(ලංකා ඊ නිව්ස් -2015.මැයි.18, ප.ව.11.00) යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකිරීමේදී උතුරේ අනුස්මරණයන් එල්ටීටීඊ අනුස්මරණයන් යැයි ජාතික හෙළ උරුමය ඇතුලු ජාතිවාදී උන්මත්තකයන් ගසන ලද අවලාද වලට නිසි පිළිතුරු දෙමින් යුද්දයෙන් මිය ගිය දෙමළ සිවිල් වැසියන්ද සිංහල සිවිල් වැසියන්ද එකට අණුස්මරණය කරමින් උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිස දකුණේ ජාතිවාදීන්ට කණ කිස් කන පිළිතුරක් ප්‍රායෝගිකව ලබා දුන්හ.
අද 18 දහවල් මුලතිවු මුල්ලිවයිකාල් පළාතේදී පැවති යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ උත්සවයකට සහභාගි වූ මහ ඇමැතිවරයා ඇතුළු දේශපාලන නායකයෝ පහන් දල්වා මිය ගිය සියළු අයගේ ආත්මයන්ට සමාදානය සැනසීම ප්‍රාර්ථනා කළහ. ඔවුන්ගේ ජීවිත නොව ආත්මයන්ට සැනසීම ප්‍රාර්ථනා කරන බව මහ ඇමැතිවරයා විශේෂයෙන් පැවසීය.
යුද්ධයේදී මියගිය පිරිස අනුස්මරණය පිණිස තබා තිබූ ඡායාරූප අතර කැබිතිගොල්ලෑව ප්‍රහාරයේදී සහ මහකෝන්ගස්කඩ ප්‍රහාරයේදී මියගිය සිංහල වැසියන්ගේ ඡායාරූප පෙලක්ද ඇතුලත්කොට තිබීම විශේෂ සිද්ධියක් වූ අතර එය දකුණේ ජාතිවාදීන්ගේ ඇස් ඇරවීමක් විය යුතුය.
අනාගතයේදී හෝ දකුණේ යුද සැමරුම් වලදී යුද්දය නිසා උතුරේ මිය ගිය දෙමළ සිවිල් වැසියන් අනුස්මරණය කිරීමට ශිෂ්ඨ සම්පන්න විය යුතු බව විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපයෙන් ලෝකයාට පෙන්වා දුන්නේය.
යුද්ධයේදී දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් මියගියත් තවමත් දෙමළ වැසියන්ගේ ප්‍රශ්ණ විසඳී නොමැති නමුත් වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට දෙමළ ජනාතවද සහාය දී තිබෙන බැවින් දෙමළ ජනතාව, රජය සහ ජාත්‍යන්තරය සමග එකතුවී දැන් හෝ දෙමළ වැසියන්ගේ ප්‍රශ්ණයට ස්ථිර දේශපාලන විසදුමක් සෙවිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මෙහිදී සිංහලෙන් පැවසීය. (සිංහල හඬ පටයට පහතින් සවන් දිය හැකිය.)
දෙමළ ජාතික සන්ධානය ඇතුලුව තවත් දේශපාලන පක්ෂ කීපයක් සහ සංවිධාන කීපයක් මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී මෙම උළෙල පවත්වන ලද්දේ මුලතිවු අධිකරණය මගින් ලබාදෙන ලද අධිකරණ නියෝගයට බාධාවක් නොවන පරිද්දෙනි.
මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම රජයේ වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී ශිවකලා මහේස්වරන්ද සහභාගි වී සිටීම විශේෂ සිද්ධියක් විණි. ඔවුන් සියලුම දෙනා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පහන් දල්වමින් ආගමික වතාවත් වල නියැලෙමින් යුද්ධයේදී මියගිය පිරිසට පින් අනුමෝදන් කළහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ දෙමළ ජනතාව සමග මේ රජය විශ්වාසයකින් කටයුතු කරණ බවට තිබූ විශ්වාසය මත දෙමළ ජනතාව ඡන්දය දී රජය බලයට පත් කළ බවයි. තවදුරටත් මේ ප්‍රශ්න ඉදිරියටත් පවත්වාගෙන යාම තුළින් ශ්‍රී ලංකාවේ වැසියන්ට නරක නාමයක් උදාවන බවද ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේය.
මේ අතර යුද්ධයේදී මියගිය පිරිස සැමරීමට වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේද උළෙලක් පැවැත්විණි. දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් සමග උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ද සහභාගි වී සිටියහ.
අමාත්‍යවරයා කියා සිටියේ මෙම අනුස්මරණ පින්කමේදී මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පමණක් නොව යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ පිරිස්ද, සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන්ද සිහිපත් කරණ බවයි.
යුද්ධයේදී දෙමවුපියන්,දරුවන් ඇතුලු ඥාතීන් මියගිය විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
විග්නේෂ්වරන් මහතාගේ සහ සත්‍යලිංගම් මහතාගේ කතාවන්ට සවන් දෙන්න (සිංහල)
සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ වවුනියාවේ සිට
---------------------------
by (2015-05-18 19:25:49)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි