(ලංකා ඊ නිව්ස් - 2015.ජුනි.03, ප.ව. 11.45) මහින්ද රාජපක්ෂ පරාජිත ජනාධිපතිවරයා සමග එක්ව සිදුකර ඇති කෝටි 65 කට අධික මහා පරිමාණ මහජන මුදල් වංචාවක ප්‍රධාන චුදිතයා වී සිටින ටිරාන් අලස් මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වාලන වාරණ නියෝගයක් ලබාදීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වැළැකී සිටියහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට එරෙහිව මහා පරිමාණ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ‘ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවයට‘ වාර්තා වී තිබේ.
රහසිගත සාකච්ඡාවේ තොරතුරු ලංකා ඊ නිව්ස් වෙතින් අද උදෑසන හෙලිදරව් කිරීමත් සමග විනිසුරුවරුන් දෙදෙනා පිට පොට ගසාවි යැයි ටිරාන් අලස් සහ කුමන්ත්‍රණ කරුවන් බිය වී මෙම තීන්දුවට පැමිණ ඇත.
මෙම මාධ්‍ය මෙහෙයුම ටිරාන් අලස්ට අයත් පත්තර කඩමාළු දෙක සහ කිලී මහරාජා හෙවත් ආර්. රාජා මහේන්ද්‍රන්ට අයත් ජඩමාධ්‍ය ජාලය යොදා සිදුකිරීමට සියලු සැලසුම් ලහි ලහියේ සම්පාදනය වෙමින් පවතින බවද වාර්තා වේ.
ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවය අද උදෑසන වගකීමකින් යුතුව අනාවරණය කළ ආකාරයට ටිරාන් අලස්ගේ පෙත්සම විභාග කරන විනිසුරු මඬුල්ලේ විනි- සොරුන් වන ශාන්ති ඊවා වනසුන්දර සහ රෝහිණි පෙරේරා මාරසිංහ දෙදෙනා සම්බෝධි විහාරයේදී ඉකුත් පොසොන් පොහෝ දින හමුවී කළ රහසිගත සාකච්ඡාවේදී අධිකරණය පාර්ශ්වයෙන් එකී විනිසුරුවරියන් දෙදෙනා කරන ලද ඉල්ලීම් රහසිගත ආකාරයෙන් ටිරාන් අලස් විසින් පටිගත කර ඇති අතර ඒවා යොදාගෙන විනිසුරුවරියන් දෙදෙනා පිට පොට ගැසුවහොත් ඔවුන් බ්ලැක්මේල් කිරීමට සැලසුම් කර තිබේ.
ඊවා වනසුන්දර මීට පෙර ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම් විභාගයට අදාළව ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ස්ථානයකදී කරන ලද සියලු කතාද මේ ආකාරයටම පටිගත කරගෙන ඇති අතර ඒවා කිළි මහරාජාගේ රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශනය කිරීමටද අවශ්‍ය පිටපත් රචනය කර අවසන් බවත් හෙළි වෙයි.
ටිරාන් අලස් මේ දිනවල ප්‍රසිද්ධියේම සිය සමීපතමයින්ට ප්‍රකාශ කර ඇත්තේ තම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන විනිසුරු මඩුල්ලේ විනි- සොරුන් වන ඊවා වනසුන්දර සහ රෝහිණි මාරසිංහ යන දෙදෙනා තමන්ට එරෙහිව නඩු තීන්දුවක් නොදෙන බව ස්ථිර බවයි.
ඔවුන් දෙදෙනා දැනටමත් තමාගේ ගොඩට දාගෙන ඇති බවත්, රෝහිණි මාරසිංහ විනිසුරුවරිය දැනට විවාහ වී සිටින මහාචාර්ය ලක්ෂ්මන් මාරසිංහ ඒ සඳහා සියලු පහසුකම් සලස්වා දුන් බවත්, ඇයගේ දැන් විවාහයට පෙර සියලූ අතීත තොරතුරු හා ඊට අදාළ ඡායාරූප තමා සන්තකයේ ඇති බවත් ටිරාන් අලස් සිය සමීපතමයින් සමග ප්‍රකාශ කර තිබේ.
මෙම විනිසුරුවරියන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට පළ වී ඇති මාධ්‍ය වාර්තා පදනම් කරගෙන සහ ලැබී ඇති වෙනත් තොරතුරු මත ඔවුන් දෙදෙනා ගැන විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ඇති නෛතික ඉඩකඩ පිළිබඳව ආරක්ෂක බුද්ධි තොරතුරු අංශ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකිරීමට නියමිත ය.
ඊවා වනසුන්දර ගෝඨාභයගේ නඩුවේදී ගෝඨාභයට පක්ෂපාතීව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු දිනෙක නොදුන් ආකාරයේ තීන්දුවක් දුන් අතර ජනමතය ඊට එරෙහිව නැගී ඒමත් සමග බැසිල් රාජපක්ෂගේ මූලික පෙත්සම් නඩුව ඇසීමෙන් පුද්ගලික කාරණා මත කියා ඉවත් වූවාය.
ඊවා වනසුන්දර යනු විනිසුරු වෘත්තියට තබා සැබෑ විනිසුරුවරයෙකුගේ නිවසක මෙහෙකාරකමකටවත් නුසුදුසු කෙතරම් රාජපක්ෂවාදී පංචස්කන්ධයක්දැයි දේශය පුවත්පතට ඇය විසින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක පහත සඳහන් ඇයගේම ප්‍රකාශ වලින් වටහා ගත හැකිය.
‘‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.
මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත‍්‍රශීලීත්වයෙන්ම කතා කළා.
ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප‍්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත‍්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’
මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සුන්දරිය ඊවා වනසුන්දර 2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතටය. ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි.
‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමග එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. … ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත‍්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා…’
---------------------------
by (2015-06-03 21:19:40)
Leave a Reply
rate neethiya ai munta bala nopanne.. weradi karuwanta danduwan denna thiyena ayathanaya me wage haraka lagina pot ekak welane thibune .. ai thama meka sudda karala dan naththe.
-- by anura s. a. on 2015-06-04
Go home you shameless ladies.
-- by Mervin Fernando on 2015-06-05
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි