~

ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදාව නේපාල මෙහෙයුමෙන් නම ශුද්ධ කර ගත් හැටි (සේයාරූ)

(ලංකා ඊ නිව්ස් -2015.මැයි.04, ප.ව.3.40)  ජාත්‍යන්තරයෙන් යුද අපරාධ එල්ල වූ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ නම යලි ප්‍රතිනිර්මාණය කර ගැනීමේ මහඟු අවස්ථාව පාවිච්චි කරමින් දුර දක්නා නුවණින් යුතු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නේපාල ව්‍යසනය සිදුවනවාත් සමගම ඔවුනට උදව් කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවන් නේපාලයට පිටත් කර හැරියහ. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට ගොඩ බට පළමු විදේශ හමුදාව ශ්‍රී ලංකා හමුදාවය.  නේපාලයේ සහන සේවා කාර්යයන්හි නියුතු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම මේ වන විට රෝගීන් 1500 කට අධික ප්‍රමාණයකට වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය පහසුකම් සලසා ඇත.

කත්මණ්ඩු නගරයට කිලෝමීටර 60 ක් පමණ දුරින් පිහිටි ධොලල්ගාට් ප්‍රදේශය ආශ්‍රිත සහන සේවා කටයුතු ශ්‍රී ලංකාව වෙත පැවරී ඇති අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉතා ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුව මේ කාර්යයන්හි  නිරත වන බව හමුදා කණ්ඩායම භාරව සිටින මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසයි.

ගොඩනැගිලි සහ කඳු කඩා වැටී අවහිර වී තිබූ මාර්ග ගණනාවක් ද ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සාමාජිකයන් විසින් යළි යථා තත්වයට පත් කර තිබේ. මේ නිසා ධොලල්ගාට් අවට ග්‍රාමීය ප්‍රදේශයන්හි වෙසෙන ලක්‍ෂයක පමණ ජනතාවකට සහන සේවා සැපයීමේ ඉඩ හසර විවෘත වී ඇත.

සිපගාට් පළාතේ එල්ලෙන පාලමක් කඩා වැටීම නිසා ගම්මාන කිහිපයක් දින 5 ක් තිස්සේ හුදෙකලාවී තිබුණු අතර, ශ්‍රී ලංකා හමුදාවෝ පසුගිය 30 වන දා ඒ පාලම යළි පිළිසකර කිරීමට සමත් වූහ. මේ නිසා ඒ ගම්මාන වෙත ආහාර සහ වෛද්‍යාධාර යැවීමට හැකියාව දැන් ලැබී තිබේ.

නේපාලයේ වෙසක් උත්සවය සැමරීම අද (මැයි 04) දිනට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවන් විශේෂ වැඩසටහන් කීපයක් ද දියත් කිරීමට නියමිත ය.

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්න මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලය වෙතින් සහන සේවා සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ. 

මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව එකී උදාර කාර්යයේ නිරතව සිටින අන්දමයි.

---------------------------
by     (2015-05-04 10:23:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ශ්‍රිලාන්කේය අනන්ය තාවය යුද්දයනම් යුද්දය ...සාමයනම් සාමය....සහජීවනයනම් සහජීවනය ....අඩම්බරයි....
-- by Pradeep on 2015-05-04

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links