(ලංකා ඊ නිව්ස් -2015.මැයි.22, පෙ.ව.8.40) ලෝකයේ කිසියම් හෝ රටක සුපර් සොනික් කෆීර් ප්‍රහාරක යානා දෙකක් ප්‍රහාරයකට සම්බන්ධ නොවී සන්දර්ශන පවත්වන්නට යද්දී ගුවනේදී එකට එක ගැටී යානා දෙකම විනාශ වූවා නම් එ් ලංකාවේ ගුවන් හමුදාව සතු කෆීර් යානා දෙකකි. එම දුර්ලභ අනතුර සිදුවූයේ 2011 මාර්තු 01 වෙනිදා ය.
එවන් බරපතල ඝනයේ ගුවන් අනතුරකට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා එ් අවස්ථාවේදීම රැකියාවෙන් අස් නොකර යම් දිනක ඔහුව එම ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති කරන්නට යනවා නම් එවන් දුර්ලභ සිදුවීමක් සිදුවන්න යන්නේද ශ්‍රී ලංකාවේ ය.
එකී ගුවන් අනතුරට වගකිව යුතු එකළ ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා වූයේ එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල ය. රාජපක්ෂ රෙජීමය සාමාන්‍යයෙන් පවත්වාගෙන ගිය ප්‍රතිපත්තිය වූයේ වැරදි කරුවන්ට දඬුවම් දීම නොව වැරදි කරුවන් දඬුවමෙන් ගලවාගෙන ඔවුන්ව තමන්ගේ අන්තේවාසිකයන් කර ගැනීමයි. ඒ අනුව ගගන් බුලත්සිංහල දඬුවම් නොලබා රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹියෙකු බවට පත් විය.
ඉන්පසුව ඔහු කෙළේ රාජකාරිය නොව රාජපක්ෂ කාරිය යි. එහි අපූරුම සිද්ධිය නම් රාජපක්ෂවරුන්ගේ අග්‍රගන්‍ය පුරෝහිතයා වූ සජින් වාස් ගුණවර්ධන සතු පුද්ගලික හෙලිකොප්ටර සම්පූර්ණයෙන්ම නඩත්තු කිරීම ගුවන් හමුදාව විසින් රහසේ බාර ගැනීමයි. ඒවාට ඉන්ධන සැපයුවේ ගුවන් හමුදාවෙනි. ඒවාට හෙලිකොප්ටර් නියමුවන් සැපයුවේ ගුවන් හමුදාවෙනි. ඒ සියල්ල සිදුකෙළේ ගගන් බුලත්සිංහලගේ අධීක්ෂණය යටතේ ය. මේ දූෂනය ගැන අද තව දක්වා කිසිවෙක් සොයා බලා ද නැත.
මෙවන් රාජපක්ෂවාදී සට්ටැඹියෙක් හෙට දවසේ ගුවන් හමුදාපති ලෙස පත්කරන්නැයි ඉල්ලා ආරක්ෂක ලේකම් වරයා විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියට යොමු කර තිබේ. ගගන් බුලත්සිංහලගේම ජ්‍යෙෂ්ඨත්වයට සමාන වූ අංක එකේ දක්ෂයෙක් වූ එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පතී නමැති නිලධාරියා සිටියද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන පරිදිම දක්ෂයා වෙනුවට සට්ටැඹියා ඉහලට ඒම අනුව මෙම පත්කිරීම සිදුකරන්නට යන බව වාර්තා වී ඇත. කපිල ජයම්පතී යනු යුද්දය කාලයේ තම හෙලිකොප්ටරය එළවද්දී සතුරු ප්‍රහාරයකින් හිසට උන්ඩයක් වැදුනද හෙලිකොප්ටරයත් සගයනුත් බේරා ගනිමින් නියමිත ස්ථානයට ගොඩ බැස්සවූ දක්ෂ හෙලිකොප්ටර් නියමුවෙකි. හිසට උණ්ඩයක් වැදුනද ආරක්ෂිත හිස්වැස්ම නිසා දිවි බේරා ගැනීමට හැකිවිය.
දක්ෂතාවය, අවංකව රාජකාරි කිරීම, අපක්ෂපාතීත්වය ආදී කිසිවක් ලංකාවේ හමුදාපතිවරයෙක් වීමට අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ රටේ ප්‍රධානීන් හසුරුවන ව්‍යාපාරිකයෙකුගේ දරුවෙකු සමග හමුදා ලොක්කාගේ දරුවෙක් විවාහ වෙන්නට සූදානම් වීමයි. එසේ නම් ව්‍යාපාරික මස්සිනාට හමුදා මස්සිනා හමුදාපතිවරයෙක් ලෙස වුව පත් කිරීමට හැකියාව තිබේ. ඔහු වාර්තා තබමින් අනතුරු සිදුකළ අයෙක් හෝ වාර්තා තබමින් දූෂනයේ යෙදුනු අයෙක් හෝ වාර්තා තබමින් සතුරාට සට්ටැඹි කම් කළ අයෙක් හෝ වූවාට කම් නැත.
නමුත් මෙහි නියමාකාර අනතුර එය නොවේ. දැනටමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපාලනවාදියාට බලය හැරදා යෑමට සිදුවූ රාජපක්ෂවාදී ෆැසිස්ට්වාදීන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. අඟුනකොල පැලැස්සේදී පිස්තෝල වතුර බෝතල් වූයේ එනිසාය. ගුවනේදී කෆීර් දෙකක් හැප්පූ රාජපක්ෂ සට්ටැඹියෙකු ගුවන් හමුදාපති වූ පසු යහපාලන ජනාධිපතිවරයා යන හෙලිකොප්ටරයක් ගුවනේ සිට බිම ඇද දැමීම එතරම් කජ්ජක් නොවීම මෙහි ඇති සැබෑ අනතුරයි.
එය කල්තියා සටහන් කර තැබීම සැබෑ ජනමාධ්‍යයක් ලෙස අපගේ වගකීමයි.
---------------------------
by (2015-05-22 08:54:34)
Leave a Reply
This is bullshit. Writer did not know any information but wrote this with angry attitude. Let the seniority work. I know both of them as one was my batch mate and the other one was one batch junior. Both are good persons and both hails from the same School. Kapila is a very good and solid person and is Gagan. On seniority Gagan is senior at school as well as in Air force. So the writer has no correct information.
-- by realbuddhist on 2015-05-22
it is obvious what the sinister motive behind this article is and who has initiated it. Someone who can’t achieve his goal in with proper seniority and competency is trying to undercut and sling mud at the most suitable officer in SLAF for the next top post.
How can the Director Operations be responsible for an accident which occurred at the air display in 2011, as he was not among the pilots who actively participated in the display? It is obvious from the baseless accusations mentioned, that the conspirator is trying in vain to market himself as the most suitable for the post. The present government should think about these type of cowards are still suitable to remain in servers of SLAF.
Does the writer of the above article know that Gagan has brought back his helicopter to the base after hit by a RPG?
-- by srilankan on 2015-05-24
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි