතර එය විවෘත අධිකරණයේ විභාගයට ගැනීමට ද තීරණය කර තිබේ. ඒ අනුව නඩු විභාගය ජුනි මස 03 වනදා සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත අධිකරණයේ විභාගයට ගැනෙනු ඇත.

සේයාරුවේ දැක්වෙන්නේ ගෝඨා සහ නාවික හමුදාපති කරන්නාගොඩ දැනුවත්ව රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනයට යොදවන ලද නාවික හමුදාවේ මිනීමරු කණ්ඩායමක පිරිසකි. ඊයේ පැවැති එම නඩුව අවසානයේ නේවි සම්පත් නමැති මිනීමරුවා සහ පිරිස අධිකරණයෙන් ගෙන ගිය ආකාරය මෙහි දැක්වේ. සිසුන් පැහැරගෙන කප්පම් රැගෙන ඝාතනය කිරීමට ද නේවි සම්පත් සම්බන්ධය. 

---------------------------
by     (2015-04-23 11:54:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Rana Ballo!!!!! Api thama udde kore kiyala hondata Ships walata wela wambatu moju, papadam kaka hitapu ekala,muunge asawata kakul keeyak battanta gihin thiyanawada danne ne? Ara Army eke kakul athapaya nathi koragena udde karapu weerayan hinda munuth ranaviru lebal gahagena korala thiyana weda thama me.munta niyama udde koranda nan Army ekata bedenda thibba. habai mun inne hariyata Army ekatath udde mun igennuwa wage thama. mun ekka udde gena katha korama kiyanne api thama siyalla kore kiyala. oya korala thiyana hariya thama. soliyage unath jevithe jeevithemai.oya ships wala A/C walata wela Barcadi gaha gaha udde hinda lakunu da gaththa euntai mun set ekatai prasiddiye ake purinnan koranda one.
-- by Mervin Silva on 2015-04-25

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links