~

‘මෛත්‍රී - රනිල් ව්‍යවස්ථා යුද්ධය දින්නේ රුසියානු පැරණි යුද තියරියකින්‘ - දේශපාලන විචාරකයෝ කියති

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.29, ප.ව.11.45)  ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අතිශය තීරණාත්මක 19 වන ව්‍යවස්ථා සංශෝධනය විශිෂ්ඨ ආකාරයට තුනෙන් දෙකකටත් වඩා අති බහුතරයකින් සම්මත කර ගැනීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අනුගමනය කළේ වරක් රුසියාව යුද්ධයේදී සතුරු හමුදා පරාජයට පත් කිරීමට අනුගමනය කළ ආකාරයේ උපක්‍රමයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

වරක් රුසියාව සතුව යුද ගුවන් යානා 40 ක් පමණක් තිබූ එක් අවස්ථාවකදී එම සංඛ්‍යාව 100 ක් වශයෙන් නිරූපිත ඩමි ගුවන් යානාවලට පහරදීමට සතුරාට ඉඩ සලස්වා තම සැබෑ ගුවන් යානා ආරක්ෂා කර ගනිමින් එවා භාවිතා කරමින් සතුරු යානා  විනාශ කර සතුරා පරාජයට පත් කළ ආකාරයෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී ද රාජපක්ෂ වහලුන් පරාජයට පත් කළ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

රාජපක්ෂගේ වහලුන් ලෙස ක්‍රියා කළ බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, ජී ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝත්‍රවාදීන්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ රාජපක්ෂගේ වෘෂභවාදී වහලුන්   වූ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි කුමන්ත්‍රණකරුවන්ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට උපක්‍රමශීලිව අන්තර්ගත කර තිබූ ඩමි යෝජනා පසුපස අධි වේගයෙන් හඹා යෑමට ඉඩ සලස්වා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය අපේක්ෂා කළ වැදගත්ම යෝජනා කිසිදු බාධාවකින් තොරව සම්මත කර ගැනීමට හැකි වී ඇතැයි එම විචාරකයෝ පවසති.

හොඳම උදාහරණයක් මෙසේය. පළමු කෙටුම්පතේ ජනාධිපතිවරයා නොමැති විට වැඩ බැලීමට සඳහන් කර තිබුනේ කතානායකවරයා ය. රාජපක්ෂගේ වහලුන් මුල සිටම මේ සංශෝධනය දෙස බලන්නේ පුද්ගල කේන්ද්‍රීයවය. ඔවුන්ට ව්‍යවස්ථාවේ අගමැති කී විට පේන්නේ රනිල් ය. කතානායක කී විට පේන්නේ චමල්ය. ඉන් එහා කිසිවක් නොපෙනේ.  එබැවින් ඔවුන් දුටුවේ “අප්පට සිරි මෛත්‍රී නැතිවූ විට වැඩ බලන්නේ මහින්ද සමග දැන් නැති ලොකු අයියා චමල්, ඒකට ඉඩ දෙන්න බෑ. අපි ඊළඟ මැතිවරණයෙන් මහින්ද ලොක්කා අගමැති කරවලා මෛත්‍රීට වැඩේ දීලා මහින්ද ලොක්කාව ආයිත් ජනාධිපති කරවන්න පුළුවන් ආකාරයට සංශෝධනයක් ගේමු“ යැයි කල්පනා කර ජනාධිපතිවරයා නොමැති විට වැඩ බැලීමට කතානායක නොව අගමැතිවරයා විය යුතු යැයි සංශෝධනයක් ගෙන ආවේය. වහලුන් සිතුවේ ආණ්ඩුව මෙයට අකමැති වනු ඇති බව නමුත් ආණ්ඩුව ඊට කැමැති විය. වහලුන්ට වැඩේ තේරුම් ගියේ පසුදාය. ඉන්පසු පසුදා යලිත් ‘‘නෑ නෑ ජනාධිපති නොමැති විට වැඩ බැලීමට කතානායක වරයාම හොඳයි‘‘ යනුවෙන් යලිත් සංශෝධනයක් ගෙනාවේය. නමුත් ඒ වන විට ආණ්ඩුවට හේතු තිබූ බැවින් “ඊයේ එකක් කියා අද එකක් කියන්න බෑ. ඊයේ ඔබලා කියූ එකට අපි එකඟ වුනා. දැන් ආයිත් වෙනස් කරන්න බෑ“ යි කී විට මේ මෝඩ නාටකය රඟ පෑ ජීඑල්ට දෙමුඛ පියාගන්නට සිදුවිය. 

මෙවැනි උදාහරණ බොහෝ ය.  19 වන ව්‍යවස්ථා සංශෝධනයට රජයෙන් ඉදිරිපත් කර ඩමි යෝජනා රැසක මෙලෙස විපක්ෂයේ වහල් බලවේග එල්ලීගෙන ඊට තදින්ම පහරදීම නිසා රජය අපේක්ෂා කළ විධායක ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමේ අරමුණ සියයට අසූවක්ම පාහේ සාක්ෂාත් කර ගැනීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් බව දේශපාලන විචාරකයෝ හඳුන්වති.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයෙකුට දෙවරකට වඩා වැඩි අවස්ථාවක් ධුර දැරීමට පැවරී තිබූ අසීමිත අවස්ථා අහෝසිකර, ජනාධිපතිවරයාට තිබූ මුක්තිය ඉවත් කර, ජනාධිපතිට හිතුමතයේ ඇමැති වරුන් පත්කිරීම අත්හිටුවා, ස්වාධීන කොමිෂන් සභා තිබුනාටත් වැඩියෙන් ස්ථාපිත කරගැනීමට රජයට පහසුවෙන් හැකිවීම නිසා ප්‍රතිගාමී විපක්ෂ බලවේග නොදැන ගොස් ඇත්තේ අතරමග බව විචාරකයෝ පවසති.

තවද විචාරකයින් පෙන්වා දෙන්නේ විපක්ෂයේ ප්‍රතිගාමී කුමන්ත්‍රණකරුවන් පවා ‘නාන්න අකමැති බල්ලා දම්වැලකින් ගැට ගසා ඇදගෙන ගොස් නෑව්වා‘ වැනි ආකාරය හෝ භාවිතා කර ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වඩාත් පහසු වූයේ මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය රාජීව විජේසිංහ වැනි ව්‍යවස්ථා නීතිය නොදන්නා සේම ජනතා හද ගැස්ම ද නොදන්නා පිරිසක් විපක්ෂයේ න්‍යායාචාරියන් ලෙස කටයුතු කළ නිසා බවයි.

-ටී. ජයකුමාර් විසිනි-

---------------------------
by     (2015-04-29 21:00:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links